ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ලෙවී කතාව පොතේ සාරාංශයක්

      • ධාන්‍ය පූජාව (1-16)

ලෙවී කතාව 2:1

පාදසටහන්

  • *

    ඒ කියන්නේ සුවඳ ද්‍රව්‍යයක්.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 9:17; ගණන් 15:2-4
  • +නික් 29:1-3; ලෙවී 6:14, 15; ගණන් 7:13

ලෙවී කතාව 2:2

පාදසටහන්

  • *

    හෝ, “සිහිගැන්වීමක් විදිහට.”

  • *

    හෝ, “දෙවියන්ව සතුටු කරන.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 5:25, 26

ලෙවී කතාව 2:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:9, 10
  • +ලෙවී 10:12; ගණන් 18:9

ලෙවී කතාව 2:4

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 8:26, 28; ගණන් 6:13, 19

ලෙවී කතාව 2:5

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:20, 21

ලෙවී කතාව 2:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 28:9

ලෙවී කතාව 2:9

පාදසටහන්

  • *

    හෝ, “සිහිගැන්වීමක් විදිහට.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 2:2; 5:11, 12
  • +නික් 29:38-41; ගණන් 28:4-6

ලෙවී කතාව 2:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 18:9

ලෙවී කතාව 2:11

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ පලතුරුවලින් ලබාගත්ත යුෂ ගැන මිසක් මීපැණි ගැන නෙමෙයි.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:14, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 11/2020, 1 පි.

    මුරටැඹ,

    5/15/2004, 21-22 පි.

ලෙවී කතාව 2:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:19; ගණන් 15:20; 2ලේක 31:5; හිතෝ 3:9

ලෙවී කතාව 2:13

හරස් යොමු දැක්වීම්

  • +එස 43:23, 24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2004, 22 පි.

    8/15/1999, 32 පි.

ලෙවී කතාව 2:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:16; 34:22; ගණන් 28:26

ලෙවී කතාව 2:16

පාදසටහන්

  • *

    හෝ, “සිහිගැන්වීමක් විදිහට.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 5:11, 12; 6:14, 15

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ලෙවී. 2:1ලෙවී 9:17; ගණන් 15:2-4
ලෙවී. 2:1නික් 29:1-3; ලෙවී 6:14, 15; ගණන් 7:13
ලෙවී. 2:2ගණන් 5:25, 26
ලෙවී. 2:3ලෙවී 7:9, 10
ලෙවී. 2:3ලෙවී 10:12; ගණන් 18:9
ලෙවී. 2:4ලෙවී 8:26, 28; ගණන් 6:13, 19
ලෙවී. 2:5ලෙවී 6:20, 21
ලෙවී. 2:6ගණන් 28:9
ලෙවී. 2:9ලෙවී 2:2; 5:11, 12
ලෙවී. 2:9නික් 29:38-41; ගණන් 28:4-6
ලෙවී. 2:10ගණන් 18:9
ලෙවී. 2:11ලෙවී 6:14, 17
ලෙවී. 2:12නික් 23:19; ගණන් 15:20; 2ලේක 31:5; හිතෝ 3:9
ලෙවී. 2:13එස 43:23, 24
ලෙවී. 2:14නික් 23:16; 34:22; ගණන් 28:26
ලෙවී. 2:16ලෙවී 5:11, 12; 6:14, 15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ලෙවී කතාව 2:1-16

ලෙවී කතාව

2 “‘කෙනෙක් යෙහෝවාට ධාන්‍ය පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු ඒ පූජාව සඳහා සිහින්ව කොටාගත්ත පිටි ගෙනා යුතුයි. ඔහු පිටිවලට තෙල් වක් කරලා ඒකට උඩින් කට්ටකුමංජල්* දැමිය යුතුයි.+ 2 ඔහු ඒක පූජකයන් වන ආරොන්ගේ පුතාලා ළඟට ගෙනා යුතුයි. පූජකයා ඒ පූජාවෙන් අහුරක් ගත යුතුයි. සිහින් පිටි, තෙල් සහ කට්ටකුමංජල් සියල්ල ඇතුළත් ඒ අහුර මුළු පූජාව නියෝජනය කරන්න*+ ඔහු පූජාසනය මත දැවිය යුතුයි. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි* සුවඳක් විදිහට සලකනවා. 3 ධාන්‍ය පූජාවෙන් ඉතුරු වෙන කොටස ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි අයිති වෙනවා.+ ඒක යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් ගත්ත කොටසක්. ඒ නිසා ඒක ඉතා ශුද්ධයි.+

4 “‘ඔබ උදුනේ පුලුස්සපු දෙයක් ධාන්‍ය පූජාවක් හැටියට ඔප්පු කරනවා නම් ඒවා සෑදිය යුත්තේ සිහින්ව කොටාගත්ත පිටිවලින්. ඒ සඳහා තෙල් මිශ්‍ර කරලා හදපු මුද්දක හැඩැති මුහුන් නොදැමූ රොටි හරි තෙල් තවරපු මුහුන් නොදැමූ තුනී රොටි හරි ගෙනා යුතුයි.+

5 “‘ඔබ තැටියක පුලුස්සපු දෙයක්+ ධාන්‍ය පූජාවක් හැටියට ඔප්පු කරනවා නම් ඒ සඳහා මුහුන් මිශ්‍ර කරලා නැති සිහින්ව කොටාගත්ත පිටි සහ තෙල් මිශ්‍ර කරලා හදපු රොටි ගෙනා යුතුයි. 6 ඔබ ඒක කෑලිවලට කඩලා ඒකට තෙල් වක් කළ යුතුයි.+ ඒක ධාන්‍ය පූජාවක්.

7 “‘ඔබ තාච්චියක බැදපු දෙයක් ධාන්‍ය පූජාවක් හැටියට ඔප්පු කරනවා නම් සිහින්ව කොටාගත්ත පිටි සහ තෙල් මිශ්‍ර කරලා ඒක හදාගන්න. 8 ඔබ ඒ විදිහට පිළියෙල කරගත්ත ධාන්‍ය පූජාව යෙහෝවා ඉස්සරහට ගේන්න. ඒක පූජකයාට භාර දෙන්න. පූජකයා ඒක පූජාසනය ළඟට ගෙන යයි. 9 පූජකයා ධාන්‍ය පූජාවෙන් කොටසක් අරගෙන මුළු පූජාවම නියෝජනය කරන්න*+ ඒක පූජාසනය මත දැවිය යුතුයි. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි සුවඳක් විදිහට සලකනවා.+ 10 ධාන්‍ය පූජාවෙන් ඉතුරු වෙන කොටස ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි අයිති වෙනවා. ඒක යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් ගත්ත කොටසක්. ඒ නිසා ඒක ඉතා ශුද්ධයි.+

11 “‘ඔබ යෙහෝවා ඉස්සරහට ගේන කිසිම ධාන්‍ය පූජාවකට මුහුන් මිශ්‍ර නොකළ යුතුයි.+ යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවක් හැටියට මුහුන්වත් පැණිවත්* පූජාසනය මත දවන්න ඔබට අවසර නැහැ.

12 “‘ඔබට ඒවා මුල්ම පලවලින්+ දෙන පූජාවක් විදිහට යෙහෝවා ඉස්සරහට ගේන්න පුළුවන්. ඒත් මිහිරි සුවඳක් ගේන පූජාවක් විදිහට ඒවා පූජාසනය මත නොදැවිය යුතුයි.

13 “‘ඔබ ඔප්පු කරන සෑම ධාන්‍ය පූජාවකටම ලුණු මිශ්‍ර කළ යුතුයි. ඔබේ දෙවියන් ඔබ එක්ක ඇති කරගත්ත ගිවිසුම ඔබට සිහි කරවන ලුණු ඔබේ ධාන්‍ය පූජාවලට දාන්න අමතක කරන්න එපා. ඔබ ඔප්පු කරන හැම පූජාවක් එක්කම ලුණු ඔප්පු කරන්න.+

14 “‘ඔබ යෙහෝවාට මුල්ම පලදාවෙන් ධාන්‍ය පූජාවක් ඔප්පු කරනවා නම් නැවුම් කරල්වලින් ධාන්‍ය අරගෙන ඒවා බැදලා පොඩි කරලා ගෙනා යුතුයි.+ 15 ඔබ ඒකට තෙල් වක් කරලා ඒකට උඩින් කට්ටකුමංජල් දැමිය යුතුයි. ඒක ධාන්‍ය පූජාවක්. 16 පූජකයා පොඩි කරලා තියෙන ධාන්‍යවලින් සහ තෙල්වලින් ටිකකුයි, කට්ටකුමංජල් සියල්ලයි අරගෙන ඒක මුළු පූජාව නියෝජනය කරන්න*+ පූජාසනය මත දැවිය යුතුයි. ඒකෙන් නඟින දුම ඉහළට නැඟිය යුතුයි. ඒක යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවක්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න