ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 3/1 8 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යේසුස්ගේ දේහය තැන්පත් කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සිකුරාදා තැන්පත් කළ දේහය ඉරිදා අතුරුදහන් වෙයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ඔබ දැන සිටියාද?
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “පාද නොව, මුඛය පෝෂණය කරන්න”
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 3/1 8 පි.

ඔබ දැන සිටියාද?

මුල් සියවසේදී යුදෙව්වන් දේහයක් තැන්පත් කරන්න කලින් දේහය සූදානම් කළේ කොහොමද?

මිය ගිය කෙනෙකුගේ දේහය එදාම තැන්පත් කිරීම අතීතයේ සිටි යුදෙව්වන්ගේ සිරිතයි. එසේ කිරීමට හේතු දෙකක් තිබුණා. එකක් නම් මැදපෙරදිග රටවල වියළි කාලගුණයක් තිබුණු නිසා මෘතදේහ ඉක්මනින්ම නරක් වීමයි. දෙවෙනි එක නම් දේහයක් දවස් ගාණක් තබාගැනීම මිය ගිය කෙනාටත් ඔහුගේ පවුලේ අයටත් කරන අගෞරවයක් කියා ඔවුන් සිතීමයි.

මිය ගිය අයව ඒ දවසේම තැන්පත් කළ සිද්ධීන් හතරක් පමණ සුවිශේෂ පොත්වල හා ක්‍රියා පොතේ සඳහන් වෙනවා. (මතෙව් 27:57-60; ක්‍රියා 5:5-10; 7:60–8:2) ඈත අතීතයේ ජීවත් වුණු යාකොබ් පවා ඒ දේ කළා. ඔවුන් වෙන ප්‍රදේශයකට යන අතරමඟදී ඔහුගේ ආදරණීය බිරිඳ වුණු රාකෙල් මිය ගියා. ඒ වෙලාවේ යාකොබ් ඇගේ දේහය පවුලේ අනිත් අයව තැන්පත් කරන ස්ථානයටම ගෙන යනවා වෙනුවට ‘බෙත්ලෙහෙම වෙතට යන මාර්ගය අසල ඇයව භූමදානය කළා.’—උත්පත්ති 35:19, 20, 27-29.

දේහයක් තැන්පත් කරන්න කලින් එය සූදානම් කරන්න යුදෙව්වන් හුඟක් වෙහෙසුණු බව බයිබලයේ සඳහන් සිද්ධීන්වලින් පැහැදිලි වෙනවා. පවුලේ අය හා මිතුරන් එකතු වී දේහය සෝදා, සුවඳ ද්‍රව්‍ය හා තෙල් ආලේප කර එය රෙදිවලින් එතුවා. (යොහන් 19:39, 40; ක්‍රියා 9:36-41) වියෝ දුකෙන් සිටින පවුලේ අය සමඟ ශෝකය බෙදාගන්න අසල්වාසීන් හා තවත් අය ඔවුන්ගේ නිවසට ආවා.—මාක් 5:38, 39.

තැන්පත් කිරීමට කලින් යේසුස්ගේ දේහයත් සූදානම් කළාද?

ඒ කාලයේ යුදෙව්වන් මෘතදේහ තැන්පත් කළේ ගුහාවල. එය ආදි කාලයේ පටන් ඔවුන්ගේ සිරිතක්ව තිබුණා. උදාහරණයකට, ආබ්‍රහම්, සාරා, ඊසාක් හා යාකොබ් වැනි අයව තැන්පත් කළේ මක්පේලා නම් ඉඩමේ තිබුණු ගුහාවේ බව බයිබලයේ සඳහන් වෙනවා.—උත්පත්ති 23:19; 25:8, 9; 49:29-31; 50:13.

යේසුස්ව තැන්පත් කළෙත් පර්වතයක කැපූ සොහොන් ගෙයක හෙවත් ගුහාවක. (මාක් 15:46) සාමාන්‍යයෙන් ඒ වගේ ගුහාවකට ඇතුල් වෙන්න තිබුණේ පොඩි දොරටුවක්. පවුලේ අයගේ මෘතදේහ තැන්පත් කළ හැකි ආකාරයට ගුහාවේ බිත්තියේ තැනින් තැන කුහර කපා තිබුණා. එසේ තැන්පත් කළ දේහයක් දිරාපත් වූ පසු ඉතුරු වූ ඇටකටු වෙනම පෙට්ටියකට දැමුවා. එසේ කිරීමෙන් පවුලේ වෙනත් කෙනෙකුව තැන්පත් කරන්න ඉඩ ලැබුණා.

සබත් දවසේදී කිසිම වැඩක් කරන්න අවසර නොතිබුණු නිසා එදින අවමංගල්‍ය චාරිත්‍ර කරන්න හැකි වුණේ නැහැ. යේසුස් මිය ගියේ සබත් දවස ආරම්භ වෙන්න පැය තුනකට කලිනුයි. ඒ නිසා අරිමාතියෙන් පැමිණි යෝසෙප්ට සහ අනිත් අයට යේසුස්ගේ ශරීරය තැන්පත් කිරීමට කලින් සම්පූර්ණයෙන් සූදානම් කිරීමට හැකි වුණේ නැහැ. (ලූක් 23:50-56) ඒ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ඇතැම් අය සබත් දවසෙන් පස්සේ යේසුස්ව තැන්පත් කළ ස්ථානයට ගියා.—මාක් 16:1; ලූක් 24:1.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න