උනන්දුව දැක්වූ අයව නැවත ගොස් බලමු
1. පුද්ගලයෙකු සත්‍යය තුළ දියුණු වීමට අවශ්‍ය නම් අප කළ යුතු වන්නේ කුමක්ද?
1 බීජයක් පැළ වී වර්ධනය වීමට නම් ඊට වතුර දැමීම අත්‍යවශ්‍යයි. අපට හමු වන මිනිසුන්ගේ හදවත් තුළ පැළ කරන සත්‍යය බීජ මුල් ඇදීමට නම් ඒ හා සමාන කාර්යයක් කළ යුතුයි. (1 කොරි. 3:6) පුද්ගලයෙකු සත්‍යය තුළ හොඳින් වැඩී පල දැරීම දක්වා දියුණු වීම අපේ බලාපොරොත්තුව නම් පැළයකට වතුර දමනවා හා සමානව නැවත බැලීම් කිරීම ඉතා වැදගත්.
2. නැවත බැලීමකට අඩිතාලමක් දැමීම සඳහා සූදානම් විය හැක්කේ කෙසේද?
2 ප්‍රශ්නයක් අසන්න: දේවසේවය සඳහා සූදානම් වන විට නැවත බැලීමකට අඩිතාලමක් දැමිය හැකි නිවැසියාගේ උනන්දුව ඇති කරන ප්‍රශ්නයක්ද සූදානම් විය හැකියි. බයිබල් ඉගැන්වීම් පොතේ තිබෙන තොරතුරක් මත ගොඩනැඟූ ප්‍රශ්නයක් ඇසීමෙන් බයිබල් පාඩමක් ආරම්භ කිරීම පහසු බව බොහෝදෙනාගේ අද්දැකීමයි. දේශනා කළ පසුව උනන්දුව ඇති වන ආකාරයේ ප්‍රශ්නයක් අසා ඒ ගැන සාකච්ඡා කිරීමට වෙනත් දවසක් සැලසුම් කරගන්න.
3. නිවැසියා පිළිබඳව සටහන් කරගත හැකි තොරතුරු මොනවාද?
3 වාර්තාවක් තබාගන්න: යම් කෙනෙකුට දේශනා කළ පසුව ඔහු පිළිබඳ තොරතුරු හැකි විගස සටහන් කරගන්න. ඔහුගේ නම, ලිපිනය, ඔහුව මුණගැසුණු දිනය, කතා කළ විෂය සහ ඔහුට දුන් ප්‍රකාශන ගැන ලියාගන්න. ඒ වගේම ඔහුගේ ආගම, ඔහු විවාහකයෙක්ද, ඔහු උනන්දුව දක්වන්නේ මොන වගේ විෂයන්වලටද වැනි තොරතුරුද සටහන් කරගැනීම ඉදිරි සාකච්ඡාවන් සඳහා ඔබට ප්‍රයෝජනවත් වෙයි. ඔබ නැවත පැමිණෙන්න යොදාගත් දිනය සහ ඇසූ ප්‍රශ්නයත් සටහන් කරගන්න.
4. උනන්දුව දැක්වූ පුද්ගලයන්ව නැවත හමු වීමට යෑම අත්‍යවශ්‍ය වන්නේ ඇයි?
4 උත්සාහය අත් නොහරින්න: සාතන් සෑමවිටම වෑයම් කරන්නේ මිනිසුන්ගේ ‘සිත් තුළ තිබෙන පණිවිඩය පැහැරගැනීමටයි.’ (මාක් 4:14, 15) ඒ නිසා නැවත බැලීමට යන විට නිවැසියා නොසිටියොත් අධෛර්යය වෙන්න එපා. ඔහුට ලිපියක් යැවීමට හෝ කෙටි සටහනක් නිවසේ තබා යන්න ඔබට හැකිද? පුරෝගාමී සහෝදරියක් කාන්තාවක් සමඟ බයිබල් පාඩමක් ආරම්භ කළා. ඊළඟ වතාවේ යන විට ඇය නිවසේ සිටියේ නැහැ. පසුව සහෝදරිය ඇයට ලිපියක් යැව්වා. අවසානයේදී ඇයට කාන්තාව මුණගැසුණා. පුරෝගාමී සහෝදරිය දැක්වූ සැලකිල්ල ඇගේ සිතට කොතරම් කාවැදුණාද කියා පසුව ඇය පැවසුවා. අපි සත්‍යය නමැති බීජ පැළ කර සාර්ථක ලෙස නැවත බැලීම් කරනවා නම් අවසානයේදී “සමහරුන් තිස් ගුණයකින්ද සමහරුන් හැට ගුණයකින්ද තවත් සමහරුන් සිය ගුණයකින්ද පල දරනවා” දැකීමෙන් අපේ සතුට තවත් වැඩි වෙයි.—මාක් 4:20.