ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 3/8 15-17 පි.
  • බටහිරට, එනම් යුරෝපය තුළට යෑම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බටහිරට, එනම් යුරෝපය තුළට යෑම
  • 1995 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යුරෝපයේ දුර බැහැර පෙදෙස් දක්වා
  • බෙදුණු නිවසක මිෂනාරිවරුන්
  • වැඩි වර්ධනය කරන ලද මිෂනාරි සේවය
  • “අඳුරු මහාද්වීපයට” ආත්මික ආලෝකය?
    1995 පිබිදෙව්!
  • ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරු සියල්ල ඇරඹූ ස්ථානය කරා යළි ගමනේ
    1995 පිබිදෙව්!
  • අදදින සැබෑ ගෝලයන් සෑදීම
    1995 පිබිදෙව්!
  • මිෂනාරිවරු ඔවුහු කවරහු විය යුතුද?
    1995 පිබිදෙව්!
තව තොරතුරු
1995 පිබිදෙව්!
g95 3/8 15-17 පි.

මිෂනාරිවරු ආලෝකයේ නියෝජිතයෝද අන්ධකාරයේ නියෝජිතයෝද?—2වන කොටස

බටහිරට, එනම් යුරෝපය තුළට යෑම

යේසුස්වහන්සේගේ මිෂනාරි කටයුත්ත කරගෙන යෑමට තිබුණි නම්, ක්‍රිස්තු ධර්මයේ පණිවිඩය සමඟින් ලොව පුරා ජනයා වෙත ළඟාවන්ට තිබුණි. (මතෙව් 28:19; ක්‍රියා 1:8) මිෂනාරි ගමන් තුනෙන් දෙවන ගමනේදී ප්‍රේරිත පාවුල් දුටු දර්ශනයකින් මෙම කාරණය අවධාරණය කෙරිණ, ඔහුට මෙසේ ආයාචනා කරනු ලැබීය: “මකිදෝනියට ඇවිත් අපට උපකාරකරන්[න].”—ක්‍රියා 16:9, 10.

පාවුල් එම ආරාධනය පිළිගත් අතර, පො.යු. 50දී පමණ, යුරෝපීය නගරයක් වූ පිලිප්පියේ දේශනා කිරීමට ඔහු එහි ගොඩබැස්සේය. ලිදියා සහ ඇගේ නිවැසියන් ඇදහිලිවන්තයන් බවට පත්වූ අතර, සභාවක් පිහිටුවනු ලැබීය. මුළු යුරෝපය හරහා ක්‍රිස්තු ධර්මයේ ජයග්‍රාහී ගමනේදී එය පළමු නැවතුම පමණක් විය. පසුව පාවුල්ම ඉතාලියේ, සමහර විට ස්පාඤ්ඤයේ පවා දේශනා කළේය.—ක්‍රියා 16:9-15; රෝම 15:23, 24.

එහෙත් ක්‍රිස්තු ධර්මයේ එකම මිෂනාරිවරයා පාවුල් පමණක් නොවීය. කර්තෘ ජේ. හර්බර්ට් කේන් මෙසේ සටහන් කරයි: “ඉතිහාසයේ නම් වාර්තා නොවූ වෙනත් බොහෝ අය සිටියා විය යුතුයි. . . . ප්‍රේරිතයන්ගේ ක්‍රියා මුළු ඉතිහාසයම නොපවසයි.”—ඒ ග්ලෝබල් වියූ ඔෆ් ක්‍රිස්ටියන් මිෂන්ස් ෆ්‍රොම් පෙන්ටිකොස්ට් ටු ද ප්‍රෙසන්ට්.

කෙසේවුවද, විදේශ රටවල මිෂනාරිවරුන් වශයෙන් යේසුස්වහන්සේගේ අනික් අනුගාමිකයන් කෙතෙක් දුරට සේවය කළාදැයි අපි නොදනිමු. තෝමස් ඉන්දියාවට ගිය බවටත්, එවැන්ජලිස්ත මාර්ක් ඊජිප්තුවට ගිය බවටත් ඇති සම්ප්‍රදායි විශ්වාසයන් සනාථ කළ නොහැක. අප දන්නා දෙයක් වන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයන් සියලු දෙනාටම මිෂනාරි ස්ප්‍රීතුව තිබුණු බවත්, අඩුම තරමින් ඔවුන්ගේම රටේ ඔවුන් සියල්ලන්ම මිෂනාරි වැඩයේ යෙදුණු බවත්ය. කේන් සටහන් කරන ආකාරයට: “මෙම ඓතිහාසික සිද්ධිය [පෙන්තකොස්ත දිනය] ක්‍රිස්තියානි සභාවේ පටන්ගැන්මත්, මිෂනාරි ගමනේ දියත් කිරීමත් සලකුණු කළේය. මන්ද ඒ දවස්වල සභාව මිෂනාරි සේවයක් වූ බැවිනි.”

යුරෝපයේ දුර බැහැර පෙදෙස් දක්වා

යුදෙව්වෝ එකම සැබෑ දෙවියන්වහන්සේට නමස්කාරය දීම කෙරෙහි විශ්වාසය තැබූහ. ඔවුන් සිය බලාපොරොත්තු තැබුවේ පොරොන්දු වූ මෙසියස්වහන්සේ කෙනෙකු මතය. ඔවුහු හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි දෙවියන්වහන්සේගේ සත්‍ය වචනය ලෙස පිළිගත්හ. මෙබැවින්, යුදෙව්වන් විසිර ගිය රටවල පුරවැසියන් හට මෙම විශ්වාසයන් ගැන යම් අයුරකින් හුරුබවක් තිබුණි. මේවා ක්‍රිස්තියානීන්ට සහ යුදෙව්වන්ට පොදුවේ තිබුණු නමස්කාරයේ පැති බැවින්, ක්‍රිස්තු ධර්මයේ පණිවිඩය ප්‍රකාශයට පැමිණි විට, එය සම්පූර්ණයෙන්ම අලුත් නොවීය. කේන් පවසන පරිදි, “ක්‍රිස්තියානි මිෂනාරිවරු ශුභාරංචිය දේශනා කරමින් සහ සභා පිහිටුවමින් රෝමානු ලෝකය පුරා ගමන් කළ විට, මෙම සාධක අතිමහත් උපකාරයක් විය.”

මෙබැවින් යුදෙව්වන්ගේ ව්‍යාප්තිය ක්‍රිස්තු ධර්මයට මාර්ගය පිළියෙළ කළේය. ක්‍රිස්තියානීන්ට මිෂනාරි ස්ප්‍රීතුව තිබූ නිසා ක්‍රිස්තු ධර්මය ශීඝ්‍රයෙන් පැතිර යෑමක් සිදුවිය. “ගිහියන් විසින් ශුභාරංචිය දේශනා කරන ලදි,” යයි කේන් පවසන්නේ මෙසේ සඳහන් කරමින්ය: “ඔවුහු ගිය ගිය තැන්වල ඔවුන් සොයාගත් නව ඇදහිල්ල මිතුරන්, අසල්වාසීන් හා අමුත්තන් සමඟ ප්‍රීතියෙන් බෙදාගත්හ. ඉතිහාසඥ විල් ඩුරැන්ට් මෙසේ පැහැදිලි කරයි: “විප්ලවවාදියෙකු සතු බලවත් උනන්දුවකින් හැරුණු සෑම කෙනෙකුම පාහේ, ප්‍රචාරය කිරීම තමාගේ වගකීම බවට පත්කරගත්තේය.”

පොදු යුගයේ 300 පමණ වන විට, රෝමානු අධිරාජ්‍යය පුරා දූෂිත වූ ආකාරයක ක්‍රිස්තු ධර්මයක් පුළුල්ව පැතිර තිබුණි. එවැනි දූෂණයක්, නිර්මල නමස්කාරයෙන් වැටී යෑමක් ගැන පුරෝකතනය කර තිබුණි. (2 තෙසලෝනික 2:3-10) ඇත්තෙන්ම ඇදහිල්ල අත්හැරයෑමක් සිදුවිය. ඩුරැන්ට් පැහැදිලි කරන පරිදි: “ක්‍රිස්තු ධර්මය මිථ්‍යාදෘෂ්ටිය විනාශ කළේ නැත; එය භාරගත්තේය.”

ක්‍රිස්තියානීන් යයි කියා සිටි අය සැබෑ ක්‍රිස්තු ධර්මයෙන් තව තවත් ඉවතට ගසාගෙන ගිය විට, වැඩිදෙනෙකුට මිෂනාරි ස්ප්‍රීතුව නැතිවී ගියේය. කෙසේවුවත්, මිෂනාරි ස්ප්‍රීතුවක් තිබූ කෙනෙකු වූයේ හතරවන ශතවර්ෂයේ අවසාන භාගයේදී පමණ බ්‍රිතාන්‍යයේ කතෝලික දෙමව්පියන්ට ඉපදුණු දරුවෙකුය. පැට්රික් නමැති ඔහු ප්‍රසිද්ධව සිටින්නේ ක්‍රිස්තුස්වහන්සේගේ පණිවිඩය යුරෝපයේ බටහිර අද්දරට—එනම් අයර්ලන්තයට ගෙන ගිය බවටය, එහිදී ඔහු දහස් ගණන් ජනයා ක්‍රිස්තු ධර්මයට හැරෙවූ අතර සභා පිහිටෙවූ බවට ප්‍රබන්ධ කථාවල සඳහන් වේ.

වැඩිකල් නොගොස් අයර්ලන්තය මිෂනාරි වැඩයෙහි පෙරමුණ ගත්තේය. කේන් පවසන ආකාරයට, “එහි මිෂනාරිවරු දැවෙන ජ්වලිතයකින් යුතුව මිථ්‍යාදෘෂ්ටියට එරෙහිව සටන් කිරීමෙහි සංයමයකින් තොරව නිරත වූහ.” මේ මිෂනාරිවරුන්ගෙන් කෙනෙකු වූයේ පෙනෙනාකාරයට ස්කොට්ලන්තය හැරවීමෙහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ කොලම්බාය. පොදු යුගයේ 563දී පමණ, ඔහු සහ සහයකයන් 12දෙනෙකු ස්කොට්ලන්තයේ බටහිර වෙරළේ දූපතක් වූ අයෝනාවල ආශ්‍රමයක් පිහිටෙවූ අතර, එය මිෂනාරි සේවයේ මධ්‍යස්ථානයක් බවට පත්විය. කොලම්බා පො.යු. 600ට ස්වල්ප කලකට පෙර මියගිය නමුත්, ඊළඟ වසර 200 පුරා, අයෝනාවල සිට බ්‍රිතාන්‍ය දූපත්වල හා යුරෝපයේ සියලු කොටස්වලට නොකඩවාම මිෂනාරිවරුන් යවනු ලැබීය.

නාමික ක්‍රිස්තු ධර්මය එංගලන්තයට පැතිර ගිය පසු, ක්‍රිස්තු ධර්මයට හැරුණු ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් සමහරු අයර්ලන්ත ජාතිකයන්ගේ මිෂනාරි ස්ප්‍රීතුව අනුකරණය කළ අතර, ඔවුහුම මිෂනාරිවරු බවට පත්වූහ. උදාහරණයක් වශයෙන්, පො.යු. 692දී, උතුරු එංගලන්තයෙහි පැරණි ඇංග්ලෝ-සැක්සන් රාජ්‍යයක් වූ නෝර්තම්බ්‍රියාවෙන් පැමිණි විලබ්‍රෝඩ් සහ සහයකයන් 11දෙනෙක් නෙදර්ලන්තය, බෙල්ජියම සහ ලක්සම්බර්ග් යන රටවලට ගිය ප්‍රථම ඉංග්‍රීසි මිෂනාරිවරුන් බවට පත්වූහ.

අටවන ශතවර්ෂයේ මුල් භාගයේදී, ඉංග්‍රීසි ජාතික බෙනඩික්ට් පූජක නිකායේ, පූජක බොනිෆස්, සිය අවධානය ජර්මනිය වෙත යොමු කළේය. බොනිෆස්ගේ “වසර හතළිහක් දක්වා දිවෙන දීප්තිමත් මිෂනාරි වෘත්තිය, ජර්මනියට ගිය ප්‍රේරිතවරයා යන පදවි නාමය ඔහුට උපදවා දුන්” අතර ඔහුව “අඳුරු යුගවල උතුම්ම මිෂනාරිවරයා” කිරීමට උපකාරවත් විය. බොනිෆස් 70 පසු කළ විට, ඔහු සහ සහයකයන් 50දෙනෙකු පමණ ෆ්‍රිසියානු නොඇදහිලිකාරයන් විසින් මරණයට පත් කරන ලදි.

කතෝලික ධර්මයට හැරවීම සඳහා බොනිෆස් සාර්ථක ලෙස යොදාගත් ක්‍රමයක් ගැන දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් විස්තර කරයි: “ගයිස්මාර්වලදී [ජර්මනියේ ගටින්ජෙන් අසලදී] ඔහු තෝර් දෙවියන්ගේ ශුද්ධ අලෝන ගස කපා දැමීමට තරම් නිර්භීත වූයේය. . . . [ඔහු] ජනතාවගේ ජර්මානු දෙවියාගෙන් පළිගැනීමක් නොවින්ද [විට], ඔහු දේශනා කළ දෙවියා නමස්කාරය සහ ගෞරවය දිය යුතු සැබෑ දෙවියන් බව පැහැදිලි විය.”

ප්‍රතිඵල ලැබෙනවා නම් කුමන ක්‍රමයක් වුවත් යුක්තිසහගත යයි සිතමින් සමහර මිෂනාරිවරු වෙනත් ක්‍රම යොදාගත්හ. ජර්මානු සැක්සන්වරුන්ගේ හැරීම, “සදාචාර හෝ ආගමික ඒත්තුගැන්වීමට වඩා හමුදා විජයග්‍රහණයක් මගින් ක්‍රියාත්මක වූ බව” කේන් පිළිගනියි. ඔහු තවදුරටත් මෙසේ පවසයි: “සභාව සහ රජය අතර ඇති වූ අශුද්ධ එකතුවීම . . . ආත්මික ප්‍රතිඵල අත්කරගැනීම සඳහා ශරීරයට වධහිංසා පමුණුවන ක්‍රම යොදාගැනීමට සභාව පෙලඹුණි. මෙම ප්‍රතිපත්තිය වඩාත්ම විනාශකාරි වූයේ ක්‍රිස්තියානි මිෂනාරි සේවයේ කටයුතුවලදීය, විෂේශයෙන්ම සැක්සන්වරුන් අතර මෙය සැබෑවක් විය. . . . කෲරකම් සිදු කෙරුණි.” තවද මිෂනාරිවරුන් ස්කැන්ඩිනේවියාවට ගිය විට, “සංක්‍රමණය බෙහෙවින් සාමකාමීව තිබුණි; නෝර්වේවල පමණක් බලය යොදාගනු ලැබූ,” බව අපට පවසා ඇත.

බලය යොදාගැනීම? කෲරකම් කිරීම? ආත්මික අභිමතාර්ථ අත්කරගැනීම සඳහා ශරීරයට වධ හිංසා පමුණුවාගැනීම? ආලෝකයේ නියෝජිතයන් වශයෙන් සේවය කරන මිෂනාරිවරුන්ගෙන් අප අපේක්ෂා කළ යුත්තේ මේ දෙයද?

බෙදුණු නිවසක මිෂනාරිවරුන්

රෝමයේ සහ කොන්ස්තන්තිනෝපල්හි පිළිපැදූ නාමික ක්‍රිස්තු ධර්මයේ ශාඛා දෙකක් මගින් වෙන වෙනම මිෂනාරි ව්‍යාපාර පවත්වන ලදි. බල්ගේරියාව “ක්‍රිස්තියානි” රටක් කිරීමට ඔවුන්ගේ උත්සාහයන් ආගමික වශයෙන් බෙදුණු නිවසක සැබෑ වියවුලකට මඟ පෑදීය. බල්ගේරියාවේ පාලක, Iවන බොරිස්, ග්‍රීක ඔර්තඩොක්ස් ධර්මයට හැරුණේය. කෙසේවුවද, කොන්ස්තන්තිනෝපල් බල්ගේරියානු සභාවේ නිදහස ඉතා දැඩි ලෙස සීමා කළ ආකාරය දුටු විට, ඔහු රෝමය නියෝජනය කරන ජර්මන් මිෂනාරිවරුන්ට ඔවුන්ගේ ක්‍රිස්තු ධර්මයේ අනුවාදය ගෙන ඒමට අවසර දෙමින් බටහිරට හැරුණේය. පොදු යුගයේ 870 වන විට, බටහිර සභාව නැගෙනහිර සභාවටත් වඩා වැඩියෙන් සීමාවලින් ගහණ වූ බව පැහැදිලි වූ බැවින් ජර්මන් ජාතිකයන්ව පහ කරනු ලැබූ අතර බල්ගේරියාව නැගෙනහිර ඔර්තඩොක්ස් ලබ්ධිය යළි වැළඳගත්තේය. ආගමික වශයෙන්, එවක් පටන් මේ වන තෙක් එය එතුළ පැවත තිබේ.

ඒ කාලයේදීම අපරදිග මිෂනාරිවරු හංගේරියාවට “ක්‍රිස්තු ධර්මය” හඳුන්වා දෙමින් සිටියහ. ඒ අතරතුරේදී, “ක්‍රිස්තු ධර්මයේ” නිකායන් දෙකම පෝලන්තයේ අනුබලය ලබමින් සිටියහ. දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් අනුව, “පෝලන්ත ජාතිකයන්ගේ සභාව සාමාන්‍යයෙන්ම පැවතියේ අපරදිග පාලනය යටතේ වූ අතර ඒ සමඟම සැලකිය යුතු ලෙස පෙරදිග බලපෑමක් දක්නට ලැබීය.” ලිතුවේනියා, ලැට්වියා සහ එස්ටෝනියාද “සියලුම ආගමික ප්‍රතිවිපාක සමඟ බටහිර සහ නැගෙනහිර විරෝධය අතරට හසුවිය.” තවද 11වන ශතවර්ෂයේ අගභාගයේදී සහ 12වන ශතවර්ෂයේ මුල්භාගයේදී ෆින්ලන්තය “ක්‍රිස්තු ධර්මය” වැළඳගත් පසු නැගෙනහිර-බටහිර අතර වූ එම “කඹ ඇදීමට” තමුන් හසුවී තිබුණු බව දක්නට ලැබුණි.

නවවන ශතවර්ෂය තුළදී, තෙසලෝනිකයේ ඉහළපෙළේ ග්‍රීක් පවුලක සහෝදරයෝ දෙදෙනෙක්, යුරෝපයේ සහ ආසියාවේ ස්ලාවික් කොටස්වලට බයිසැන්ටයින් “ක්‍රිස්තු ධර්මය” රැගෙන ආහ. කොන්ස්ටන්ටයින් ලෙසද හැඳින්වෙන සිරිල් සහ මිතෝඩියස් “ස්ලාව් ජාතිකයන් වෙත පැමිණි ප්‍රේරිතයන්” ලෙස ප්‍රසිද්ධියට පත්වූහ.

සිරිල් ඉටුකළ එක දෙයක් වූයේ ස්ලාව් ජාතිකයන් වෙනුවෙන් ඔහු ලිඛිත භාෂාවක් ක්‍රමක්‍රමයෙන් නිර්මාණය කිරීමය. සිරිලික් හෝඩිය ලෙසින් ප්‍රසිද්ධ එහි හෝඩිය, හෙබ්‍රෙව් සහ ග්‍රීක් අකුරු මත පදනම් වී තිබෙන අතර තවමත් රුසියන්, යුක්රේනියන්, බල්ගේරියන් සහ සර්බියන් වැනි භාෂාවල භාවිත කෙරේ. මෙම සහෝදරයන් දෙදෙනා බයිබලයේ කොටස්, නව ලිඛිත භාෂාවට පරිවර්තනය කළ අතර, ස්ලාව් භාෂාවෙන් දේව මෙහෙයද හඳුන්වා දුණි. මෙය දේව මෙහෙය ලතින්, ග්‍රීක් සහ හෙබ්‍රෙව් භාෂාවලින් පැවැත්වීමට වුවමනා වූ බටහිර සභාවේ ප්‍රමිතියට පටහැනි විය. කර්තෘ කේන් මෙසේ පවසයි: “නමස්කාරයේදී ස්වභාෂාව භාවිතය කොන්ස්තන්තිනෝපල් විසින් දිරිගැන්වූ පුරුද්දක් වූ නමුත් රෝමය විසින් හෙළා දක්නා ලදි. මෙය අලුත් වෙනස්වීමක් වූ අතර ඉන් පූර්වාදර්ශයක් ස්ථාපිත කරන ලදි, දහනවවන ශතවර්ෂයේ සහ විසිවන ශතවර්ෂයේ නවීන මිෂනාරි ව්‍යාපාරය තුළ මෙය සම්පූර්ණයෙන්ම වැඩි වර්ධනය විය.”

දහවන ශතවර්ෂයේ අවසානභාගයේදී නාමික ක්‍රිස්තු ධර්මය, කලින් සෝවියට් සමූහාණ්ඩුව යයි දැන් හඳුන්වන ප්‍රදේශ තුළට හඳුන්වා දෙනු ලැබ තිබුණි. සම්ප්‍රදායට අනුව, යුක්රේන්, කියේව්හි ව්ලඩීමියර් කුමාරයා පො.යු. 988හි බව්තීස්ම විය. යුදෙව් සහ ඉස්ලාම් ධර්මයන් තෝරා නොගෙන ඔහු බයිසැන්ටයින් ක්‍රමයේ “ක්‍රිස්තියානි” ආගම තෝරාගත්තේ බලාපොරොත්තුවේ සහ සත්‍යයේ යම් පණිවිඩයක් නිසා නොව, නමුත් එහි සිත්ගන්නා වත්පිළිවෙත් නිසා බවට පැවසේ.

ඇත්තටම, කීපිං ද ෆේත්ස්—රිලිජන් ඇන්ඩ් අයිඩියොලජි ඉන් ද සෝවියට් යූනියන් පවසන පරිදි “ව්ලඩීමියර්ගේ හැරීම සිදුවූ අවස්ථාව ගත් කල, ඔහු සිය දේශපාලනික අභිලාෂයන් ඉටුකරගැනීම සඳහා නව ආගම වැළඳගත් බව යෝජනා කරන අතර, මෙසේ රුසියානු ඔර්තඩොක්ස් සභාවේ ඉතිහාසය පුරා ඇත්තෙන්ම අඛණ්ඩ සම්ප්‍රදායක් අරඹන ලදි.” එවිට පොත මෙම බැරෑරුම් ලෙස සැලකිය යුතු සිතුවිල්ල එකතු කරයි: “ආණ්ඩුව පල්ලියේ පිළිවෙතට බාධා පැමිණෙවූ අවස්ථාවලදී පවා, පල්ලිය ආණ්ඩුවේ පිළිවෙතට දායක වීමට කැමති වී ඇත.”

ව්ලඩීමියර් සිය යටත්වැසියන් ක්‍රිස්තියානීන් ලෙස බව්තීස්ම කිරීමට අණ කළේය; කාරණය සම්බන්ධයෙන් තේරීමක් කිරීමට ඔවුන්ට ඉඩ නොලැබුණි. වතාවක ඔහු “ඔර්තඩොක්ස් ලබ්ධිය රජයේ ආගම වශයෙන් පිළිගත්” පසු, පෝල් ස්ටීව්ස් පවසන පරිදි, “ඔහු ස්වදේශීය ස්ලාව් ගෝත්‍රවල සම්ප්‍රදායානුකූල ආගමික ඇදහිලි ක්‍රම මුලිනුපුටා දැමීමේ වැඩසටහනක් ඇරඹීය.” උදාහරණයක් ලෙස, ජනයා කලින් මිථ්‍යා රූපවලට පුද පූජා පවත්වා තිබූ බිම්වල ඔහු පල්ලි ගොඩනැගුවේය. ස්ටීව්ස් මෙසේද පවසයි: “කෙසේ නමුත් මිථ්‍යා ඇදහිලිවල ශේෂයන් ශතවර්ෂ කීපයක් දක්වා පැවති අතර අවසානයේදී ඒවා ඉවත් කරනවා වෙනුවට රුසියානු ආගමික ජීවිතය තුළට ඒවා උරාගනු ලැබීය.”

මෙම අස්ථාවර පදනම තිබියදීත්, රුසියානු ඔර්තඩොක්ස් සභාව ජ්වලිතව මිෂනාරි වැඩයට ආධාර දුණි. ශාන්ත ව්ලඩීමියර්ගේ ඔර්තඩොක්ස් දේවධර්මශාස්ත්‍රීය සෙමනේරියේ ටොමස් හොප්කෝ මෙසේ පවසයි: “අධිරාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශවල පදිංචි වීම සහ දේව වචනය පතළ කිරීමත් සමඟම, ශුද්ධ ලියවිලි සහ පල්ලියේ මෙහෙයන් බොහෝ සයිබීරියානු භාෂාවලට සහ ඇලස්කානු උප භාෂාවලට පරිවර්තනය කරනු ලැබීය.”

වැඩි වර්ධනය කරන ලද මිෂනාරි සේවය

දාසයවන ශතවර්ෂයේ ප්‍රතිසංස්කරණය යුරෝපය පුරා ආත්මික ජ්වලිතය ඇවිලවීමට සැලසීය. රෙපරමාදු නායකයන් තම තමන්ට රිසි මාර්ගයෙන් ආගම කෙරෙහි මහජනයාගේ උනන්දුව ප්‍රකෘතිමත් කිරීමෙන් වැඩි වර්ධනය වූ “ක්‍රිස්තියානි” වැඩය සඳහා පදනම දැමීය. ලූතර් විසින් බයිබලය ජර්මන් භාෂාවට පරිවර්තනය කිරීම සැලකිය යුතු දෙයක් විය, එමෙන්ම විලියම් ටින්ඩල් සහ මයිල්ස් කවර්ඩේල් විසින් බයිබලය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමද එලෙසම වැදගත් විය.

ඉන්පසු, 17වන ශතවර්ෂයේදී, ජර්මනියේ ධර්මශීලවාදය වශයෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරයක් හටගැනුණි. බයිබල් අධ්‍යයනය සහ පෞද්ගලික ආගමික අද්දැකීම ඉන් අවධාරණය කෙරුණි. දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් මෙසේ වැඩි විස්තර සපයයි: “මනුෂ්‍යවර්ගයාට ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ අවශ්‍යතාවක් තිබෙන බවට වූ එහි දර්ශනය විදේශීය සහ දේශීය මිෂනාරි ව්‍යාපාරයන් පටන්ගැනීමට හා ශීඝ්‍රයෙන් පැතිරීමට සැලැස්වීය.”

අදදින, අපගේ 20වන ශතවර්ෂයේ අදේවවාදි කොමියුනිස්ට්වාදය සහ වෙනත් ඒකාධිපති දෘෂ්ටීන් හටගැනීම වැළක්වීමට ප්‍රමාණවත් ක්‍රිස්තියානි ඇදහිල්ලක් සහ බලාපොරොත්තුවක්, ක්‍රිස්තු ධර්මයට හැරුණු යුරෝපියානුවන්ගේ සිත් තුළ පැළපදියම් කිරීමට කනගාටුදායක ලෙස ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන් අසමත් වී තිබෙන බව පෙනෙන්ට තිබේ. ඇතැම් රටවල කොමියුනිස්ට්වාදය අභාවයට ගොස් ඇති බැවින්, මිෂනාරිවරුන් සිය සේවය යළිත් අරඹා තිබෙන නමුත්, රෝමානු කතෝලික භක්තිකයන්, ඔර්තඩොක්ස් කතෝලික භක්තිකයන් හා රෙපරමාදු භක්තිකයන්, තමන්ට තිබෙනවා යයි කියා සිටින ක්‍රිස්තියානි ඇදහිල්ල තුළ එක්සත් වී නැත.

ක්‍රොඒෂියානු ජාතික රෝමානු කතෝලිකයන් සහ සර්බියානු ඔර්තඩොක්ස් ලබ්ධිකයන් ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරි ඵලයක කොටසක් සේ දැක්විය හැක. බෙදුණු නිවසක් වීමේ අපකීර්තිය හොඳින් නිදර්ශනය කිරීමට ක්‍රිස්තියානි ලෝකයේ දරන අපකීර්තියට වඩා හොඳ නිදර්ශනයක් ඇත්ද? ප්‍රථමයෙන්ම තම තුවක්කු එකිනෙකාට එරෙහිව හා පසුව ඒවා ක්‍රිස්තියානි නොවන අසල්වාසීන් වෙත එල්ල කරන්නේ කුමනාකාරයේ ක්‍රිස්තියානි “සහෝදරයන්ද?” එවැනි ක්‍රිස්තියානි නොවන හැසිරීමක් ගැන වරද සහිතව සිටිය හැක්කේ ව්‍යාජ ක්‍රිස්තියානීන්ට පමණකි.—මතෙව් 5:43-45; 1 යොහන් 3:10-12.

ක්‍රිස්තියානි ලෝකයේ සියලුම මිෂනාරිවරුන් සුදුසුකම් තිබෙන බව පෙන්වීමට අසමත් වී තිබේද? ඔවුන් ආසියාව තුළ ඉටු කර ඇති දේ දැකීම මගින් අපි දිගටම අපේ පරීක්ෂණය කරගෙන යමු. අපගේ ඊළඟ කලාපයේ “ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරු සියල්ල ඇරඹූ තැනටම නැවත හැරී එති,” යන මැයෙන් යුතු ලිපිය කියවන්න. g94 10/22

[17වන පිටුවේ පින්තූරය]

මිථ්‍යා දෙවිවරු බල රහිත බව බොනිෆස් විසින් පෙන්වා ඇති බවට පැවසේ

[හිමිකම් විස්තර]

Picture from the book Die Geschichte der deutschen Kirche und kirchlichen Kunst im Wandel der Jahrhunderte

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න