රාජ්‍ය ආරංචි සමඟින් සාර්ථක ප්රයත්නයක්
“ජීවිතය මෙතරම් ගැටලුවලින් පිරී ඇත්තේ මන්ද?—ගැටලුවලින්-තොර පාරාදීසයක් ඇති විය හැකිද?” පසුගිය වසරේ අප්‍රියෙල් සහ මැයි මාස අතරතුරේදී භාෂා 139කින් ලෝක ව්‍යාප්තව බෙදාහරින ලද රාජ්‍ය ආරංචි අංක 34 යන, පිටු හතරේ පත්‍රිකාවේ මාතෘකාව මෙයයි. ජමෙයිකාවේ සාක්ෂිකරුවෝ මෙම සේවා ප්රයත්නය “වසරේ විශේෂ සිදුවීම්වලින් එකක්” ලෙස විස්තර කළහ. “සහෝදරයන්ගේ සන්තෝෂය සඳහා විශිෂ්ට හේතුවක්,” ලෙස බෙල්ජියමේ සාක්ෂිකරුවෝ එය හැඳින්වූහ. චෙක් සමූහාණ්ඩුවේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට රාජ්‍ය ආරංචි බෙදාහැරීමට සහභාගි වීමට ප්‍රස්තාව ලද ප්‍රථම අවස්ථාව මෙයයි. ශාඛාව මෙසේ වාර්තා කරයි: “එම ප්රයත්නය, ජ්වලිතයේ සහ උද්යෝගයේ ස්ප්‍රීතුවක් ගෙන ආවේය.” අනිකුත් රටවල් බොහොමයකින්ද මේ හා සමාන අදහස් දැක්වීම් ඇසිණ.
ආගමේ නාමයෙන් සිදු කරන ලද පිළිකුල් ක්‍රියා හේතුවෙන් සුසුම්ලන්නන්ට සහ කෙඳිරිගාන්නන්ට විශේෂ පණිවුඩයක් රාජ්‍ය ආරංචි අංක 34හි තිබිණ. (එසකියෙල් 9:4) “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල්” නිසා, ඔවුන්ටම පාලනය කළ නොහැකි ආකාරයෙන් කරදරවලින් පිරී තිබෙන්නාවූ අයගේ ජීවිතවලට අවශ්‍ය සැනසිල්ල එහි තිබිණ. (2 තිමෝති 3:1, NW) බයිබලයට යොමු දක්වමින්, ජීවිතයේ ප්‍රශ්න ඉතා ඉක්මනින් විසඳනු ලබන බව පත්‍රිකාව පෙන්වූයේය. ගැටලුවලින් තොර පාරාදීසයක් නිශ්චිතය. (ලූක් 23:43) රාජ්‍ය ආරංචි කියෙවූ බොහෝදෙනෙක් එහි පණිවුඩය මගින් පොලඹවනු ලැබූහ. ටෝගෝහි එක් මිනිසෙක් සාක්ෂිකරුවෙකුට මෙසේ පැවසීය: “ඔබ ප්‍රකාශ කර තිබෙන දෙය ගැන කිසිම සැකයක් නැහැ.”
මෙම රාජ්‍ය ආරංචි බෙදාහැරීම සාමාන්‍යයට වඩා වැඩි අවධානයකට ලක් වූ බවට කිසිම සැකයක් නැත. ඩෙන්මාර්කයේ, පත්‍රිකාව ඉදිරිපත් කළ සාක්ෂිකාරියකට නිවැසියා මෙසේ ප්‍රතිචාර දැක්වීය: “මම එක්සත් ජනපදයෙන් ආවා විතරයි. මම පිටත්වීමට ටිකකට කලින් ඔබගේ පත්‍රිකාව යමෙක් මට ඉදිරිපත් කළා. දැන් මම මෙහි පැමිණියා විතරයි, ඒ විගසම එම පත්‍රිකාවම ඩේනිෂ් භාෂාවෙන් දෙනු ලබනවා!”
ප්රයත්නයට උද්යෝගයෙන් පිරුණු අනුබලයක්
ලොව වටා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ පත්‍රිකාව බෙදාහැරීමේ කාර්යයෙහි උද්යෝගිමත්ව සහභාගි වූහ. ඉතාලිය, එල් සැල්වඩෝර්, ඕස්ට්‍රියාව, නිව් කැලිඩෝනියාව, හයිටි, හන්ගේරියාව ආදි රටවල්, රාජ්‍ය ආරංචි බෙදාහරින ලද මාස අතරතුර ප්‍රචාරකයන්ගේ නව උපරිම සංඛ්‍යාවක් වාර්තා කළ රටවල් බොහොමයකින් සමහරකි.
ගෙයින් ගෙට පොත් පත් බෙදා දීමට, සැම්බියාවේ එක් චාරිකා අවේක්ෂකයෙක් ඔහුගේ තුන් හැවිරිදි දියණිය ඩෙබෝරාව පුහුණු කළේය. රාජ්‍ය ආරංචි අංක 34 සමඟින් දැරූ ප්රයත්නය අතරතුර, ඩෙබෝරා පත්‍රිකාවේ කලාප 45කට වැඩියෙන් බෙදාහැරියාය. ඩෙබෝරාගෙන් රාජ්‍ය ආරංචි පිළිගෙන තිබුණ සමහර අය සමඟ ඇගේ මව බයිබල් පාඩම් ආරම්භ කළාය.
දකුණු අප්‍රිකාවේ එක් යෞවනියක් කැෂ්යා නමැති පාසල් මිතුරියකට පත්‍රිකාවක් ඉදිරිපත් කළාය. කැෂ්යා පත්‍රිකාව කියවා මෙසේ පැවසුවාය: “පාරාදීස පොළොවක් මත සදාකල් ජීවත්වීම—මෙය හරි ලස්සන දෙයක් නේ! මේ ගැන මට මීට කලින් මොකුත් කියලා නැත්තේ ඇයි?” බයිබල් පාඩමක් ආරම්භ කෙරිණ. සතියක් ඇතුළත කැෂ්යාට තවත් පත්‍රිකාවක් ලැබිණ. දෙවැන්න පැමිණියේ, සයිප්‍රසයේ ජීවත් වූ ඇගේ රෝමානු කතෝලික පෑනේ මිතුරියකගෙනි. රෝමානු කතෝලික පල්ලියේ ඉගැන්වීම් බොරු ඒවා වන්නේ මන්ද යන්න පිළිබඳවත්, ඇය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට අදහස් කරන බවත්, පෑනේ මිතුරිය කැෂ්යාට පැහැදිලි කළාය. ඇත්තෙන්ම, ඇගේ පාඩම දිගටම කරගෙන යෑමට වූ කැෂ්යාගේ අධිෂ්ඨානයට එය විශාල වශයෙන් ධෛර්යයක් ගෙන දුන්නේය.
ස්විට්සර්ලන්තයේ දස හැවිරිදි පිරිමි ළමයෙක්, තම මව සමඟ පත්‍රිකා බෙදාහැරීමෙහි සහභාගි විය. ඔහු තරුණ කාන්තාවකගේ අතට එය ලබා දී පරෙස්සමින් කියවීමට ඇයට දිරිගැන්වීය. එහි කවරෙහි වූ පින්තූරය නිදර්ශනය කරන්නා වූ දෙය—එනම් පොළොව මත අවසානයක් නොමැති ජීවිතය ඔහු සැබවින්ම විශ්වාස කරන්නේදැයි ඔහුගෙන් තරුණ කාන්තාව ඇසුවාය. පිරිමි දරුවාගේ පිළිතුර? “අපොයි, ඔව්, මට හොඳටම ස්ථිරයි.” ඇගේ ආගමේ පටහැනි දේවල් බොහොමයක් තිබෙන බැවින්, සත්‍යය ඇදහිල්ල ඇය සොයමින් සිටි බව පසුව කාන්තාව එළිදරව් කළාය. නැවත බැලීමකදී, බයිබල් පාඩමක් ආරම්භ කෙරිණ.
ඉක්මන් ප්‍රතිචාර
සමහරවිට රාජ්‍ය ආරංචි, එය කියෙවූ අයගේ ඉක්මන් ප්‍රතිචාරය සඳහා හේතු විය. පත්‍රිකාව කියවීමෙන් පසුව, බෙල්ජියමේ සිටි එකොළොස් හැවිරිදි දැරියක්, ඈ සාප්පුවෙන් බඩු හොරකම් කරමින් සිටි බව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකුට නොසඟවා පැවසුවාය. දැරියගේ මව මේ සම්බන්ධයෙන් නිහඬව සිටීමට උත්සාහ කළාය, එහෙත් කියෙවූ දෙයින් යෞවන දැරියගේ හෘදය සාක්ෂිය වද දුන් නිසා, වෙළඳ සංකීර්ණයේ කළමනාකරු බැහැදැකීමට ඈ උදක්ම ඉල්ලා සිටියාය. මව අවසානයේදී, ඇගේ දියණියට සාක්ෂිකාරිය සමඟ වෙළඳ සංකීර්ණයට නැවත යන්ට ඉඩ දුන්නාය. ඇය කිසිවක් නොසඟවා පැවසීම සම්බන්ධයෙන් කළමනාකරු පුදුමයට පත් විය. මෙලෙස ක්‍රියා කිරීමට ඇයව පෙලඹවූයේ රාජ්‍ය ආරංචි පත්‍රිකාව බව දැනගැනීමෙන්, එතරම් බලසම්පන්න කුමක් එහි අඩංගු වන්නේදැයි බැලීමට පිටපතක් ඔහුත් ලබාගත්තේය. දැන් මෙම දැරිය ප්‍රගතිශීලීව බයිබලය පාඩම් කරමින් සිටින්නීය.
මිනිසෙක් සමඟ රාජ්‍ය ආරංචි පිටපතක් තබා ගිය කැමරූන්හි සාක්ෂිකාරියක් මෙලෙස ප්‍රකාශ කළාය: “අපි නැවත පැමිණි විට, එවිටමත් එහි යටින් ඉරි ගසා තිබූ අතර, ඔහුට ප්‍රශ්න තිබුණු බව අපට පෙනී ගියා. සතුටුදායක පිළිතුරු ලැබීමෙන් පසු, ඔහු මෙසේ ප්‍රකාශ කළා: ‘මනුෂ්‍යවර්ගයාගේ අසන්තෝෂයට ආගම දායක වී ඇති බව සම්පූර්ණයෙන්ම ඇත්තක්. බොහොමයක් දේ වටහාගැනීමට ඔබගේ පත්‍රිකාව මට උපකාර කර තිබෙනවා, නමුත් මම වැඩියෙන් දැනගැනීමට කැමතියි.’” දැන් ඔහු නිතිපතා බයිබල් පාඩමක් කරගෙන යයි.
උරුගුවේහි ගෙයින් ගෙට දේශනාවේ ගිය එක් සාක්ෂිකරුවෙක් මිනිසෙකුට පත්‍රිකාවක් බෙදාහැරියේය. සාක්ෂිකරුවා මිනිසාගේ නිවසේ පිටුපස දොර ළඟට පැමිණෙන තෙක්, ගෙවල් පේළිය වටා ගෙයින් ගෙට දේශනා කිරීමේ වැඩයෙහි දිගටම යෙදුණේය. එම මිනිසා පත්‍රිකාව අතැතිව ඔහු එනතුරු බලාසිටින බව දැකීමෙන් ඔහු පුදුමයට පත් වූයේය. ඔහු ඒ වන විටත් එය කියවා තිබූ අතර, ඔහුට තවත් තොරතුරු අවශ්‍ය විය. එම මොහොතේදීම බයිබල් පාඩමක් ඇරඹිණ.
බෙදාහැරීමට පොදු ජනයා උපකාර කරයි
ජපානයේ 50ගණන්වල පසුවන මිනිසෙකු වෙත සාක්ෂිකරුවෙක් ළඟා වී ඔහුට පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. මිනිසා මෙසේ ඇසීය: “අන්ධ අය ඔබට හමු වූ විට මෙම පත්‍රිකාව සමඟ ඔබ කරන්නේ කුමක්ද?” ඔහු නොදන්නා බව සාක්ෂිකරුවා පිළිගත්තේය. ඔහුට මොහොතක් සිටින්ට කියා පවසමින් එම මිනිසා ඔහුගේ නිවස තුළට ගියේය. රාජ්‍ය ආරංචි පිටපතක් සමඟ පැමිණ මෙසේ පැවසුවේය: “එම පත්‍රිකාව දැනටමත් මට ලැබී තිබෙනවා. උනන්දුව දනවන සහ වැදගත් තොරතුරු එහි අඩංගු වන බව මට සිතුණා, එමනිසා මම එය බ්‍රේල්වලින් පිටපත් කළා. කරුණාකර අන්ධ අය සඳහා මෙය පාවිච්චි කරන්න.” එහි අඩංගු දේවල් අන්ධ අය අතපසු නොකරන පරිදි, එම මිනිසා රාජ්‍ය ආරංචි බ්රේල්වලට පිටපත් කිරීමට බොහෝ පැය ගණනක් ගත කර තිබිණ.
ස්ලෝවැකියාවේ මිනිසෙක් එම පත්‍රිකාවට කෙතරම් ආශා කළේදයත්, ඔහු පිටපත් 20ක් සාදාගෙන, මෙම කළු සුදු පිටපත් ඔහුම බෙදාහැරියේය. ස්විට්සර්ලන්තයේ එක් ප්‍රචාරකයෙක් පවුලකට රාජ්‍ය ආරංචි පත්‍රිකාවක් ලබා දී, මෙම පවුල ජීවත් වූ ගොඩනැඟිල්ලේම ඉහළ මහල්වලද, දිගටම එම සේවයේ යෙදුණේය. නැවත වරක් පහළට පැමිණීමේදී, මෙම පත්‍රිකාවේ තවත් කලාප 19ක් වැඩියෙන් ඉල්ලා සිටි එම පවුලේම යෞවන පිරිමි ළමයෙකු ඔහුට මුණගැසිණ. පිරිමි ළමයාගේ පාසැලේ, ශිෂ්‍යයෝ ගැටලු සහ ඒවාට විසඳුම් සෙවීම පිළිබඳව ලිවීමට පැවරුම් ලැබ සිටියෝය. පංතියේ සෑම කෙනෙකුටම රාජ්‍ය ආරංචි කලාපයක් බැගින් ඔහුට අවශ්‍ය විය.
කිසිවෙක් අතපසු නොවීය
ප්රයත්නයේ සහභාගි වූ අය කිසිවෙක් අතපසු නොවූ බවට ස්ථිර වීමට දැඩි උත්සාහයක් ගත්තෝය. නිව් කැලිඩෝනියාවේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් රාජ්‍ය ආරංචි බෙදාහැරීමට දුරස්තර බල ප්‍රදේශයකට ගමන් කරමින් සිටියෝය. යන අතරතුරේදී, පෙනෙන ලෙසට පාවිච්චි නොකරන ලද අඩිපාරක් ඔවුහු දුටුවෝය, කෙසේවෙතත් එහි අවසානයේ කිසිවෙකු ජීවත් වෙනවාද කියා බැලීමට ඔවුහු තීරණය කළෝය. මෝටර් රථය නවතා, පාර දිගේ ගමන් කොට, කුඩා ඔයවල් ඔස්සේ ගිය ඔවුහු අන්තිමේදී නිවසකට ළඟා වූහ. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පිළිබඳව කිසිවක් නොඇසූ යුවළක් එහි සිටි අතර, ඔවුහු රාජ්‍ය ආරංචි කලාපයක් පිළිගත්තෝය. පසුව ප්‍රචාරකයෝ නැවත බැලීමක් සඳහා ගිය විට, මෝටර් රථය දිගටම නිවස තෙක් පැදවීමට හැකි වන පරිදි යුවළ පාර සහ කුඩා පාලම් කිහිපයක් අලුත්වැඩියා කර තිබෙනවා දැකීමෙන් පුදුමයට පත් වූහ. ස්ථාවර බයිබල් පාඩමක් ඇරඹිණ.
නිවැසියෙකුට රාජ්‍ය ආරංචි කලාපයක් ඉදිරිපත් කිරීම පිණිස, පෝලන්තයේ එක් සාක්ෂිකරුවෙකුට ඉදි කිරීමේ කටයුතු කරන ඉදි කිරීම් බිමක් පසු කර යෑමට සිදු විය. ඔහු ගොඩනඟන ස්ථානය පසු කර නැවත ඇවිද යනවා වැඩකරුවෝ බලා සිටියෝය. අවසානයේදී, වැඩකරුවන්ගෙන් කෙනෙක් ඔහුට අඬගසා, ඔවුන්ව අමතක නොකරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඔහු ඔවුන් වෙත ළඟා වූ විට, පත්‍රිකාවේ ඉදිරිපත් කිරීමට ඔවුහු මදකට නැවතී පරෙස්සමින් සවන් දුන්නෝය. රාජ්‍ය ආරංචි පත්‍රිකාවේ පිටපත් කිහිපයක්ද, ඒ සමඟම සඟරාද පසුව කරන ලද නැවත බැලීමකදී පොත්ද ඔවුහු පිළිගත්තෝය.
රාජ්‍ය ආරංචි අංක 34 පත්‍රිකාවේ පිටපත් මිලියන සිය ගණනක් බොහෝ භාෂාවලින් බෙදාහරින ලදි. එහි වූ පණිවුඩයෙන් දැනටමත් ඉමහත් බලපෑමක් කර තිබේ. ගැටලුවලින් තොර පාරාදීසයක් ඇති විය හැකි බව බොහෝදෙනෙක් ඉගෙනගෙන ඇත්තාහ. හරි හෘදයක් ඇති අය දිගටම ප්‍රතිචාරය දැක්වීම සඳහාත්, අවසානයේදී “මොළොක් ගුණ ඇත්තෝ” අතර සිට “මහත් සමාදානයෙන් ප්‍රීතිමත්” වීම සඳහාත් අපි යාච්ඤා කරමු.—ගීතාවලිය 37:11.
[31වන පිටුවේ කොටුව]
සඟරා බෙදාහරිමින් සිටින්න!
අප්‍රියෙල් හා මැයි මාසවල රාජ්‍ය ආරංචි අංක 34 බෙදාහැරීමෙහිලා ඉතා සාර්ථක ප්රයත්නයක් දක්නට ලැබිණ. මෙම මාස දෙක අතරතුර, මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවලද විශිෂ්ට බෙදාහැරීමක් තිබිණ. එක් උදාහරණයකට, චෙක් සමූහාණ්ඩුවේ එක් සහෝදරයෙක්, අප්‍රියෙල් මාසයේ රාජ්‍ය ආරංචි කලාප 250ක් සහ සඟරා 750ක් බෙදාහැරිය බව වාර්තා කළේය. ග්වාඩලූප්හි, අප්‍රියෙල් 15වන සෙනසුරාදා විශේෂ සඟරා දිනයක් ලෙස තෝරාගැනිණ. එම රටේ ප්‍රචාරකයන් සියල්ලන්ම පාහේ එදින සේවයේ සහභාගි විණ! ස්ලෝවැකියාවේ අප්‍රියෙල් මාසයේ සඟරා බෙදාහැරීමේ නව වාර්තාවක් තිබිණ. ඒ හා සමාන වාර්තා අනිකුත් බොහොමයක් රටවලින්ද පැමිණියේය.
එමනිසා, සඟරා බෙදාහැරීම සඳහා විශිෂ්ට මාස ලෙස වර්ෂ 1996 අප්‍රියෙල් සහ මැයි මාස යොදා නොගන්නේ මන්ද? විශේෂ සඟරා දිනයන් සභාවන්ට සංවිධානය කළ හැක. තනි පුද්ගලයන්ට උපකාරික පුරෝගාමී සේවයේ සහභාගි විය හැක. මෙලෙස හා අනිකුත් ආකාරවලින්, සඟරා බෙදාහැරීමට දිරිගැන්විය හැකි අතර, රාජ්‍ය ආරංචි අංක 34හි ප්‍රචාරය කරන ලද වැදගත් පණිවුඩය දිගටම ව්‍යාප්ත වනු ඇත. එවිට, පසුගිය වසරේ සිදු වූවාක් මෙන්, අප පෙන්වන්නාවූ ජ්වලිත ස්ප්රීතුවට යෙහෝවඃවහන්සේ නිශ්චිතවම ආශීර්වාද කරනු ඇත.—2 තිමෝති 4:22.