සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ පෙබ.1
“අද හුඟදෙනෙක් පරිසර දූෂණය ගැන කතා කරනවා. ඔයා කල්පනා කරලා තියෙනවාද මනස දූෂණය වීම ගැන? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ශාරීරිකව වගේම අධ්‍යාත්මිකවත් පවිත්‍රව සිටීමේ වැදගත්කම ගැන බයිබලයේ අවධාරණය කරලා තියෙනවා. [2 කොරින්ති 7:1 කියවන්න.] මේ සඟරාවේ තිබෙන තොරතුරු වටිනා බවත් ප්‍රායෝගික බවත් ඔයා තේරුම්ගනියි කියා මම හිතනවා.”
පිබිදෙව්! පෙබ.8
“යුග දිවියට බොහොම සන්තෝෂයෙන් පා තැබුවත් හුඟාක් විවාහයන් කැඩී බිඳී යනවා ඔයා දැකලා ඇති. විවාහ ජීවිතයේ සන්තෝෂය දිගටම පවත්වාගන්න පුළුවන් කොහොමද කියන කාරණය ගැන බයිබලයේ කියා තිබෙන දෙය පැහැදිලි කරන මේ පිබිදෙව්! සඟරාව ඔයාට දෙන්න මම කැමතියි.”
මුරටැඹ පෙබ.15
“ඔයාගේ ජීවිතයටත් ඔයා ගන්න බැරෑරුම් තීරණවලදීත් හොඳම මඟ පෙන්වීම ලබාගන්න පුළුවන් කොහෙන්ද කියලා ඔයා කවදා හරි කල්පනා කරලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] රන් අණ වගේ හොඳ මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා. [මතෙව් 7:12 කියවන්න.] අපිට ප්‍රයෝජනවත් වෙන දේවප්‍රතිපත්ති තව තියෙනවා. ඒ මොනවාද කියලා මේ සඟරාවෙන් ඔයාට දැනගන්න පුළුවන්.”
පිබිදෙව්! පෙබ.8
“අපිට නොපෙනෙන ‘ආත්ම ලෝකය’ ගැන යම් ප්‍රමාණයක හෝ විශ්වාසයක් හුඟදෙනෙක් තුළ තියෙනවා කියලා ඔයා දන්නවා ඇති. අපිට උපකාර කරන්න හරි, හානි කරන්න හරි ඒ ආත්මවලට පුළුවන්ද? ගුප්ත දේවල් යන්තමින්වත් සොයා බලන එක හානිකර දෙයක්ද? මේ පිබිදෙව්! සඟරාවේ මේ ගැන සිත්ගන්න තොරතුරු තියෙනවා. මේ වගේ දේවලින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන් කොහොමද කියලා මේ සඟරාවේ පෙන්වා දෙනවා. මම හිතනවා මේ සඟරාව කියවන්න ඔයා කැමති වෙයි කියලා.”