සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජූනි 1
“මෑතකදී ලෝකයේ සිදු වුණ දේවල් නිසා හුඟදෙනෙක් කල්පනා කරනවා, ඇයි අහිංසක මිනිස්සු මැරෙන්නේ කියලා. මිනිස්සු මැරෙන්නේ ඇයි කියලා ඔයා හිතලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහැර, 7වන පිටුවේ තිබෙන සටහන පෙන්වන්න.] මේ මිථ්‍යා මතවලින් එකක් ගැන බයිබලය කියන දෙය දැනගන්න ඔයා කැමතිද?” හැකි නම් සඳහන් කර තිබෙන ශුද්ධ ලියවිලි පාඨයක් කියවන්න.
පිබිදෙව්! ජූනි 8
“ආගම හා විද්‍යාව එකිනෙකට ගැටෙන විෂයන් දෙකක් කියලයි හුඟදෙනෙක් හිතන්නේ. විද්‍යාත්මක කරණා ගැන දැනුමක් තිබෙන කෙනෙක් දෙවිව විශ්වාස කරයි කියන එක සිතන්න අමාරුයි කියා සමහරුන්ට හැඟෙනවා. මේ ගැන ඔයා හිතන්නේ මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ පිබිදෙව්! සඟරාවේ මේ ගැන හොඳින් පැහැදිලි කරනවා.”
මුරටැඹ ජූනි 15
“මේ වගේ ප්‍රශ්න කෙළවර වෙයිද කියන කාරණය ගැන ඔයා කල්පනා කරලා තියෙනවාද? [පළමුවන ලිපියේ තිබෙන මුල්ම උපුටාගැනීම කියවා, ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ වගේ ගැටලු ළඟදීම කෙළවර වන බව දේවානුභාවයෙන් ලියා තිබෙන ශුද්ධ ලියවිල්ලේ අපට සහතික කරනවා. [ගීතාවලිය 72:12-14 කියවන්න.] මේ දෙය වෙන්නේ කොහොමද කියලා මේ මුරටැඹ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! ජූනි 8
“ලෝක පාලකයන් අපේ ගැටලු විසඳන්න විවිධ ක්‍රම අත්හදා බලා තියෙනවා. එක ක්‍රමයක් තමයි ගෝලීයකරණය කියා හඳුන්වන දෙය. මේ ක්‍රමය දැනටමත් ඔබේ ජීවිතයට බලපාමින් තිබිය හැකි ආකාරය ගැන මේ සඟරාවෙන් ඔයාට දැනගන්න පුළුවන්. බයිබලයේ කලින්ම කියලා තියෙන විසඳුමක් ගැනත් ඔයාට මේ සඟරාව කියවලා දැනගන්න පුළුවන්.” අනතුරුව මතෙව් 6:9, 10 කියවන්න.