DVD තැටියේ වීඩියෝ වැඩසටහන්
රුධිර ප්‍රවේශන සඳහා විකල්ප—වාර්තාමය දර්ශන මාලාවක් නමැති DVD තැටියේ වීඩියෝ වැඩසටහන් තුනක් අන්තර්ගතයි. රුධිර ප්‍රවේශන විකල්ප ක්‍රම—සරලයි, සුරක්ෂිතයි, ඵලදායකයි. මෙය සැලසුම් කර තිබෙන්නේ වෛද්‍යවරුන් හා වෛද්‍ය ශිෂ්‍යයන්ට නිසා එහි අනෙක් වැඩසටහන් දෙකට වඩා වැඩියෙන් වෛද්‍ය දර්ශන ඇතුළත්ය. රුධිර ප්‍රවේශන විකල්ප සෞඛ්‍ය සුරැකුම්—රෝගියාගේ අවශ්‍යතා සපුරාලමින් අයිතිවාසිකම් රැක දේ. මෙය සැලසුම් කර තිබෙන්නේ වෛද්‍යමය තොරතුරු වාර්තාකරුවන්ට, සෞඛ්‍ය නිලධාරීන්ට, සමාජ සේවකයන්ට හා විනිශ්චයකරුවන්ටය. ඒවගේම එහි රෝගීන්ගේ අවශ්‍යතා සපුරාලන ආකාරයත් ඔවුන්ගේ නීතිමය අයිතිවාසිකම් ගැනත් සලකා බලයි. රුධිරය එපා—වෛද්‍ය විද්‍යාව රුධිරය සම්බන්ධ අභියෝගයට මුහුණ දෙයි. මෙය මූලික වශයෙන්ම සැලසුම් කර තිබෙන්නේ පොදු ජනයා සඳහායි. ඉංග්‍රීසියෙන් ලබාගත හැකි මෙම DVD තැටියේ ප්‍රංශ, ජර්මන්, ඉතාලි, ජපන්, පෘතුගීසි (බ්‍රසීලියානු), රුසියානු හා ස්පාඤ්ඤ භාෂාවලින් හඬ කවා ඇත. මෙම වැඩසටහන් ඔබේ වෛද්‍යවරුන්ට, බයිබල් ශිෂ්‍යයන්ට, සාක්ෂිකරුවන් නොවන කලත්‍රයන්ට හෝ නෑදෑයන්ට, ගුරුවරුන්ට, සෙසු සේවකයන්ට සහ පාසැල් මිතුරන්ට බියක් සැකක් නොමැතිව ලබා දෙන්න.