තුන්දින සමුළු සිහිගැන්වීම්
- වැඩසටහන් වේලාවන්: සමුළු භූමියේ ගේට්ටු අරින්නේ උදේ 8:00ට. දවස් තුනේම උදේ 9.20ට ආරම්භක සංගීතය වාදනය කරනවා. වැඩසටහන ගෞරවනීය විදිහට පටන්ගැනීම සඳහා ඒ වෙලාවට අපි හැමෝම වාඩි වෙලා ඉන්න ඕනේ. සිකුරාදා හා සෙනසුරාදා හවස 5.00ට විතර, ඉරිදා හවස 4.00ට විතර වැඩසටහන අවසන් වෙනවා. 
- ‘ගීතිකා ගායනා කරලා දෙවිව පසසමු’: අතීතයේ හිටිය දෙවිගේ සේවකයන් ගීතිකා ගායනා කරලා ඔහුට ප්‍රශංසා කළා. අදත් ගීතිකා ගායනා කරන එක සැබෑ නමස්කාරයේ ප්‍රධාන අංගයක්. (ගීතා. 28:7) හැම සමුළු වැඩසටහනක්ම පටන්ගන්න කලින් සංගීතය වාදනය කරනවා. මේක සූදානම් කරලා තියෙන්නේ පසුබිම් සංගීතයක් හැටියට විතරක්ම නෙවෙයි දෙවි ගැන ඉගෙනගෙන ඔහුට නමස්කාර කරන්න උදව්වක් හැටියටයි. ඒ නිසා සංගීතය වාදනය කරනවා කියලා සභාපති කිව්වහම කතා කරකර ඉන්නේ නැතුව ඒක අගය කරලා වාඩි වෙලා ඇහුම්කන් දෙන්න. අපි එහෙම කරනවා නම් වොච්ටවර් සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දරන වෑයම අගය කරනවා කියලා පෙන්වනවා. අවුරුද්දකට දෙපාරක් මේ සහෝදර සහෝදරියන් එයාලගෙම වියදමින් නිව් යෝර්ක්වල පැටර්සන් නගරයට එන්නේ අපිට සතුටක් ලබා දෙන මිහිරි සංගීතය නිර්මාණය කරන්නයි. සංගීත වාදනයට උනන්දුවෙන් සවන් දුන්නාට පස්සේ ගීතිකා ගායනා කරන්න හවුල් වෙලා හැමෝම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න ඕනේ. 
- රථ ගාල: සමුළු භූමියේ වාහන නවත්තන්න පුළුවන් වෙන්නේ කලින් එන අයටයි. ඉඩකඩ සීමිත නිසා පුළුවන් නම් කීපදෙනෙක් එක වාහනයක එන්න. 
- ආසන වෙන් කිරීම: සමුළුව පවත්වන ස්ථානයේ දොරවල් විවෘත කරපු ගමන්ම අනිත් අයට කලින් ආසන අල්ලගන්න හදන්න එපා. සහෝදරයන් වෙනුවෙන් තමන්ගේ කැමැත්ත පවා කැප කරලා අනිත් අය ගැන සැලකිලිමත් වෙන්න. අපි ඒ වගේ පරිත්‍යාගශීලී අය නම් අනිත් අය අපි සැබෑ ක්‍රිස්තියානීන් කියලා දැකලා දෙවිට ප්‍රශංසා කරන්න පෙලඹෙනවා. (යොහ. 13:34, 35; 1 කොරි. 13:5; 1 පේතෘ. 2:12) ආසන වෙන් කරන්න පුළුවන් වෙන්නේ ඔබ එක්ක එකම ගෙදර නැවතිලා ඉන්න අය, එකම වාහනයේ එන අය හෝ ඔබ එක්ක දැනට බයිබලය පාඩම් කරන අය වෙනුවෙන් විතරයි. වෙන් කරන්නේ නැති ආසනවල බඩු තියන්න එපා. ඒ ආසනවල අනිත් අයට ඉඳගන්න පුළුවන්. වයසක හා අබල දුබල අයට ආසන වෙන් කරලා තියෙනවා. ඒ ආසන සීමිත නිසා ඔවුන්ට උදව් කරන්න ඕන නම් ඒ කෙනා එක්ක ඉඳගන්න පුළුවන් තව එක් කෙනෙක්ට හෝ දෙන්නෙක්ට විතරයි. 
- විනීතව ඇඳ පැළඳ සිටීම: සමුළුවලදී අපි අඳින්න පළඳින්න ඕන විනීතවයි. ලෝකයේ අය අතර දකින්න තියෙන අපිට නොගැළපෙන විලාසිතා අනුකරණය කරන්න හොඳ නැහැ. (1 තිමෝ. 2:9) හෝටලයට යන එනකොටත් විවේකීව ඉන්නකොටත් අපිළිවෙළට හෝ නොසැලකිලිමත් විදිහට අඳින එකෙන් වළකින්න ඕනේ. එතකොට සමුළු බැජ් කාඩ්පත පැළඳගෙන ඉන්නත් අවස්ථාවක් ආවම සාක්ෂි දරන්නත් අපි පසුබට වෙන්නේ නැහැ. සමුළුවලට යද්දී අපේ හොඳ හැසිරීම හා පෙනුම නිසා ජීවනය ගෙනෙන පණිවිඩයට අවංක හිත් ඇති අය උනන්දුවක් දක්වනවා විතරක් නෙමෙයි යෙහෝවා දෙවිත් සතුටු වෙනවා.—ශෙප. 3:17. 
- ඉලෙක්ට්‍රෝනික උපකරණ පාවිච්චි කිරීමේ හොඳ පුරුදු: දුරකථන හරි වෙනත් ඉලෙක්ට්‍රෝනික උපකරණ හරි පාවිච්චි කරනවා නම් අනිත් අයට බාධා නොවෙන විදිහට ඒවා සෙට් කරගන්න එක සුදුසුයි. කැමරාවක්, වීඩියෝ රෙකෝඩරයක්, ටැබ් එකක් නැත්නම් ඒ වගේ වෙනත් උපකරණයක් පාවිච්චි කරනවා නම් අනිත් අයට බාධා නොවෙන විදිහටත් අනිත් අයට වේදිකාව නොපෙනෙන විදිහටත් ඒවා පාවිච්චි කරන එක සුදුසු නැහැ. සැසිවාර අතරතුරේ අනවශ්‍ය විදිහට කෙටි පණිවිඩ හෝ ඊමේල් යැවීමෙන් වැළකිලා ඉන්න එකත් හොඳ පුරුද්දක්. 
- දවල් කෑම: කෑම ගෙනාවොත් සමුළු භූමියෙන් එළියට යන්න වෙන්නේ නැහැ. ආසන යට තැබිය හැකි කුඩා බඳුන් ගේන්න පුළුවන්. විශාල බඳුන් සහ වීදුරු බඳුන් සමුළු භූමියට ගේන්න අවසර නැහැ. 
- සම්මාදම්: සමුළුව සඳහා අපේ අගය පෙන්වන්න පුළුවන් එක විදිහක් තමයි ලෝක ව්‍යාප්ත සේවය සඳහා සමුළුවේදී සම්මාදම් කිරීම. චෙක්පතකින් සම්මාදම් කරනවා නම් “Watch Tower” කියා ඉංග්‍රීසියෙන් වචන දෙකක් හැටියට පැහැදිලිව ලියන්න. එම ස්ථානයේ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත්වලින් ගෙවීම් කරන්න පහසුකම් තියෙනවා නම් ඒ විදිහටත් සම්මාදම් කරන්න පුළුවන්. 
- බෙහෙත්: ඔබ වෛද්‍යවරයෙක් නියම කරලා තියෙන බෙහෙත් පාවිච්චි කරනවා නම් ප්‍රථමාධාර අංශයෙන් ඒවා ලබාගන්න බැරි නිසා අවශ්‍ය ප්‍රමාණය රැගෙන එන්න. දියවැඩියා රෝගීන් පාවිච්චි කරන ඉන්ජෙක්ෂන් කටු අනතුරුදායක නිසා සමුළු භූමියේ හෝ නවාතැන් ගන්න ස්ථානවල ඇති කුණු දමන තැන්වල ඒවා දාන්න එපා. 
- අනතුරු වළක්වගන්න: ලිස්සලා හෝ පැටලිලා තුවාල වෙන්න තියෙන අවස්ථා වළක්වගන්න. අපේ සපත්තු, විශේෂයෙන්ම අඩි උස සපත්තු නිසා හුඟක් අනතුරු සිදු වෙලා තියෙනවා. පඩි නඟිද්දී හෝ බෑවුම් සහිත තැන්වල යද්දී අපහසුතාවක් ඇති නොවන, අවස්ථාවට ගැළපෙන, පයට පහසු සපත්තු පළඳින්න. 
- ළමා කරත්ත (ප්‍රෑම්) හා අකුළන පුටු: ඒවා සමුළු භූමියට ගෙන ඒමෙන් වළකින්න. දරුවන්ව ආරක්ෂිතව තබන විශේෂ ආසන දෙමව්පියන් ළඟින්ම තියෙන ආසනයේ තියාගන්නවා නම් විතරක් අරන් එන්න පුළුවන්. 
- සුවඳ විලවුන්: සැර සුවඳක් හමන විලවුන්, ශ්වසන හෝ ඒ ආශ්රිත රෝගාබාධ තියෙන අයට හානිදායක වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.—1 කොරි. 10:24. 
- නැවත ගොස් බලන්න (S-43) පෝරමය: එම පෝරම සමුළුවට එද්දී අරන් එන්න. සමුළු දවස්වලදී උනන්දුවක් දක්වන කෙනෙක් හම්බ වුණොත් ඒ කෙනාගේ තොරතුරු ඒකේ ලියලා සමුළුවේ පොත් අංශයට හෝ ඔබේ සභාවේ ලේකම්ට දෙන්න. 
- ආපන ශාලා: ආපන ශාලාවලදී යෙහෝවා දෙවිගේ නමට ගෞරවය ගෙනෙන විදිහට හැසිරෙන්න. දේවසේවකයෙක්ට ඔබින විදිහට ඇඳ පැළඳගෙන ඉන්න. ආපන ශාලා සේවකයන්ගේ සේවය වෙනුවෙන් සතුටින් යම් මුදලක් දෙන එක සිරිතක් නම් සුදුසු මුදලක් දෙන්න. 
- හෝටල්: - අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් කාමර වෙන් කරගන්නත් කාමරයක ඉන්න ඕන ප්‍රමාණයට වඩා වැඩි සංඛ්‍යාවක් නවාතැන් ගන්නත් එපා. 
- හදිසි අවස්ථාවකදී හැර කාමර වෙන් කරගැනීමක් අවලංගු කරන්න එපා. එහෙම කරන්න වුණොත් ඉක්මනින්ම ඒ ගැන හෝටලයට දැනුම් දෙන්න. එතකොට වෙන කෙනෙකුට ඒක ගන්න පුළුවන්. (මතෙ. 5:37) අවලංගු කිරීම සහතික කළ බවට අංකයක් ලබාගන්න (cancellation number). අවලංගු කරනවා නම් ඒ ගැන අදාළ දිනයට පැය 48කට කලින් දැනුම් දෙන්න. නැත්නම් කාමරය වෙන් කරගන්න ගෙව්ව ගාස්තුව ආපහු ලැබෙන්නේ නැහැ. 
- ඔබ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් හෝටල් කාමරයක් වෙන් කරගන්නවා නම් මේක මතක තියාගන්න. මුළු කාමර ගාස්තුවත්, ඔබ නවාතැන් අරගෙන ඉද්දී ඔබ අතින් වෙන්න පුළුවන් අලාභහානි වෙනුවෙනුත් යම් මුදලක් ඔබේ ගිණුමෙන් වෙන් කරන එක හෝටල්වල සාමාන්‍යයෙන් කරන දෙයක්. කාමරය ආපහු භාර දීලා දවස් කීපයක් ඇතුළත හෝටල් ගාස්තුව ඔබේ ගිණුමෙන් කපාගන්න තුරු ඒ මුදල ඔබට පාවිච්චි කරන්න ලැබෙන්නේ නැහැ. 
- බඩු ගෙන යන කරත්ත අවශ්‍ය වෙලාවෙදී විතරක් අරගෙන අනිත් අයටත් පාවිච්චි කරන්න ඒවා ඉක්මනින්ම අදාළ තැනින් තියන්න. 
- ඔබේ බඩු ගෙන යන හෝ හෝටල් කාමරය පිරිසිදු කරන සේවකයන්ට ඒ සේවය වෙනුවෙන් සතුටින් යම් මුදලක් දෙන එක සිරිතක් නම් එහෙම කරන්න. 
- කාමරයේ ආහාර පිසිය යුත්තේ අවසර තියෙනවා නම් විතරයි. 
- නවාතැන් ගෙන සිටින අයට හෝටලයේදී කෑමට හෝ බීමට දෙන උදෑසන ආහාර, කෝපි හෝ වෙනත් ශීත කළ දේවල් වැඩිපුර ලැබුණා කියලා අපි අයුතු ප්‍රයෝජන ගන්න හොඳ නෑ. 
- හෝටලයේ අය එක්ක කටයුතු කරද්දී හැමවිටම කාරුණිකව, ඉවසිලිවන්තව හා සාධාරණව කටයුතු කරන්න. හුඟදෙනෙක් වෙනුවෙන් සේවය කරන්න සිද්ධ වෙන නිසා ඒ ක්‍රිස්තියානි ගුණාංග ඔවුන් අගය කරයි. 
- විදුලි සෝපානය, පිහිනුම් තටාකය, ව්‍යායාම් කාමර වැනි හෝටලයේ ඕනෑම තැනකදී දෙමව්පියන් දරුවන් ගැන අවධානයෙන් ඉන්න ඕනේ. 
- ‘යෝජිත නවාතැන් ලැයිස්තුවේ’ සඳහන් වෙන්නේ දිනකට කාමරයකට අය කරන මුළු මුදල විතරයි (බදු ගාස්තු ඇතුළත් කරලා නැහැ). ඊට වඩා වැඩි මුදලක් අය කරලා තිබුණොත් ඒක නොගෙවා හැකි ඉක්මනින් කාමර අංශයට දැනුම් දෙන්න. 
- හෝටල් කාමරය ගැන යම් ප්‍රශ්නයක් තියෙනවා නම් සමුළුවේදී කාමර අංශයට ඒ ගැන දැනුම් දෙන්න. 
 
- නවාතැන්: නවාතැන් දෙන අය ගැනත් සපයන දේවල් ගැනත් සැලකිල්ල පෙන්වන්න. ඔබට කුඩා දරුවන් ඉන්නවා නම් එම නිවසටත් එහි බඩුමුට්ටුවලටත් හානියක් නොවන විදිහට ඔවුන් හැසිරෙන බවට වගබලා ගන්න.—ෆිලි. 2:4. 
- ස්වේච්ඡා සේවය: ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති අය ස්වේච්ඡා සේවා අංශයට ඒ ගැන කියන්න. වයස අවුරුදු 16ට අඩු අයට තම දෙමව්පියන් හෝ දෙමව්පියන් විසින් අනුමත කරන වැඩිහිටියෙක් එක්ක ඊට හවුල් වෙන්න පුළුවන්. ඔවුන්ගේ දායකත්වයත් ගොඩක් වටිනවා.