අත්හදා බැලීමට යෝජනා
‘මුරටැඹ’ ඔක්තෝබර් 1
“අද අපි මේ ප්රදේශයේ ඉන්න හැමෝටම මේ සඟරාව දෙනවා. [සඟරාවේ මුල් පිටුව පෙන්වන්න.] සමහරු හිතනවා යාච්ඤා කරද්දී කවුරුත් ඇහුම්කන් දෙන්නේ නැති හින්දා ඒක කාලය නාස්ති කරන දෙයක් කියලා. තවත් අය දෙවියන් ඒ අයගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා කියලා හිතනවා. ඔයා හිතන්නේ මොකක්ද? [ප්රතිචාරයට ඉඩහරින්න.] යාච්ඤාව ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. [යෙසායා 30:19 කියවන්න.] හරි විදිහටත් හරි දේවල් ගැනත් යාච්ඤා කරනවා නම් අනිවාර්යයෙන්ම දෙවියන් සවන් දෙනවා කියලා මේ සඟරාවේ සාක්ෂි පෙන්නලා තියෙනවා.”
‘පිබිදෙව්!’ ඔක්තෝබර්
“දෙවියන් දුක් වේදනාවලට ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලා හුඟක් අය කල්පනා කරනවා. ඒ ගැන ටිකක් කතා කරන්නයි අපි ආවේ. දෙවියන්ගෙන් ඒ වගේ ප්රශ්න අහන එක ඔහුට කරන අගෞරවයක් කියලා ඔයා හිතනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] දෙවියන්ට විශ්වාසවන්තව හිටිය කෙනෙක්ටත් ඔහුගෙන් ප්රශ්න අහන්න ඕන වුණා. [යෝබ් 23:3-5 කියවන්න.] දෙවියන්ගෙන් හුඟක් අය අහන්න කැමති ප්රශ්න 3ක් ගැනත් ඒවාට බයිබලයේ තියෙන උත්තර ගැනත් මේ සඟරාවේ තියෙනවා.”