ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි.+

      නියමිත කාලයේදී ඔවුන්ගේ පාද පැටලී ඔවුහු වැටෙනු ඇත.+

      ඔවුන්ගේ විපත සිදු වන කාලය අත ළඟයි.+

      ඔවුන්ට අත් විඳින්න සිදු වන දේවල් වේගයෙන් ඔවුන් කරා පැමිණෙයි.’+

  • යොෂුවා 24:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එවිට යොෂුවා සෙනඟට මෙසේ කීවේය. “යෙහෝවා දෙවිට දිගටම නමස්කාර කරන්න ඔබට පුළුවන් වෙයිද? ඔහු ශුද්ධ දෙවි කෙනෙක්.+ ඔහුට නමස්කාර කරන අතරේදී වෙනත් දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කිරීම ඔහු දැඩි ලෙස හෙළාදකිනවා.+ ඔබ එසේ කළොත් ඔබේ පව්වලට දෙවිගෙන් සමාව ලැබෙන්නේ නැහැ.+

  • රෝම 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 නමුත් ඔබේ හදවත් තුළ මුරණ්ඩුකම ඇති නිසාත්+ ඔබ තුළ කිසි පසුතැවිල්ලක් නැති නිසාත්+ ඔබට සිදු වන්නේ දෙවිගේ උදහසට ලක් වෙන්නයි.+ දෙවි තම උදහස ප්‍රකාශ කරන්නේ තම ධර්මිෂ්ඨ විනිශ්චය+ ප්‍රකාශ කරන+ අවස්ථාවේදීය.+

  • 2 පේතෘස් 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඇත්තෙන්ම පව් කළ දේවදූතයන්ට දඬුවම් කිරීමට දෙවි පසුබට වූයේ නැත.+ ඔහු ඔවුන්ව ටාටරස්*+ නම් පහත් ස්ථානයට හෙළා තද අන්ධකාරයෙන් වැසුණු වළවල්වලට ඔවුන්ව සීමා කළේය. ඔවුන් එහි සිටින්නේ තම විනිශ්චය ලැබෙන තුරුය.+

  • යූද් 15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහු පැමිණියේ සියලුදෙනාට විරුද්ධව තම විනිශ්චය ඉටු කිරීමටය.+ මන්ද ඔහුට කිසි ගෞරවයක් නොදක්වන අය ඔහු ගැන නොතකමින් බොහෝ දුෂ්ට ක්‍රියාවල නිරත වූ අතර ඔහුට කිසි ගෞරවයක් නොදැක්වූ පව්කාරයෝ ඔහුට විරුද්ධව ඉතාමත් තැතිගන්වනසුලු දේවල් පැවසුවෝය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න