නික්මයාම 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙත් මන්තර ගුරුකම් කරන පූජකයෝද තම මන්තර බලයෙන් ඊජිප්තු දේශයෙහි මැඩියන් ඇති වීමට සැලැස්වූවෝය.+ ද්විතීය කතාව 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තම පුතාව හෝ දුවව හෝ ගින්නෙන් දවා පූජා නොකළ යුතුයි.+ පේන+ කියන්නවත් මන්තර ගුරුකම්+ කරන්නවත් නැකත්+ බලන්නවත් මායා බලයෙන්+ දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. 2 රාජාවලිය 21:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු තම පුත්‍රයාව ගින්නෙන් දවා පූජාවක් ලෙස ඔප්පු කළේය.+ ඔහු මන්ත්‍ර ගුරුකම්වල+ යෙදුණු අතර නිමිති බැලීමටද පටන්ගත්තේය. ඔහු මායාකාරයන්ව+ සහ ශාස්ත්‍ර කියන්නන්ව+ පත් කළේය. ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් බොහොමයක් කර දෙවිව උදහස් කළේය. ගලාති 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 රූප වන්දනාව, භූතවාදය,+ සතුරුකම්, අඬදබර, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, විවාද, භේද, නිකායන්, එළිදරව් 21:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් බියගුලු අයටත් විශ්වාසයක් නැති අයටත්+ අපවිත්‍ර මෙන්ම පිළිකුල් දේවල් කරන අයටත්+ මිනී මරුවන්ටත්+ වේශ්‍යාකම්* කරන්නන්ටත්+ භූතවාදී ක්‍රියාවල යෙදෙන අයටත් රූප වඳින්නන්ටත්+ සියලු බොරුකාරයන්ටත්+ හිමි වන්නේ ගින්නෙන්ද+ ගෙන්දගමින්ද+ දැවෙන විලයි. එයින් නියෝජනය වන්නේ දෙවෙනි මරණයයි.”+
10 ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තම පුතාව හෝ දුවව හෝ ගින්නෙන් දවා පූජා නොකළ යුතුයි.+ පේන+ කියන්නවත් මන්තර ගුරුකම්+ කරන්නවත් නැකත්+ බලන්නවත් මායා බලයෙන්+ දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි.
6 ඔහු තම පුත්‍රයාව ගින්නෙන් දවා පූජාවක් ලෙස ඔප්පු කළේය.+ ඔහු මන්ත්‍ර ගුරුකම්වල+ යෙදුණු අතර නිමිති බැලීමටද පටන්ගත්තේය. ඔහු මායාකාරයන්ව+ සහ ශාස්ත්‍ර කියන්නන්ව+ පත් කළේය. ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් බොහොමයක් කර දෙවිව උදහස් කළේය.
8 නමුත් බියගුලු අයටත් විශ්වාසයක් නැති අයටත්+ අපවිත්‍ර මෙන්ම පිළිකුල් දේවල් කරන අයටත්+ මිනී මරුවන්ටත්+ වේශ්‍යාකම්* කරන්නන්ටත්+ භූතවාදී ක්‍රියාවල යෙදෙන අයටත් රූප වඳින්නන්ටත්+ සියලු බොරුකාරයන්ටත්+ හිමි වන්නේ ගින්නෙන්ද+ ගෙන්දගමින්ද+ දැවෙන විලයි. එයින් නියෝජනය වන්නේ දෙවෙනි මරණයයි.”+