ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 27:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 නමුත් ඊසාක් ඒසව්ට මෙසේ උත්තර දුන්නේය. “මම ඔහුව ඔබේ අධිපතියා හැටියට පත් කළා.+ ඔහුගේ සියලු සහෝදරයන් ඔහුගේ සේවකයන් වෙනවා කියා මම කිව්වා.+ ධාන්‍ය සහ අලුත් වයින් ඔහුට බහුලව ලැබෙන්න+ කියාත් මම ආශීර්වාද කළා. ඉතින් මගේ පුතේ, ඔබට දෙන්න දැන් ආශීර්වාදයක් ඉතුරු වී නැහැ.”

  • 2 සාමුවෙල් 8:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔහු ඒදොම්හි සෑම තැනකම මුර කඳවුරු පිහිටෙව්වේය.+ ඒදොම්වරුද දාවිත් රජුගේ සේවකයෝ වූහ.+ දාවිත් රජු ගිය ගිය තැන්වල යෙහෝවා දෙවි ඔහුට ජය අත් කර දුන්නේය.+

  • 1 ලේකම් 18:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඉන්පසු ඔහු ඒදොම් දේශයේ මුර කඳවුරු පිහිටෙව්වේය. සියලුම ඒදොම්වරු දාවිත් රජුගේ සේවකයන් බවට පත් වූවෝය.+ දාවිත් රජු ගිය ගිය තැන්වල යෙහෝවා දෙවි ඔහුට ජය අත් කර දුන්නේය.+

  • ගීතාවලිය 60:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 මා අත් පා සෝදාගන්නා භාජනය මෝවබ්ය.+

      මම ඒදොම් වෙතට මාගේ පාවහන් ගලවා වීසි කරන්නෙමි.+

      පිලිස්තියාව පරදවා මම ජය නාද නඟන්නෙමි.”+

  • යෙසායා 34:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “ඉහළ අහසේ තිබෙන මාගේ කඩුව+ දෙස බලන්න! මාගේ කඩුවෙන් ඒදොම්වරුන්ව මුළුමනින්ම විනාශ කර දැමීමට+ මම යුක්තිසහගත ලෙස තීන්දු කළෙමි.+ ඒ නිසා, මාගේ කඩුව ඒදොම්වරුන්ගේ ලෙයින් නැහැවී යන්නේය.

  • ආමොස් 9:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඒදොම් දේශයෙන්+ ඉතුරු වන සියලු ප්‍රදේශද මාගේ නාමය දරන+ සියලු ජාතීන්ද ඔවුන්ට උරුමයක් ලෙස දෙන පිණිස මම ඒ දේ කරන්නෙමි.’ එසේ පවසන්නේ ඒ සියල්ල ඉටු කරන්නාවූ යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න