2 සාමුවෙල්
8 කලක් ගෙවුණු පසු දාවිත් රජ පිලිස්තිවරුන්ට+ පහර දී ඔවුන්ව යටත් කරගත්තේය.+ පිලිස්තිවරුන්ට අයිති මෙතෙග්-අම්මාහ් නම් ප්‍රදේශය දාවිත් රජ තමා යටතට ගත්තේය.
2 පසුව දාවිත් රජ මෝවබ්වරුන්ටද පහර දුන්නේය.+ පේළියට බිම දිගා වන ලෙස ඔහු ඔවුන්ට අණ කළේය. ඉන්පසු ඔවුන්ව ලණුවකින් මැන ඔවුන්ගෙන් තුනෙන් දෙකොටසක් මරා දැමුවේය.+ පසුව මෝවබ්වරු දාවිත් රජුට යටත් වී+ ඔහුට කප්පම් ගෙව්වෝය.+
3 රෙහොබ්ගේ පුත්‍රයා වූ ෂොබාහි රජු වූ+ හදද්එෂෙර්, යුප්‍රටීස් ගඟ+ අවට ප්‍රදේශය නැවත තම බලය යටතට ගන්නා පිණිස පිටත්ව ගියේය. ඒ අවස්ථාවේදී දාවිත් රජ හදද්එෂෙර් රජුට+ පහර දී 4 ඔහුට අයිතිව තිබූ අසරුවන් එක්දහස් හත්සියයක්ද පාබළ හමුදාවෙන් මිනිසුන් විසිදහසක්ද අල්ලාගත්තේය.+ දාවිත් රජ අශ්ව රථ සියයකට අවශ්‍ය අශ්වයන් පමණක් තබාගෙන අනික් සියලුම අශ්වයන්ගේ+ පාද තුවාල කළේය.+
5 දමස්කයේ+ ජීවත් වූ සිරියන්වරුන් ෂොබාහි රජු වූ හදද්එෂෙර්ගේ උපකාරයට පැමිණි විට දාවිත් රජ ඔවුන්ගෙන් විසිදෙදහසක් මරා දැමුවේය.+ 6 දාවිත් රජ තම හමුදාව සිරියාවේ දමස්කය නම් නුවරට යවා මුර කඳවුරු එහි පිහිටෙව්වේය.+ පසුව සිරියන්වරුද දාවිත් රජුගේ සේවකයෝ වූහ. ඔවුහු දාවිත් රජුට කප්පම් ගෙව්වෝය.+ දාවිත් රජු ගිය ගිය තැන්වල යෙහෝවා දෙවි ඔහුට ජය අත් කර දුන්නේය.+ 7 දාවිත් රජ හදද්එෂෙර් රජුගේ සේවකයන්ගේ රන් පලිස්+ යෙරුසලමට ගෙන ගියේය. 8 ඔහු බෙටා* සහ බෙරොතයි නම් නුවරවලින් විශාල තඹ ප්‍රමාණයක් රැගෙන ගියේය.+ ඒ නුවරවල් අයිතිව තිබුණේ හදද්එෂෙර් රජුටය.
9 හදද්එෂෙර් රජුගේ මුළු යුධ හමුදාවම දාවිත් රජු පරාජයට පත් කළ බව හමාත්හි+ රජු වූ තොයිට* ආරංචි විය.+ 10 එවිට ඔහු දාවිත් රජුගේ සැප දුක් විමසීමටත්+ හදද්එෂෙර් රජුට එරෙහිව දාවිත් රජු ලද ජයග්‍රහණයට සුබ පැතීමටත් ඔහුගේ පුත් යෝරාම්ව පිටත් කර යැව්වේය. (මීට පෙරාතුව හදද්එෂෙර් රජු සහ තොයි රජු අතර නිතර ගැටුම් පැවතිණ.) යෝරාම් යන විට රන්, රිදී සහ තඹවලින් නිමැවූ භාණ්ඩ රැගෙන ගියේය.+ 11 ඒ සියලු වස්තුද තමන් යටත් කරගත් ජාතීන්ගෙන් ලබාගත් රන්ද රිදීද දාවිත් රජ, යෙහෝවා දෙවිට කැප කළේය.+ 12 සිරියන්වරුන්ගෙන්ද මෝවබ්වරුන්ගෙන්ද+ අම්මොන් පුත්‍රයන්ගෙන්ද පිලිස්තිවරුන්ගෙන්ද+ අමලෙක්වරුන්ගෙන්ද+ ලබාගත් සියලු වස්තු හා රෙහොබ්ගේ පුත්‍රයා වූ ෂොබාහි රජු වන හදද්එෂෙර්ගෙන්+ කොල්ල කෑ සියලු වස්තුද දාවිත් රජ එසේ කැප කළේය. 13 ඒදොම්වරුන් දහඅටදහසක්+ ලුණු නිම්නයේදී+ මරා දැමූ නිසා දාවිත් රජ කීර්තියට පත් විය. 14 ඔහු ඒදොම්හි සෑම තැනකම මුර කඳවුරු පිහිටෙව්වේය.+ ඒදොම්වරුද දාවිත් රජුගේ සේවකයෝ වූහ.+ දාවිත් රජු ගිය ගිය තැන්වල යෙහෝවා දෙවි ඔහුට ජය අත් කර දුන්නේය.+
15 දාවිත් රජ මුළු ඊශ්‍රායෙල් දේශයම පාලනය කළේය.+ දාවිත් රජ තම සෙනඟව ධර්මිෂ්ඨ ලෙස පාලනය කළේය.+ ඔහු ඔවුන්ට යුක්තිය ඉටු කර දුන්නේය.+ 16 ඔහුගේ හමුදාපති ලෙස කටයුතු කළේ ෂෙරුයියාගේ පුත්‍රයා වූ යෝවාබ්ය.+ අහිලුද්ගේ පුත්‍රයා වූ යෙහෝෂපාට්+ දේශයේ වාර්තාකරු ලෙස සේවය කළේය. 17 අහිතුබ්ගේ පුත්‍රයා වූ සාදොක්+ සහ අබියාතර්ගේ පුත්‍රයා වූ අහිමෙලෙක්+ පූජකයන් ලෙස සේවය කළෝය. සෙරායා ලේකම් ලෙස කටයුතු කළේය. 18 යෙහෝයාදාගේ පුත්‍රයා වූ බෙනායා+ කෙරෙතිවරුන්ගේ+ හා පෙලෙතිවරුන්ගේ+ අධිපතියා ලෙස කටයුතු කළේය. දාවිත් රජුගේ පුත්‍රයෝද අධිපතීන් ලෙස සේවය කළෝය.+