ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 7:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔබ එවැනි දෙයකට ඉඩ දුන්නොත් ඔබේ දූපුතුන් දෙවිගෙන් ඈත් වී වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන කරන්න පටන්ගනියි.+ එවිට යෙහෝවා දෙවිගේ උදහස ඔබට විරුද්ධව ඇවිළී, ඔහු ඔබව වහාම විනාශ කර දමයි.+

  • 1 රාජාවලිය 7:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 සිංහාසන ශාලාවට එහා පැත්තේ තිබූ මළුවේ+ රජුගේ මාලිගාව ගොඩනඟා තිබිණ. රජුගේ මාලිගාවද සිංහාසන ශාලාව හා සමානව ගොඩනඟා තිබිණ. සලමොන් රජ තමා විවාහ කරගත් පාරාවෝගේ දියණියටත්+ ඒ ශාලාව හා සමාන ගෘහයක් ගොඩනැඟුවේය.

  • 1 රාජාවලිය 9:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 දාවිත්ගේ නුවරේ+ පදිංචි වී සිටි පාරාවෝගේ දියණිය,+ සලමොන් රජු ඇය වෙනුවෙන් සෑදූ මාලිගාවට ගොස් පදිංචි වූවාය. සලමොන් රජ නුවරේ සීමාවල*+ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේ ඉන්පසුවය.

  • 1 රාජාවලිය 11:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 සලමොන් රජ වෙනත් ජාතීන්ට අයත් ස්ත්‍රීන් බොහෝදෙනෙකුට ආදරය කළේය.+ ඔහු පාරාවෝගේ දියණියව+ පමණක් නොව මෝවබ්,+ අම්මොන්,+ ඒදොම්,+ සීදොන්+ හා හිත්තී ජාතික+ ස්ත්‍රීන්වද විවාහ කරගත්තේය.

  • එස්රා 10:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ටික වේලාවක් ගත වූ පසු පූජක එස්රා නැඟිට, රැස් වූ සෙනඟට මෙසේ පැවසීය. “ඔබ දෙවිට අවිශ්වාසවන්තව කටයුතු කර තිබෙනවා. ඔබ විදේශ ස්ත්‍රීන්ව+ විවාහ කරගෙන ඊශ්‍රායෙල් සෙනඟගේ පාප තවත් වැඩි කළා.+

  • නෙහෙමියා 13:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 මේ සෑම දෙයක්ම දැන දැනත් ඔබ අපගේ දෙවිට ද්‍රෝහි වී විදේශීය ස්ත්‍රීන්ව විවාහ කරගෙන සිටිනවා.+ ඔබ මේ වගේ දෙයක් කරන්නේ කොහොමද කියා මට හිතාගන්නවත් බැහැ.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න