ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 27:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔබ ඔවුන්ගේ පූජාසනය හුණුගල් මෙන් කුඩු කර දමන්නෙහිය. ඔවුන් නමස්කාරය සඳහා සෑදූ කුලුනු+ සහ සුවඳ දුම් පූජාසන යළි කෙදිනකවත් ගොඩනඟන්නේ නැත.+ මෙසේ, නිසි දඬුවම් ලැබීමෙන් අනතුරුව යාකොබ්ට සමාව දෙනු ඇත.+ ඔහුගේ පාප මකා දැමූ පසු ඔහු හොඳ පල දරන්නේය.+

  • එසකියෙල් 36:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 මම ඔබ මතට පිරිසිදු ජලය වත් කර ඔබව පවිත්‍ර කරන්නෙමි.+ ඔබ කළ සියලු අපවිත්‍ර ක්‍රියාවලින් ඔබ පවිත්‍ර වනු ඇත.+ ඔබේ පිළිකුල්සහගත රූප සියල්ල ඉවත් කර මම ඔබව පවිත්‍ර කරමි.+

  • එසකියෙල් 37:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 තවදුරටත් ඔවුහු තමන්ව අපවිත්‍ර කරවන දේවල යෙදෙන්නේ නැත. ඔවුහු පිළිකුල්සහගත රූප සාදාගන්නේවත් නින්දිත ලෙස හැසිරෙන්නේවත් පව්කාර ක්‍රියාවල යෙදෙන්නේවත් නැත.+ ඔවුන් තම වාසස්ථානවලදී කළ සියලුම පව්කාර ක්‍රියාවලට මම සමාව දී ඔවුන්ව පවිත්‍ර කරන්නෙමි.+ ඔවුහු මාගේ සෙනඟ වන්නෝය. මමද ඔවුන්ගේ දෙවි වන්නෙමි.+

  • හොෂෙයා 14:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “එෆ්‍රායිම් මෙසේ කියනු ඇත. ‘මේ බොරු දෙවිවරුන්ගේ රූපවලින් මට දැන් කිසි වැඩක් නැත.’+

      “‘මම ඔවුන්ට පිළිතුරු දෙන්නෙමි. මම ඔවුන්ට රැකවරණයද දෙන්නෙමි.+ මා සරුසාරව වැඩෙන ජුනිපර් ගසක් මෙනි.+ මා හටගන්වන පලවලින් ඔබ පෝෂණය ලබනු ඇත.’”

  • සෙකරියා 13:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඒ කාලයේදී, මම දේශයේ වැසියන් නමස්කාර කරන දේවතා රූප සහමුලින්ම විනාශ කරන්නෙමි. ඉන්පසුව ඒ දෙවිවරුන්ව ඔවුන්ගේ මතකයටවත් නැඟෙන්නේ නැත.+ බොරු අනාගතවක්තෘවරුන්වද+ භූතයන්ගේ බලපෑමද මම දේශයෙන් තුරන් කර දමන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න