ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 29:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 සියලුම ජාතීන් මේ දේ දැක, ‘යෙහෝවා දෙවි මේ දේශයට මේ වගේ දෙයක් කළේ ඇයි?+ ඔහුගේ උදහස මෙතරම් දරුණු ලෙස ඇවිළ ගියේ ඇයි’ කියා අසයි.

  • 1 රාජාවලිය 9:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මේ ගෘහයද නටබුන් ගොඩක් වන්නේය.+ එය පසු කර යන සියල්ලෝ පුදුමයෙන් ඒ දෙස බලා+ උසුළුවිසුළු කරමින්, ‘මේ දේශයටත් මේ ගෘහයටත් යෙහෝවා දෙවි මෙවැනි දෙයක් කළේ ඇයි’+ කියා විමසනු ඇත.

  • 2 ලේකම් 7:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මේ ගෘහය නටබුන් ගොඩක් වන්නේය.+ එය පසු කර යන සියල්ලෝ පුදුමයෙන් ඒ දෙස බලා,+ ‘මේ දේශයටත් මේ ගෘහයටත් යෙහෝවා දෙවි මෙවැනි දෙයක් කළේ ඇයි’+ කියා විමසනු ඇත.

  • ගීතාවලිය 44:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 බැටළුවන් මෙන් සිටින අපව ආහාරයක් ලෙස ඔබ ඔවුන්ට දී ඇත.+

      ජාතීන් අතරේ ඔබ අපව විසුරුවාහැර ඇත.+

  • යෙරෙමියා 24:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මම ඔවුන් පිටට ගෙනෙන විපත්තිය නිසා පොළොවේ සිටින සියලු රජ්‍යයන් බියෙන් වෙවුලනු ඇත.+ වෙනත් ජාතීන් අතරේ ඔවුහු නින්දාවටත් සමච්චලයටත් ලක් වනු ඇත. ඔවුන්ව විසුරුවාහරින ලද දේශවල වෙසෙන ජනයා+ ඔවුන්ට අපහාස කරමින්+ ශාප කරනු ඇත.+

  • යෙරෙමියා 25:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මම මාගේ සේවකයාද බැබිලෝනියේ රජුද වන නෙබුකද්රෙෂර්ටත්+ උතුරෙහි වෙසෙන සියලු ගෝත්‍රයන්ටත් පණිවිඩයක් යවා ඔවුන්ව ගෙන්වාගන්නෙමි.+ මා එසේ කරන්නේ මේ දේශයටත්+ එහි වැසියන්ටත් දේශය අවට සිටින සියලු ජාතීන්ටත්+ විරුද්ධව ඔවුන් ක්‍රියා කරන පිණිසය. මෙසේ පවසන මා යෙහෝවා දෙවිය. මම මේ සෙනඟව සහමුලින්ම විනාශ කර දමන්නෙමි. ඔවුන්ට සිදු වන දේ දැක සියලුදෙනා පුදුමයට පත් වනු ඇත. ඔවුන්ව සියල්ලන්ගේ නින්දා අපහාසවලට ලක් වීමට මම සලස්වන්නෙමි.+ මේ දේශය සදහටම පාළුවට යෑමට ඉඩහරින්නෙමි.+

  • විලාප ගී 2:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යෙරුසලම් දියණියනි, ඔබව පසු කර යන සියල්ලෝ ඔබට උසුළුවිසුළු කරමින්+ අත්පොළසන් දෙති.+

      ඔවුහු හිස වනමින් සමච්චලේට මෙන්+ මෙසේ කියති.

      “සුන්දරත්වයෙන් පිරිපුන්ම නගරය මෙයයි කියා සියල්ලන් ආඩම්බරයෙන් කතා කළේ මේ නගරය ගැන නේද?”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න