ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 29:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “දෙවි ඔබ සමඟ ඇති කරගන්නා මේ ගිවිසුමේ සඳහන් ශාප ගැන ඇසූ විට+ කෙනෙක් උඩඟු වී, ‘මම කරන්නේ මට ඕන දේ.+ එහෙම කළා කියලා මට කිසි කරදරයක් වෙන්නේ නැහැ’+ කියා සිතන්න ඉඩ තිබෙනවා. ඔහු එසේ සිතමින් නැති බැරි අයව විතරක් නොව අන් සියලුදෙනාවත්* විනාශ කර දමන්න උත්සාහ කළොත්

  • විනිශ්චයකරුවෝ 2:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 නමුත් දෙවි පත් කර සිටි විනිශ්චයකරුවෙකු මිය ගිය පසු ඔවුහු නැවතත් දෙවිව අත්හැර වෙනත් දෙවිවරුන් වෙතට හැරී ඔවුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තෝය.+ ඔවුහු තම පියවරුන්ට වඩා පිළිකුල්සහගත දේවල් කළෝය. ඔවුහු ඒ වැරදි දේවලින් ඉවත් වුණේවත් ඔවුන්ගේ මුරණ්ඩු ආකල්ප වෙනස් කරගත්තේවත් නැත.+

  • නෙහෙමියා 9:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 නැවත ඔබ වෙතට හැරී ඔබේ නීතියට+ කීකරු වෙන්න කියා ඔබ ඔවුන්ට බොහෝ වරක් අවවාද+ කළත් එයින් පලක් වුණේ නැහැ. ඔවුන් හිතුවක්කාර+ ලෙස, ජීවනය හිමි කර දෙන+ ඔබේ තීන්දු හා අණපනත්+ කඩ කරමින් පව් කළා.+ ඔවුන් සිත් දැඩි කරගෙන+ ඔබ කී කිසි දෙයක් ගණනකට ගත්තේ නැහැ.+ ඔවුන් මුරණ්ඩු, කැරලිකාර සෙනඟක්.+

  • යෙරෙමියා 6:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඔවුහු සියලුදෙනාම තඹ හා යකඩ මෙන් දැඩි සිත් ඇති, මුරණ්ඩු සෙනඟකි.+ ඔවුන් නිතරම කරන්නේ අනුන්ට අපහාස කිරීමයි.+ ඔවුහු දූෂිත සෙනඟකි.+

  • යෙරෙමියා 7:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 නමුත් ඔවුහු මා පැවසූ දේ ගණනකටවත් ගත්තේ නැත. මට සවන් දුන්නේ නැත.+ ඒ වෙනුවට ඔවුන් ක්‍රියා කළේ ඔවුන්ගේ දුෂ්ට සිතුවිලිවලට අනුවය. ඔවුහු මුරණ්ඩු ලෙස හැසිරුණෝය.+ එබැවින් ඔවුහු ක්‍රමක්‍රමයෙන් පිරිහීමට පටන්ගත්තෝය.+

  • යෙරෙමියා 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 තම තමන් කැමති මාර්ගයේ ගමන් කරමින් ඔවුහු මුරණ්ඩු ලෙස ක්‍රියා කළෝය.+ ඔවුන්ගේ මුතුන්මිත්තන් ඉගැන්වූ ලෙස+ ඔවුහු බාල් දෙවිවරුන්ට නමස්කාර කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න