ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 49:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+

  • ගීතාවලිය 89:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 දෙවි මෙසේ කීවේය. “මා තෝරාගත් තැනැත්තා සමඟ මම ගිවිසුමක් ඇති කරගත්තෙමි.+

      මාගේ සේවක දාවිත්ට මම මෙසේ පොරොන්දු වුණෙමි.+

  • ගීතාවලිය 110:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 110 යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය.+

      “මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු+

      මාගේ දකුණු පැත්තේ හිඳගන්න.”+

  • යෙසායා 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මන්ද අපට ළදරුවෙක් උපන්නේය.+ අපට පුත්‍රයෙකු දෙන ලද්දේය.+ රාජ්‍ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය.+ ඔහුව උතුම් උපදේශකයාණන්,+ බලවත් දෙවි,+ සදාකාල පියාණන්+ සහ සමාදානයේ කුමාරයා+ ලෙස හඳුන්වනු ඇත.

  • යෙසායා 11:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඒ දවසේදී+ යෙස්සේගේ පෙළපතින් මුලක්+ හටගනු ඇත. සියලු ජනයාට ලකුණක් පිණිස ඔහුව කොඩියක් සේ සිටවනු ලබන්නේය.+ විවිධ ජාතීහු ඔහුගෙන් මඟ පෙන්වීම පතන්නෝය.+ ඔහුගේ වාසස්ථානය තේජසින් පිරී යන්නේය.+

  • එසකියෙල් 37:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔවුහු මාගේ සේවකයා වූ යාකොබ්ට මා දුන් දේශයෙහි අනිවාර්යයෙන්ම වාසය කරන්නෝය.+ ඔවුන්ගේ මුතුන්මිත්තන් වාසය කළ ඒ දේශයේ+ ඔවුහුද ඔවුන්ගේ පුත්‍රයෝද පුත්‍රයන්ගේ පුත්‍රයෝද සදහටම වාසය කරනු ඇත.+ මාගේ සේවක වූ දාවිත් සදහටම ඔවුන්ගේ අධිපති ලෙස කටයුතු කරන්නේය.+

  • ලූක් 1:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 ඔහු ඉතා ශ්‍රේෂ්ඨ කෙනෙක් වන අතර+ ඔහුව හඳුන්වනු ලබන්නේ මහෝත්තම දෙවිගේ පුත්‍රයා ලෙසයි.+ යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පියා වූ දාවිත්ගේ+ සිංහාසනය+ ලබා දෙයි.

  • රෝම 15:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මීට අමතරව යෙසායා පවසන්නේ මෙයයි. “යෙස්සේගේ පෙළපතින් පැමිණෙන ‘මුල’+ ජාතීන්ව පාලනය කිරීමට නැඟිටින්නේය.+ ජාතීන් බලාපොරොත්තු තබන්නේ ඔහු කෙරෙහිය.”+

  • එළිදරව් 5:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එවිට එක් වැඩිමහල්ලෙක් මට මෙසේ කීවේය. “ඔබේ හැඬීම නවත්වන්න. බලන්න, දාවිත්ගේ+ මුල+ එනම්, යූදා ගෝත්‍රයෙන් පැමිණි+ සිංහයා ජය ගෙන ඇත.+ එහෙයින් ලියවිල්ලේ මුද්‍රා හත කැඩීමටත් එය දිගහැරීමටත් ඔහුට පුළුවන.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න