ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 29:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මේ ජනයා මා වෙතට ළං වන්නේ තමන්ගේ තොල්වලින් පමණි.+ ඔවුන් තමන්ගේ මුඛයෙන් මට ප්‍රශංසා කළත් ඔවුන්ගේ සිත් මා වෙතින් බොහෝ ඈත් වී තිබේ.+ මිනිසුන් විසින් සාදාගත් ආඥා ඉගෙනගත් පමණින් මට ගරුබිය දක්වනවායයි ඔවුහු සිතති.+

  • යෙරෙමියා 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “ඔබ දැන් ගමන් කරන මාර්ගයේ යෑම නතර කර, ඔබේ මුතුන්මිත්තන් ගමන් කළ යහපත් මාර්ගය* සොයා+ එහි ගමන් කරන්න.+ එවිට ඔබට සහනයක් ලැබෙයි.”+ නමුත් ඔබ, “අපි ඒ මාර්ගයේ යන්නේ නැහැ” කියා නැවත නැවතත් පැවසුවහුය.+

  • යෙරෙමියා 44:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 අපිත්+ අපේ මුතුන්මිත්තනුත්+ රජවරුනුත්+ අධිපතීනුත් පොරොන්දු වුණු විදිහට+ යූදාහි නගරවල හා යෙරුසලමේ වීථිවල අහස් දේවතාවියට සුවඳ දුම්+ හා පාන පූජා+ ඔප්පු කළා. දැනුත් අපි ඒ විදිහටම කරනවා. මොකද ඒ කාලයේ අපිට ඇති තරම් කන්න බොන්න තිබුණා. අපි කිසි කරදරයක් නැතුව ජීවත් වුණා.+

  • මතෙව් 7:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා+ මිස මට ‘ස්වාමීනි, ස්වාමීනි’ කියන සියලුදෙනාටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න+ ලැබෙන්නේ නැහැ.

  • ලූක් 6:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 අනික් අතට අසා සිටියත් මා කියන දේ පිළි නොපදින පුද්ගලයා+ අත්තිවාරමක් දමන්නේ නැතුව පොළොව මතුපිට ගෙයක් ගොඩනඟන මිනිසෙකුට සමාන කරන්න පුළුවන්. ගංවතුර වේගයෙන් ගලා ඒ ගෙට ගැසූ විගස එය කඩා වැටෙනවා. එහි විනාශය+ කොතරම්ද කිවහොත් ඉතුරු වන්නේ එහි සුන්බුන් පමණයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න