ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 8:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඒ කාලයේදී කුසගින්නේ සිටින්න දෙවි ඔබට ඉඩහැරියා.+ ඉන්පසු ඔබවත් ඔබේ පියවරුන්වත් කවදාවත් නොදුටු මන්නාවලින්+ දෙවි ඔබව පෝෂණය කළා. දෙවි එසේ කළේ මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව, යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මත බව* ඔබට අවබෝධ කර දෙන්නයි.+ ඒ හැම අද්දැකීමකින්ම ඔබ නිහතමානිකම ඉගෙනගත්තා.

  • ද්විතීය කතාව 30:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඒ නිසා අද මා ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ සියලුම අණපනත්වලට සවන් දෙන්න. ඔබේ දෙවි වන යෙහෝවාට නිතරම ප්‍රේම කරමින්+ ඔහු ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න. ඔබ එසේ ඔහුගේ සියලු අණපනත්+ හා තීන්දු පිළිපදින්න+ තීරණය කළොත් ඔබට ජීවනය ලැබෙනවා+ පමණක් නොව ඔබේ ගණනද බොහෝ සෙයින් වැඩි වෙයි. ඒ වගේම ඔබට හිමි වන දේශයේදී යෙහෝවා දෙවි ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි.+

  • ලූක් 10:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එවිට යේසුස්, “ඔබේ පිළිතුර නිවැරදියි. ‘ඔබ දිගටම ඒ දේ කළොත් ඔබටත් ජීවනය ලැබෙයි’”+ කියා ඔහුට කීවේය.

  • රෝම 10:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 නීතියේ ධර්මිෂ්ඨ ප්‍රමිති පිළිපදින තැනැත්තා ඔහුගේ ජීවිතය රැකගන්නා බව මෝසෙස් තම ලියවිලිවල පැහැදිලි කළේය.+

  • ගලාති 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 නමුත් නීතිය පිළිපැදීමට පුද්ගලයෙකුට විශ්වාසය අවශ්‍ය වන්නේ නැත. මන්ද, “යමෙක් ඒවා පිළිපදින්නේ නම් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න