ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 20:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “සබත් දවස ශුද්ධ දවසක් බව මතක තබාගන්න.+

  • ලෙවී කතාව 23:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “‘ඔබට දින හයක් වැඩ කිරීමට පුළුවන. නමුත් හත්වන දවස ශුද්ධ එක්රැස්වීමක් පවත්වන සබත් දිනයකි. එදින ඔබ වෙනත් වැඩවල නොයෙදී මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි.+ ඔබ කොතැනක ජීවත් වුණත් යෙහෝවා දෙවි වන මා වෙනුවෙන් එම දවස සබතක් ලෙස පැවැත්විය යුතුයි.+

  • ලෙවී කතාව 23:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘හත්වන මාසයේ+ පළමුවෙනිදා වෙනත් වැඩවල නොයෙදී ඔබ මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි. එදින ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ එය හොරණෑ නාද කරමින් සිහි කළ යුතු දිනයකි.+

  • ලෙවී කතාව 23:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 එය ඔබ වෙන කිසි වැඩක් නොකර මුළු දවසම විවේකයෙන් ගත කළ යුතු සබත් දවසකි.+ ඔබ හත්වන මාසයේ නවවනදා සවස සිට පසුවදා සවස දක්වා යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින්+ එම සබත පැවැත්විය යුතුයි.”

  • ලෙවී කතාව 25:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 නමුත් හත්වන අවුරුද්දේදී භූමියට විවේකයක් දෙමින් ඔබ යෙහෝවා දෙවි වන මා වෙනුවෙන් සබතක් පැවැත්විය යුතුයි.+ ඔබ එම අවුරුද්ද මුළුල්ලේම ඔබේ කෙත්වල බීජ නොවැපිරිය යුතුයි. ඔබේ මිදිවැල්ද කප්පාදු නොකළ යුතුයි.

  • ලෙවී කතාව 25:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 පනස්වන අවුරුද්ද ඔබට විශේෂ අවුරුද්දක් වන්නේය.+ එම අවුරුද්දේදී ඔබේ කෙත්වල බීජ නොවපුරන්න. කෙත්වල ඉතුරු වූ බීජවලින් හටගත් ධාන්‍ය කපා රැස් කර නොගන්න. කප්පාදු නොකළ මිදිවැල්වල පලද රැස් කර නොගන්න.+

  • ද්විතීය කතාව 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “‘ඔබේ දෙවි වන යෙහෝවා ඔබට අණ කළ ලෙස සබත් දවස ශුද්ධ දවසක් ලෙස සලකන්න.+

  • නෙහෙමියා 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබට ගෞරවය දෙන පිණිස පැවැත්විය යුතු ශුද්ධ සබත+ ගැන ඔබ ඔවුන්ට දැන්වූවා. ඔබේ සේවකයා වන මෝසෙස්+ මාර්ගයෙන් ඔබේ නීතිය ගැනත් වෙනත් අණපනත් ගැනත් ඔබ ඔවුන්ව දැනුවත් කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න