ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 21:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 දැන් මිනිසුන් කිහිපදෙනෙකු අශ්ව රථයක එනවා මට පෙනේ!”+

      ඉන්පසු මුරකරු මෙසේ කීවේය. “ඇය වැටුණාය! බැබිලෝනිය වැටුණාය.+ දෙවි ඇගේ දේවතා රූප සියල්ල විනාශ කර පොළොවට සමතලා කර දැමුවේය!”+

  • යෙරෙමියා 51:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එක මොහොතින් බැබිලෝනිය වැටී විනාශ වී ගියේය.+ ජනයෙනි, ඇයට සිදු වූ විපත නිසා විලාප නඟන්න.+ වේදනාවෙන් පෙළෙන ඇයට බෝල්සම් තෛලය ගෙනත් දෙන්න.+ සමහරවිට ඇයට ඉන් සුවයක් ලැබෙයි.”

  • යෙරෙමියා 51:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 “නගරය සෑම පැත්තෙන්ම අල්ලාගෙන ඇති බව බැබිලෝනියේ රජුට දන්වන පිණිස+ පණිවිඩකරුවෝ පිට පණිවිඩකරුවෝ පැමිණෙති.+

  • යෙරෙමියා 51:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔවුන් උමතු වී සිටින විට මම ඔවුන්ට උත්සවයක් සූදානම් කර මත් වන තුරු ඔවුන්ට බීමට දෙන්නෙමි.+ ප්‍රීතියෙන් කුල්මත්ව සිටින ඔවුහු නොදැනුවත්වම සදාකාල නින්දකට වැටෙනු ඇත. කිසි දිනක ඔවුහු ඒ නින්දෙන් අවදි නොවනු ඇත.+

  • යෙරෙමියා 51:57
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 57 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යන නමින් හඳුන්වන+ රජ+ මෙසේද පවසන්නේය. “මම ඇගේ අධිපතීන්ටද ප්‍රඥාවන්තයන්ටද ආණ්ඩුකාරයන්ටද නිලධාරීන්ටද දක්ෂ යුධ භටයන්ටද මත් වන තුරුම බීමට දෙන්නෙමි.+ එවිට ඔවුහු නොදැනුවත්වම සදාකාල නින්දට වැටෙනු ඇත. කිසි දිනක ඔවුහු ඒ නින්දෙන් අවදි වන්නේ නැත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න