ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 11:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඒ දවසේදී+ යෙස්සේගේ පෙළපතින් මුලක්+ හටගනු ඇත. සියලු ජනයාට ලකුණක් පිණිස ඔහුව කොඩියක් සේ සිටවනු ලබන්නේය.+ විවිධ ජාතීහු ඔහුගෙන් මඟ පෙන්වීම පතන්නෝය.+ ඔහුගේ වාසස්ථානය තේජසින් පිරී යන්නේය.+

  • යෙසායා 42:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “යෙහෝවා දෙවි වන මම ධර්මිෂ්ඨ අරමුණක් ඉටු කිරීම සඳහා ඔබව කැඳෙව්වෙමි.+ මම ඔබේ අතින් අල්ලාගතිමි.+ මම ඔබව ආරක්ෂා කර සියලු ජනයාට සහතිකයක්* ලබා දෙන පිණිසත්+ ජාතීන්ට ආලෝකය දෙන පිණිසත්+ ඔබව යවන්නෙමි.

  • යෙසායා 49:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 දෙවි මට මෙසේ පැවසුවේය. “මාගේ සේවකයා ලෙස ඔබට පැවරී තිබෙන කාර්යය සුළුපටු එකක් නොවෙයි. යාකොබ්ගේ පුත්‍රයන්ගෙන් පැවතෙන ගෝත්‍ර නැවත ගොඩනඟන්නත් රැකවරණය ලැබූ ඊශ්‍රායෙල්වරුන්ව නැවත මා වෙතට ගෙන එන්නත් මම ඔබට පැවරුවෙමි.+ එමෙන්ම, ජාතීන්ට ආලෝකය දෙන පිණිස මම ඔබව පත් කළෙමි.+ මා එසේ කළේ පොළොවේ ඈත කෙළවර දක්වාම වෙසෙන ජනයාට මා දෙන ගැලවීම අත් කර දෙන පිණිසය.”+

  • ක්‍රියා 13:47
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 47 ඇත්තෙන්ම යෙහෝවා දෙවි අපිට මෙලෙස අණ කර තිබෙනවා. ‘මම ජාතීන්ට ආලෝකය දීම සඳහා ඔබව පත් කළෙමි.+ එසේ කළේ ඔබ මාර්ගයෙන් පොළොවේ ඈත කෙළවර දක්වාම වෙසෙන ජනයාට ගැලවීම ලබා දීම සඳහාය.’”+

  • ක්‍රියා 26:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 එනම් ක්‍රිස්තුස් වධ විඳිය යුතු බවත්+ මරණයෙන් නැවත නැඟිටුවනු ලබන පළමුවෙනියා ලෙස+ ඔහු මේ ජාතියට හා වෙනත් ජාතීන්ට+ ආලෝකයක් ලබා දෙන බවත්+ මම පැවසුවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න