උත්පත්ති 50:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 කල් යත්ම යෝසෙප් තම සහෝදරයන්ට මෙසේ කීවේය. “මම වැඩි කල් ජීවත් වෙන එකක් නැහැ. දෙවි අනිවාර්යයෙන්ම ඔබ දෙස බලා ඔබට කරුණාව දක්වයි.+ ඔහු ඔබව මේ දේශයෙන් පිටතට ගෙන ගොස් ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දෙන්න පොරොන්දු වූ දේශයට ඔබව රැගෙන යයි.”+ නික්මයාම 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි ඔහුට මෙසේද කීවේය. “ඔබේ පියාගේ දෙවි මමය. ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවිත් මමය.”+ එවිට මෝසෙස් සැබෑ දෙවි දෙස බැලීමට භය වී තම මුහුණ වසාගත්තේය. මාක් 12:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මිය ගිය අය නැවත නැඟිටුවනු ලබන බව මෝසෙස්ගේ ලියවිල්ලෙහි සඳහන් කටු පඳුර අසල සිද්ධියෙන් පැහැදිලි වෙනවා. ඒ ගැන ඔබ කියවා නැද්ද? එම වාර්තාවේ ‘මම ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිය’ කියා දෙවි මෝසෙස්ට කිව්වා.+ ලූක් 20:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 මිය ගිය අය නැවත නැඟිටින බව මෝසෙස් පවා පැහැදිලි කළා. කටු පඳුර අසල සිද්ධියේ+ යෙහෝවා දෙවිව හඳුන්වා තිබුණේ, ‘ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවි’ ලෙසයි.+
24 කල් යත්ම යෝසෙප් තම සහෝදරයන්ට මෙසේ කීවේය. “මම වැඩි කල් ජීවත් වෙන එකක් නැහැ. දෙවි අනිවාර්යයෙන්ම ඔබ දෙස බලා ඔබට කරුණාව දක්වයි.+ ඔහු ඔබව මේ දේශයෙන් පිටතට ගෙන ගොස් ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දෙන්න පොරොන්දු වූ දේශයට ඔබව රැගෙන යයි.”+
6 දෙවි ඔහුට මෙසේද කීවේය. “ඔබේ පියාගේ දෙවි මමය. ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවිත් මමය.”+ එවිට මෝසෙස් සැබෑ දෙවි දෙස බැලීමට භය වී තම මුහුණ වසාගත්තේය.
26 මිය ගිය අය නැවත නැඟිටුවනු ලබන බව මෝසෙස්ගේ ලියවිල්ලෙහි සඳහන් කටු පඳුර අසල සිද්ධියෙන් පැහැදිලි වෙනවා. ඒ ගැන ඔබ කියවා නැද්ද? එම වාර්තාවේ ‘මම ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිය’ කියා දෙවි මෝසෙස්ට කිව්වා.+
37 මිය ගිය අය නැවත නැඟිටින බව මෝසෙස් පවා පැහැදිලි කළා. කටු පඳුර අසල සිද්ධියේ+ යෙහෝවා දෙවිව හඳුන්වා තිබුණේ, ‘ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවි’ ලෙසයි.+