-
ගණන් කතාව 4:31-33ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
31 හමු වීමේ කූඩාරම සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන වගකීම් මේවායි.+ කූඩාරමේ රාමු,+ ඒකේ පොලු,+ කණු,+ අඩි,+ 32 මළුව වටේ තියෙන කණු,+ ඒවාවල අඩි,+ කූඤ්ඤ,+ ලණු, ඒවාවලට සම්බන්ධ හැම වැඩකටම ඕනෙ කරන උපකරණ ඔවුන් උස්සගෙන යා යුතුයි. ඔවුන් එක් එක් කෙනා උස්සගෙන යන්න ඕනෙ දේ නිශ්චිතව කියලා ඒ වැඩ කොටස ඔවුන්ට පවරන්න. 33 හමු වීමේ කූඩාරම සම්බන්ධයෙන් මෙරාරීවරුන්ට+ පැවරුණ වගකීම් ඒවායි. ඔවුන් ඒ සියලු වගකීම් ඉටු කළ යුත්තේ පූජක ආරොන්ගේ පුතා වන ඉතමාර්ගේ අධීක්ෂණය යටතේ.”+
-