යෝබ්
21 එතකොට යෝබ් මෙහෙම කිව්වා.
2 “මං කියන දේට හොඳින් සවන් දෙන්න.
එහෙම කරලවත් මගේ හිතට සැනසීමක් දෙන්න.
4 මං පැමිණිලි කරන්නේ මිනිසෙක්ට කියලා ඔයාලා හිතනවාද?
එහෙමනම් මං මෙච්චර ඉවසගෙන ඉන්නේ කොහොමද?
5 මං දිහා පුදුමයෙන් බලාගෙන ඉන්න.
අත්වලින් ඔයාලාගේ කටවල් වහගන්න.
6 මේ දේවල් මතක් වෙද්දීත් මගේ හිත කැලඹෙනවා.
මගේ ඇඟ කිලිපොළා යනවා.
8 එයාලාගේ දරුවන් හැමදාමත් එයාලා එක්ක ඉන්නවා.
ඒ දරුවන්ගේ දරුවනුත් එයාලට දකින්න ලැබෙනවා.
9 ඒ අයගේ ගෙවල් සුරක්ෂිතයි.
බය කියන්නේ මොකක්ද කියලවත් එයාලා දන්නේ නැහැ.+
දෙවියන්වත් එයාලට දඬුවම් කරන්නේ නැහැ.
10 එයාලාගේ ගවයන්ගේ ජවය මොන තරම්ද!
එයාලාගේ එළදෙන්නු අනිවාර්යයෙන්ම පැටව් බිහි කරයි.
උන් කවදාවත් ගබ්සාවක් අද්දකින්නේ නැහැ.
11 දුෂ්ටයාගේ දරුවන් සත්ව රැළක් වගේ නිදහසේ දුව පැන යනවා.
දරුදැරියන් සතුටින් කල් ගෙවනවා.
14 ඒත් එයාලා සැබෑ දෙවියන්ට කියන්නේ මෙහෙමයි.
‘අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න!
ඔබෙන් මඟ පෙන්වීම් ලබන්න අපිට කිසිම උවමනාවක් නැහැ.+
15 සියලු බලැති දෙවියන්ට යටත් වෙන්න ඔහු කවුද?+
ඔහු ගැන දැනගත්තයි කියලා අපිට තියෙන ප්රයෝජනය මොකක්ද?’+
16 ඒත් ඇත්තටම ජීවිතේ සාර්ථක කරගන්න දුෂ්ටයන්ට හැකියාවක් නැහැ.+
එයාලාගේ දුෂ්ට සිතුවිලි* මගේ හිතටවත් එන්නේ නැහැ.+
17 දුෂ්ටයන්ගේ පහන් නිවලා දැම්මා කියලත්+
එයාලා විපතකට මුහුණ දුන්නා කියලත්
දෙවියන් කේන්තියෙන් එයාලව විනාශ කළා කියලත්
ඔයා අහලා තියෙන්නේ කී වතාවක්ද?
18 එයාලා කවදා හරි හුළඟට ගහගෙන යන පිදුරු වගේ වෙලා තියෙනවාද?
කුණාටුවකට අහු වුණ දහයියා වගේ විසිර ගිහින් තියෙනවාද?
19 මිනිසෙක් කරන වැරදිවලට දෙවියන් අනිවාර්යයෙන්ම එයාගේ දරුවන්ට දඬුවම් කරනවා.
ඒත් ඒ මිනිසාටත් දෙවියන් දඬුවම් කරන්න ඕනේ. එතකොටයි එයා කරපු වරද එයා තේරුම්ගන්නේ.+
20 තමන් පිටට එන විනාශය දුෂ්ටයාට ඇස් දෙකෙන්ම දකින්න ලැබේවා!
සියලු බලැති දෙවියන්ගේ උදහස කියන කුසලානයෙන් එයාට බොන්න සිදු වේවා!+
23 කිසි කරදරයක් නැතුව නිදහසේ ජීවත් වෙන කෙනෙක් ඉන්නවා.+
එයා මිය යන්නේ සවිශක්තිය තියෙද්දීමයි.+
24 ඒ වෙද්දී එයාගේ කළවා තිබුණේ තෙලෙන් බර වෙලා.
එයාගේ ඇටකටු සවිමත්ව තිබුණා.*
28 මොකද ඔයාලා මෙහෙම අහනවා. ‘හොඳ පිළිගැනීමක් තිබුණ කෙනාගේ නිවසට මොකද වුණේ?
දුෂ්ටයාගේ කූඩාරම දැන් කෝ?’+
29 රටේ තොටේ ගමන් කරන අයගෙන් ඒ ගැන අහලා බැලුවේ නැද්ද?
එයාලා අහපු දැකපු දේවල්* ගැන හොඳට හොයලා බැලුවේ නැද්ද?
30 එතකොට ඔයාලට තේරෙයි විපත්ති දවසේදී දුෂ්ටයා බේරෙනවා කියලා.
දෙවියන්ගේ උදහස පිට කරන දවසේදී දුෂ්ටයාව ගලවගන්නවා කියලා.
31 දුෂ්ටයා යන්නේ වැරදි පාරේ කියලා එයාගේ මූණටම කියන්නේ කවුද?
එයා කරපු වැරදිවලට දඬුවම් දෙන්නේ කවුද?
32 දුෂ්ටයාගේ සිරුර සොහොන් බිමට අරන් යයි.
නිදි මරාගෙන එයාගේ සොහොන මුර කරයි.
33 නිම්නයේ පස් පිඩැලි අතරේ එයා සුව සේ සැතපෙයි.*+
එයාට පස්සේ මිය යන හැමෝමත් එතනට යයි.+
ගණන් කරන්න බැරි තරම් පිරිසක් එයාට කලින් එතනට ගිහින් සැතපිලා ඉන්නවා.
34 ඉතින් ඇයි ඔයාලා කිසි තේරුමක් නැති දේවල් කියලා මාව සනසන්න හදන්නේ?+
ඔයාලා කියන හැම වචනයකම තියෙන්නේ බොරුව විතරයි!”