යෝබ්
4 මාගේ සිතට දැනෙන වේදනාව ගැන මා පවසන්නේ මනුෂ්‍යයෙකුට කියා ඔබ සිතනවාද?
එසේනම් මා මෙලෙස ඉවසාගෙන සිටින්නේ කොහොමද?
6 මේ දේවල් මතක් වන විට මාගේ සිත කැලඹෙන්නේය.
මාගේ ගත කිලිපොළා යන්නේය.
7 දුෂ්ටයන් කිසි කරදරයක් නොමැතිව ජීවත් වන්නේ මන්ද?+
ඔවුහු ධන සම්පත් රැස් කරගනිමින් බලවත් වී දිගු කලක් ජීවත් වන්නෝය.+
8 ඔවුහු තමන්ගේ දරුවන්ද දරුවන්ගේ දරුවන්ද
දියුණු වෙමින් සුවසේ ජීවත් වන අයුරු තම දෑස්වලින්ම දකින්නෝය.
9 ඔවුන්ගේ නිවෙස් තුළ සාමය රජයන්නේය. භීතිය යනු කුමක්ද කියා ඔවුහු නොදනිති.+
දෙවිගේ දඬුවමෙන් ඔවුන් නිදහස්ය.
10 ඔවුන්ගේ ගවයන්ගේ ජවය මොන තරම්ද! එහෙයින් එළදෙන්නු නොවරදවා පැටවුන් බිහි කරති.+
උන් කිසිවිටෙක ගබ්සාවක් අත් නොදකිති.
11 සත්ව රැළක් මෙන් නිදහසේ දුව පැන යන්න ඔවුහු තම දරුවන්ට ඉඩහරිති.
ඔවුන්ගේ දරුවෝ ප්‍රීති ප්‍රමෝදයෙන් කල් ගෙවති.
14 ඔවුහු සැබෑ දෙවිට කතා කොට මෙසේ කියති. ‘අපට අපේ පාඩුවේ ඉන්න දෙන්න!+
ඔබෙන් මඟ පෙන්වීම් පතන්න අපට කිසිම අවශ්‍යතාවක් නැත.+
15 සියලු බලැති දෙවි කියන්නේ කවුද? අප ඔහුට යටත් වෙන්නේ කුමකටද?+
ඔහු සමඟ කතා කිරීමෙන් අපට ඇති ප්‍රයෝජනය කුමක්ද?’+
16 ඔවුන් තම ජීවිත සාර්ථක කරගෙන තිබුණද එය වැඩි කල් නොපවතියි.+
ඔවුන්ගේ දුෂ්ට උපායන්වලින් මම ඈත්ව සිටිමි.+
17 දුෂ්ටයන්ගේ පහන කී වතාවක් නිවා දමා ඇද්ද කියාත්+
ඔවුන් කී වතාවක් විපතට මුහුණ දී ඇද්ද කියාත් මට කියන්න.
දෙවිගේ උදහස නිසා ඔවුන් කී වතාවක් පහර ලැබ තිබෙනවාද?+
18 ඔවුන් කවදා හෝ සුළඟට ගසාගෙන යන පිදුරු ගසක් මෙන් වී තිබේද?+
කුණාටුවකට හසු වූ දහයියා මෙන් විසිර ගොස් තිබේද?
19 මිනිසෙකු කරන දුෂ්ටකම් නිසා යම් දිනක ඔහුගේ දරුවෝ පවා දෙවිගෙන් දඬුවම් විඳිනු ඇත.+
එවිට දෙවිගෙන් දඬුවම් ලබන බව ඔහු තේරුම්ගනු ඇත.+
20 දුෂ්ටයා තමන් පිටට පැමිණෙන විනාශය තම දෑසින්ම දකිනු ඇත.
සියලු බලැති දෙවිගේ උදහස නමැති කුසලානයෙන් ඔහුට බීමට සිදු වන බව ස්ථිරය.+
23 කිසිම දෙයකින් අඩුවක් නොමැතිව
නිදහසේ ජීවිතය භුක්ති විඳිමින් සිටියදී මිය යන අයෙක් සිටියි.+
24 ඔහුගේ සිරුර තරව තිබියදීත්
ඔහුගේ ඇටමිදුලු තෙත්ව තිබියදීත් ඔහුගේ ජීවිතය අවසන් වනු ඇත.
26 ඔවුහු දෙදෙනාම එක හා සමානව දූවිල්ලෙහි සැතපෙනු ඇත.+
ඔවුන් දෙදෙනාගේම මළ සිරුරු පණුවන්ගෙන් වැසී යනු ඇත.+
27 ඔබ සියලුදෙනාගේ සිතේ තිබෙන දේ මම හොඳින් දනිමි.
මට විරුද්ධව දුෂ්ට දේ කුමන්ත්‍රණය කරන බවත් මම දනිමි.+
29 රටේ තොටේ ගමන් කර අද්දැකීම් ලැබූ අයගෙන් මා කියූ දේ ගැන ඔබ ඇසුවහුද?
ඔවුන් ඉදිරිපත් කරන සාක්ෂි ඔබ සලකා බැලුවහුද?
30 උදහස් දවසේදී අන් සියලුදෙනා විපතට හසු වන විට
දුෂ්ටයා බේරෙනු ඇත.+
31 දුෂ්ටයාගේ මාර්ගය වැරදි බව ඔහුගේ මුහුණටම පවසන්නේ කවරෙකුද?+
ඔහු කළ ක්‍රියාවලට ප්‍රතිඵල දෙන්නේ කවරෙකුද?+