ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • ඉෂ්බෝෂෙත්ව මරලා දායි (1-8)

      • දාවිත් මිනීමරුවන්ව මරලා දායි (9-12)

2 සාමුවෙල් 4:1

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:27
  • +2සාමු 2:8

2 සාමුවෙල් 4:2

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 9:17; 18:21, 25

2 සාමුවෙල් 4:3

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 11:31, 33

2 සාමුවෙල් 4:4

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 20:16
  • +2සාමු 9:13; 1ලේක 8:34
  • +2සාමු 9:3
  • +1සාමු 29:1, 11

2 සාමුවෙල් 4:6

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 4:2

2 සාමුවෙල් 4:8

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 2:10
  • +1සාමු 18:10, 11; 20:1, 33; 23:15
  • +1සාමු 18:28, 29

2 සාමුවෙල් 4:9

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:12; 26:25; 2සාමු 12:7; ගීතා 34:7

2 සාමුවෙල් 4:10

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 1:2, 4
  • +2සාමු 1:13-15

2 සාමුවෙල් 4:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:6; නික් 21:12; ගණන් 35:16, 30

2 සාමුවෙල් 4:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:23
  • +ද්වි 21:22

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 සාමු. 4:12සාමු 3:27
2 සාමු. 4:12සාමු 2:8
2 සාමු. 4:2යොෂු 9:17; 18:21, 25
2 සාමු. 4:3නෙහෙ 11:31, 33
2 සාමු. 4:41සාමු 20:16
2 සාමු. 4:42සාමු 9:13; 1ලේක 8:34
2 සාමු. 4:42සාමු 9:3
2 සාමු. 4:41සාමු 29:1, 11
2 සාමු. 4:62සාමු 4:2
2 සාමු. 4:82සාමු 2:10
2 සාමු. 4:81සාමු 18:10, 11; 20:1, 33; 23:15
2 සාමු. 4:81සාමු 18:28, 29
2 සාමු. 4:91සාමු 24:12; 26:25; 2සාමු 12:7; ගීතා 34:7
2 සාමු. 4:102සාමු 1:2, 4
2 සාමු. 4:102සාමු 1:13-15
2 සාමු. 4:11උත් 9:6; නික් 21:12; ගණන් 35:16, 30
2 සාමු. 4:12ගීතා 55:23
2 සාමු. 4:12ද්වි 21:22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 සාමුවෙල් 4:1-12

දෙවෙනි සාමුවෙල්

4 හෙබ්‍රොන්වලදී+ අබ්නේර් මැරුණා කියලා සාවුල්ගේ පුතා ඉෂ්බෝෂෙත්+ දැනගත්තාම එයා හොඳටම බය වුණා. මුළු ඊශ්‍රායෙල් සෙනඟත් ඒ ආරංචිය අහලා කලබල වුණා. 2 බානාහ් සහ රේකාබ් කියන්නේ සාවුල්ගේ පුතාට අයිති කොල්ලකරුවන්ගේ කණ්ඩායම් භාරව හිටපු දෙන්නෙක්. එයාලා බෙන්ජමින් ගෝත්‍රයට අයිති, බෙයේරොත්වල පදිංචි වෙලා හිටපු රිම්මොන්ගේ පුතාලා. (ඒ කාලේ බෙයේරොත්+ නගරය තිබුණේ බෙන්ජමින් ගෝත්‍රයට අයිති ප්‍රදේශයක. 3 බෙයේරොත්වල ජීවත් වුණ අය ගිත්තායිම්+ කියන තැනට පලා ගියා. එයාලා අද වෙන කල්ම විදේශිකයන් විදිහට එහේ ජීවත් වෙනවා.)

4 සාවුල්ගේ පුතා වුණ යොනාතාන්ට+ මෙෆිබොෂෙත්+ කියලා පුතෙක් හිටියා. එයාගේ කකුල් දෙකම කොර වෙලයි තිබුණේ.+ සාවුල් සහ යොනාතාන් මිය ගිහින් කියලා යෙෂ්‍රෙයෙල්+ ඉඳන් පණිවිඩය ලැබෙද්දී එයා අවුරුදු පහක දරුවෙක්. ඒ වෙලාවේ මෙෆිබොෂෙත්ව බලාගත්ත සේවිකාව කලබල වෙලා එයාව උස්සගෙන දුවද්දී මෙෆිබොෂෙත් වැටිලා එයාගේ කකුල් දෙක කොර වුණා.

5 දවසක් බෙයේරොත්වල රිම්මොන්ගේ පුතාලා වුණ රේකාබ් සහ බානාහ් ඉෂ්බෝෂෙත්ගේ ගෙදරට ගියා. එයාලා එහෙට ගියේ දවල් කාලේ හුඟක් රස්නේ වෙලාවක. ඒ වෙලාවේ ඉෂ්බෝෂෙත් පොඩි විවේකයක් ගන්න ගිහින් තිබුණා. 6 රේකාබ් සහ බානාහ්+ තිරිඟු ගන්න ආපු මිනිස්සු වගේ රඟපාලා ගේ ඇතුළටම ගියා. ඊටපස්සේ එයාලා කඩුවෙන් ඉෂ්බෝෂෙත්ගේ බඩට ඇනලා එයාව මරලා එතනින් පැනලා ගියා. 7 ඒ දෙන්නා ගේ ඇතුළට යද්දී ඉෂ්බෝෂෙත් එයාගේ කාමරයේ ඇඳ උඩ නිදාගෙනයි හිටියේ. ඒ දෙන්නා එයාව මරලා එයාගේ බෙල්ල කපලා දැම්මා. ඊටපස්සේ එයාගේ ඔළුව අරගෙන අරබා නිම්නයට යන පාරේ මුළු රෑම ඇවිදගෙන ගියා. 8 එයාලා ඉෂ්බෝෂෙත්ගේ+ ඔළුවත් අරන් හෙබ්‍රොන්වල හිටිය දාවිත් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “අපේ ස්වාමීනි, මේ බලන්න! ඔබව මරන්න හොයපු+ ඔබේ සතුරාගේ+ පුතාගේ ඔළුව අපි ගෙනාවා. අද යෙහෝවා දෙවියන් සාවුල්ගෙනුයි, එයාගේ පෙළපතේ අයගෙනුයි පළිගත්තා.”

9 දාවිත් බෙයේරොත්වල රිම්මොන්ගේ පුතාලා වුණ රේකාබ්ට සහ බානාහ්ට මෙහෙම කිව්වා. “මගේ හැම දුකකින්ම මාව බේරගත්ත ජීවමාන දෙවි යෙහෝවා+ ඉස්සරහා මේ දේ මං දිවුරලා කියනවා. 10 ‘සාවුල් මැරුණා’+ කියලා මං ළඟට ඇවිල්ලා කියපු කෙනාත් හිතුවේ එයා මට හොඳ ආරංචියක් ගෙනාවා කියලයි. ඒත් ෂික්ලග්වලදී මං ඒ කෙනාව මරලා දැම්මා.+ එයා ගෙනාපු පණිවිඩයට මගෙන් ලැබුණ තෑග්ග ඒකයි. 11 එහෙමනම් තමන්ගෙම ගෙදර නිදාගෙන හිටිය ධර්මිෂ්ඨ කෙනෙක්ව මරලා දාපු දුෂ්ටයන්ට මං දඬුවම් නොකර ඉඳියිද? ඉෂ්බෝෂෙත්ගේ ලේ හලපු නිසා මං උඹලව මරලා+ එයා වෙනුවෙන් යුක්තිය ඉටු කරනවා.” 12 ඊටපස්සේ දාවිත් ඒ දෙන්නාව මරලා දාන්න කියලා සේවකයන්ට අණ කළා.+ එයාලා ඒ දෙන්නාව මරලා එයාලාගේ අත පය කපලා, මළ සිරුරු හෙබ්‍රොන්වල තිබුණ පොකුණ ළඟ එල්ලුවා.+ ඊටපස්සේ එයාලා ඉෂ්බෝෂෙත්ගේ ඔළුව හෙබ්‍රොන්වල තිබුණ අබ්නේර්ගේ සොහොන් ගෙට අරන් ගිහින් එතන තැන්පත් කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න