ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙත. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න. ආසාෆ් රචනා කරපු ගීයක්.+
5 නිර්භීත අයගෙනුත් වස්තුව පැහැරගෙන ගිහින්.+
ඔවුන් තද නින්දකට වැටිලා.
එඩිතර සටන්කරුවෝ හැමෝම අසරණ වෙලා.+
7 ගරුබියක් ඇති කරවන එකම දෙවියන් ඔබයි.+
ඔබේ දැවෙන කේන්තිය දරාගන්න පුළුවන් කාටද?+
8 ඔබ ස්වර්ගයේ ඉඳන් ඔබේ තීන්දුව දැනුම් දුන්නා.+
එතකොට පොළොව බය වෙලා නිහඬ වුණා.+
9 පොළොවේ ඉන්න නිහතමානී අයව බේරගන්න දෙවියන් නැඟී හිටියා.+
ඔහු දුෂ්ටයන්ට දඬුවම් නියම කළා. (සීලාහ්)
10 දෙවියනි, මිනිසුන් කොයි තරම් කේන්තියෙන් වැඩ කළත්
අන්තිමේදී ඒකෙන් ඔබට ප්‍රශංසාව ලැබෙනවා.+
ඔවුන් කේන්තිය පිට කරන අන්තිම මොහොතේදීත්
ඔබේ නම ගෞරවයට පත් කරන්න ඔබ ඒක අවස්ථාවක් කරගන්නවා.
11 ඔහු වටේ ඉන්න සියල්ලෙනි, තෑගි අරන් ලොකු ගරුබියකින් ඔහු ඉස්සරහට යන්න.+
ඔබේ දෙවි යෙහෝවාට දුන්න පොරොන්දු ඉටු කරන්න.+
12 ඔහු නායකයන්ගේ අහංකාරකම නැති කරලා දානවා.
ඔහු නිසා පොළොවේ රජවරුන්ගේ හිත්වල ලොකු බයක් ඇති වෙනවා.