සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජන.1
“සමහර අය සැප පහසු ජීවිත ගත කරද්දී තවත් අය ජීවත් වෙන්න කරන්නේ විශාල සටනක්. ඔයා මේ ගැන කල්පනා කරලා තියෙනවාද? මේ ගැන බයිබලය කියන දෙය බලන්න. [යෝබ් 34:19 කියවන්න.] දෙවි පන්ති භේදය නැති කර දමන ආකාරය ගැන මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! ජන.8
“වර්ෂ 2001 සැප්තැම්බර් 11වනදා අමෙරිකාවට එල්ල වුණ ප්‍රහාරය හුඟදෙනෙකුට අමතක නොවන විදිහේ සිද්ධියක්. ජීවිතයේ මුල් තැන දිය යුතු දේවල් ගැන ඒ සිදුවීමෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද? ඒ ඛේදජනක සිද්ධීන්වලදී තමන් සතු දේවල් පරිත්‍යාග කිරීම, මිනිස් දයාව හා අනිත් අය කෙරෙහි සැලකිල්ල පෙන්වීම වගේ යහපත් ගුණාංග හොඳින් දැකගන්න පුළුවන් වුණා. ඒ කොහොමද කියලා පිබිදෙව්! සඟරාවේ මේ ලිපිවල සඳහන් වෙනවා.”
මුරටැඹ ජන.15
“හුඟදෙනෙක් නමස්කාරය සඳහා පිළිම යොදාගන්නවා. ගළවාගැනීමේ බලයක් පිළිමවලට තියෙනවා කියල ඔයා හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] සැබෑ දෙවි ඉදිරියේදී අපි වෙනුවෙන් කරන දෙය ගැන ටිකක් හිතලා බලන්න. [එළිදරව් 21:3, 4 කියවන්න.] මේ දෙය කරන්න පුළුවන් සැබෑ දෙවිකෙනෙකුට විතරයි. කවුද ඒ සැබෑ දෙවි, ඔහු කෙරෙහි විශ්වාසය තැබීමෙන් අපිට ප්‍රයෝජන ලැබෙන ආකාරය ගැන මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! ජන.8
“තමන් අලුත් අවුරුදු උත්සවය පවත්වද්දී අන්තයටම යන්නේ නැහැ කියලයි හුඟදෙනෙකුට හැඟෙන්නේ. ඒ වුණත් මේ ජනප්‍රිය උත්සවයේ මූලාරම්භය ගැනත් එහි වැදගත්කම ගැනත් පරීක්ෂා කරලා බලන එක නුවණට හුරුයි. අලුත් අවුරුද්ද හා සම්බන්ධ උත්සව බයිබල් ඉගැන්වීම්වලට විරුද්ධද? මේ ප්‍රශ්නයට පිබිදෙව්! සඟරාව උත්තර දෙන ආකාරය බලන්න.”