වැඩි සේවයක් කිරීමට දැන්ම සැලසුම් කරන්න
1. සිහි කිරීමේ කාලයේ ඇති විශේෂත්වය කුමක්ද? ඒ සඳහා සූදානම් වන්න අපට පුළුවන් කොහොමද?
1 සෑම වසරකම පැවැත්වෙන සිහි කිරීමේ කාලයේදී “යෙහෝවා දෙවිව වර්ණනා” කරන්න අපට නව ප්රස්තා උදා වෙනවා. (ගීතා. 109:30) යේසුස්ගේ ජීවිත පූජාව ගැන දෙවිට ඔබේ අගය පෙන්විය හැකි එක් ආකාරයක් නම් මාර්තු මාසයේදී වැඩිපුර සේවය කිරීමයි. ඊට ඔබ සූදානම්ද? ඒ සඳහා සැලසුම් කිරීමට හොඳම කාලය දැන්!—හිතෝ. 21:5.
2. පසුගිය අප්රියෙල් මාසයේදී පැය ගණන අඩු කිරීම ගැන නිවේදනය කළ විට ඔබට සහ සෙසු අයට ඒ ගැන දැනුණේ කොහොමද?
2 උපකාරික පුරෝගාමි සේවය: පසුගිය අවුරුද්දේ අප්රියෙල් මාසය තුළ උපකාරික පුරෝගාමි සේවයේ පැය ප්රමාණය අඩු කර ඇති බව දැනගැනීමෙන් සහෝදර සහෝදරියන්ගේ සතුට ඉහවහ ගියා. ඒ ගැන සතුටු වූ සහෝදරයෙක් මෙසේ පැවසුවා. “මම තවමත් ඉස්කෝලේ යන නිසා ස්ථාවර පුරෝගාමි සේවය කරන්න හැකියාවක් නෑ. ඒත්, අප්රියෙල් මාසයේ පැය 30ක් කරන්න පුළුවන් නිසා මං හිතුවා පුරෝගාමි සේවය කරන්න මේක කදිම අවස්ථාවක් කියලා. මගේ ඉලක්කය පැය 50ක් සේවය කරන්නයි.” පූර්ණකාලීන රැකියාවක් කරන සහෝදරියක්ද මෙසේ පැවසුවා. “පැය 30ක් නම් හරිම ලෙහෙසියෙන් කරන්න පුළුවන්!” පැය ප්රමාණය අඩු කිරීම ගැන නිවේදනය කළ විට කලින් පුරෝගාමි සේවය කළ, දැන් අසූ ගණන්වල පසු වන සහෝදරියක් පැවසුවේ “මම බලාගෙන හිටියේ මේ වගේ අවස්ථාවක් උදා වෙන කල් තමයි. යෙහෝවා දෙවි දන්නවා පුරෝගාමි සේවය කරන්න මං කොච්චර ආසද කියලා!” පුරෝගාමි සේවය කරන්න හැකියාවක් නැති අයට වුණත් වැඩිපුර සේවයක් කිරීමට සැලසුම් කළ හැකියි.
3. මාර්තු, අප්රියෙල් සහ මැයි මාසවලදී උපකාරික පුරෝගාමි සේවය කිරීම ගැන සලකා බැලීමට තිබෙන හේතු මොනවාද?
3 මේ වසරේද මාර්තු මාසයේ පැය 30ක් හෝ 50ක් වාර්තා කරමින් උපකාර පුරෝගාමි සේවයේ හවුල් වීමට හැකියාව තිබෙනවා. වැඩිපුර සේවයක් කිරීමට එය මොන තරම් කදිම අවස්ථාවක්ද! අප්රියෙල් 5වෙනිදා පැවැත්වෙන සිහි කිරීම වෙනුවෙන් ආරාධනා පත්ර බෙදාහැරීමේ අවස්ථාවද අපට තිබෙනවා. ඒ, මාර්තු 17වෙනි සෙනසුරාදා සිටයි. මාර්තු මාසයේදී උපකාරික පුරෝගාමි සේවයෙන් අද්දකින ප්රීතිය නිසා පැය 50ක් වැය කරමින් මැයි මාසයේදීද පුරෝගාමි සේවය කිරීමට බොහෝදෙනෙක් පෙලඹෙනවා නොඅනුමානයි.
4. අපගේ සේවය වැඩි කරන්න පුළුවන් කොහොමද? ඉන් අත් වන ප්රතිඵල මොනවාද?
4 සිහි කිරීමේ කාලයේදී පවුලේ එක් එක් කෙනාට වැඩිපුර සේවයක් කිරීමට හැකි ආකාරය ගැන ඊළඟ සතියේ පවත්වන පවුලේ නමස්කාරයේදී සලකා බලන්න ඔබට පුළුවන්ද? (හිතෝ. 15:22) ඔබගේ වෑයමට උපකාර ඉල්ලා යාච්ඤා කරන්න. (1 යොහ. 3:22) ඔබ දෙවිට වැඩි සේවයක් කරන විට ඉන් දෙවිට ඉමහත් ප්රශංසාවක් ලැබෙනවා පමණක් නොව ඔබද ඉන් අප්රමාණ සතුටක් අද්දකිනවා නොඅනුමානයි.—2 කොරි. 9:6.