සේවයේ දක්ෂ වීමට හැඳින්වීම හොඳින් සූදානම් කරගන්න
ඒක වැදගත් ඇයි? නිවැසියාට කියන මුල්ම වචන ටික හරිම වැදගත්. නැත්නම් ඔහු පණිවිඩයට ඇහුම්කන් නොදෙන්න ඉඩ තියෙනවා. මුලින් කියන වචන ටික හරිම වැදගත් කියන එක ප්‍රචාරකයන් හුඟදෙනෙක්ගේ අද්දැකීමයි. ‘රාජ්‍ය සේවාවේ’ හා ‘බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු’ කියන පුංචි පොතේ හැඳින්වීම් දීලා තියෙන්නේ අවශ්‍යතාව අනුව ඒවා සකස් කරගන්නයි. ‘රාජ්‍ය සේවාවේ’ අත්හදා බලන්න යන කොටසේ සම්පූර්ණ හැඳින්වීම් දීලා තිබුණත් අපිට ඕන විදිහට ඒවා සකස් කරගන්න පුළුවන්. නැත්නම් වෙන හැඳින්වීමක් සූදානම් කරගන්නත් පුළුවන්. හොඳින් හිතලා බලලා හැඳින්වීමක් සූදානම් කරගත්තොත් නිවැසියාව දැක්ක ගමන් හිතට එන දේ කියන්නේ නැතුව පණිවිඩය සාර්ථකව ඉදිරිපත් කරන්න පුළුවන්.—හිතෝ. 15:28.
ඒක කරන්නේ කොහොමද?
• සුදුසු විෂයක් තෝරගන්න. ඒක අපේ ප්‍රදේශයේ ඉන්න අයගේ සිත්ගන්නා එකක් වෙන්න ඕන වගේම අපි ඉදිරිපත් කරන ප්රකාශනයේ තියෙන විෂයක් වෙන්නත් ඕනේ.
• ඔබව හඳුන්වලා දුන්නට පස්සේ මේ වගේ දෙයක් කියන්න. “මං ආවේ . . . ,” “අද හුඟක් අය . . . ගැන කල්පනා කරනවා,” නැත්නම් “ඔයා . . . ගැන හිතන්නේ මොකක්ද?” කෙටි, සරල වාක්‍ය පාවිච්චි කරන එක වඩා හොඳයි. ඉදිරිපත් කරන හැඳින්වීම කටපාඩම් කරගන්න අයත් ඉන්නවා.
• යම් විෂයක් ගැන නිවැසියාගේ හිතේ තියෙන දේ දැනගන්න ප්‍රශ්නයක් අහන්න. ඊටපස්සේ ඔහුව සාකච්ඡාවට හවුල් කරගන්න. (මතෙ. 17:25) ඔබව හමු වෙන්න කලින් ඔහු වෙනත් දේවල් ගැන කල්පනා කරමින් ඉන්න ඇති. ඒ නිසා ඔහුව අපහසුතාවට පත් කරන අමාරු ප්‍රශ්න අහන්න එපා.
මාසය තුළ මෙය අත්හදා බලන්න
• පවුලේ නමස්කාරය වෙලාවේදී හැඳින්වීම් සූදානම් කරන්නත් පෙරහුරු කරන්නත් කාලය වෙන් කරන්න.
• ඔබ සූදානම් කරගත්ත හැඳින්වීම ගැන සේවයේ යද්දී අනිත් ප්‍රචාරකයන්ටත් කියන්න. (හිතෝ. 27:17) ඔබේ හැඳින්වීම සාර්ථක නැත්නම් ඒක වෙනස් කරගන්න.