-
2 ලේකම් 2:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 දැන් මම මගේ දෙවි වන යෙහෝවාගේ නාමය ගෞරවයට පත් කිරීමේ අරමුණින්+ ගෘහයක් ගොඩනඟමින් සිටිනවා.+ එම ගෘහය දෙවිට කරන නමස්කාරය වෙනුවෙන්ම වෙන් කරනු ලබනවා.+ එමෙන්ම දෙවි ඉදිරියේ නිරතුරුවම සුවඳ ද්‍රව්‍ය දැවීමටත්+ රොටි ඔප්පු කිරීමටත්+ උදේ සවස+ හා සබත් දවස්වලදීද+ නව සඳ පායන දවස්වලදී+ හා අපගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් උත්සව පවත්වන දවස්වලදීද+ එහි දවන පූජා ඔප්පු කිරීමටත් අපිට හැකි වෙනවා. එමගින් දෙවි අපෙන් බලාපොරොත්තු වන දේ සදහටම ඉටු කිරීමට අපිට හැකි වෙනවා.+
-
-
2 ලේකම් 13:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 ඔවුන් සෑම දිනකම උදේ හවස යෙහෝවා දෙවිට දවන පූජා+ සහ සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කරනවා. පවිත්‍ර රනින් සෑදූ මේස මත දෙවි ඉදිරියේ රොටි තබනවා.+ ඒ විතරක් නෙවෙයි ඔවුන් දෙවිගේ ගෘහයේ තිබෙන රන් පහන් රුක්වල+ පහන් සෑම සවසකම දල්වනවා.+ අපි මේ දේවල් කරන්නේ අපේ දෙවි යෙහෝවාගේ ආඥාවලට කීකරු වීමක් හැටියටයි.+ නමුත් ඔබ දෙවිව අත්හැර දෙවිගේ ආඥාවලට පිටු පෑවා.+
-