ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 28:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 දෙවිගේ තීන්දු ප්‍රකාශ කෙරෙන ළයවැස්ම තුළට* ඌරීම්+ සහ තුම්මීම්* දමන්න. ආරොන්, යෙහෝවා දෙවි ඉදිරියට යන සෑමවිටකම ඒවා ඔහුගේ ළයට ස්පර්ශ වන සේ තිබිය යුතුයි. ආරොන්, යෙහෝවා දෙවි ඉදිරියේ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට තීන්දු+ ප්‍රකාශ කිරීමට භාවිත කරන ඌරීම් සහ තුම්මීම් නිරතුරුවම තම ළයවැස්ම තුළ දැරිය යුතුයි.

  • ලෙවී කතාව 8:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔහු ආරොන්ට ළයවැස්ම+ පළඳවා එය තුළ ඌරීම් සහ තුම්මීම්*+ දැමුවේය.

  • ද්විතීය කතාව 33:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මෝසෙස් ලෙවී ගැන පැවසුවේ මෙයයි.+

      “දෙවියනි, ඔබ තුම්මීම් සහ ඌරීම්*+ භාර දී තිබෙන්නේ ඔබට විශ්වාසවන්තව සිටින තැනැත්තාටය.+

      මස්සාහ්+ නම් ස්ථානයේදී ඔබ ඔහුව සෝදිසි කර බැලුවෙහිය.

      මෙරිබා+ දිය පහර අසලදී ඔහු සමඟ වාද කළෙහිය.

  • 1 සාමුවෙල් 23:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 තමාව අල්ලාගැනීමට සාවුල් රජු උගුලක් අටවන+ බව දාවිත්ට දැනගන්න ලැබිණ. එබැවින් දාවිත්, “ඒෆොද් හැට්ටය මෙතැනට ගෙනෙන්න”+ කියා පූජක අබියාතර්ට කීවේය.

  • 1 සාමුවෙල් 28:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 සාවුල් රජු විටින් විට යෙහෝවා දෙවිගෙන් කාරණා විමසූ+ නමුත් යෙහෝවා දෙවි ඔහුට පිළිතුරු දුන්නේ නැත.+ සිහිනයක් මාර්ගයෙන්වත්+ ඌරීම් මාර්ගයෙන්වත්+ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන්වත්+ දෙවි සාවුල් රජුට පිළිතුරු දුන්නේ නැත.

  • නෙහෙමියා 7:65
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 65 එහෙයින් පූජකයෙකු ඌරීම්+ සහ තුම්මීම්*+ යොදාගෙන තීන්දුවක් දෙන තෙක් දෙවිට කැප කළ ආහාර කෑමට ඔවුන්ට අවසර නැති බව+ ආණ්ඩුකාරයා*+ පැවසුවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න