ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 10:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ජනයෙනි, අහස දෙස බලන්න! ඉමක් කොනක් නොපෙනෙන අහසත්+ එහි ඇති සියල්ලත් මේ මහ පොළොවත්+ එහි ඇති සියල්ලත් අයිති වෙන්නේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.

  • 2 රාජාවලිය 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙහෝවා දෙවි එලියාව+ තද සුළඟක් මාර්ගයෙන් අහසට ඔසවාගන්න+ තීරණය කර තිබිණ. එදින එලියා සහ එලිෂා+ ගිල්ගාල් නගරයෙන් පිටත්ව ගියෝය.+

  • 2 ලේකම් 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඇත්තටම දෙවිට ගෘහයක් ගොඩනඟන්න පුළුවන් කාටද?+ මුළු මහත් ස්වර්ගයටවත් ඔහුගේ තේජස දරාගත නොහැකියි.+ එසේනම් ඔහුට වාසය කිරීමට ගෘහයක් ගොඩනඟන්න මා සුදුස්සෙක්ද?+ අප මේ ගෘහය ගොඩනඟන්නේ ඔහුට පූජා ඔප්පු කිරීමටයි.+

  • නෙහෙමියා 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “යෙහෝවා දෙවියනි, ඔබ පමණක් දෙවිය.+ ඔබ ස්වර්ගය+ සහ එහි සියලු සේනාද+ මුළු මහත් විශ්වයත් එහි සියලු වස්තුද පොළොව+ සහ එහි තිබෙන සියල්ලද+ මහ මුහුද+ සහ එහි ඇති සියල්ලද+ සාදා තිබෙනවා. ඒ සියල්ල පවතින්නේ ඔබ නිසයි. ස්වර්ගයේ සේනා+ සැමදා දණ නමන්නේ ඔබටයි.

  • 2 කොරින්ති 12:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින පුරුෂයෙකුට සිදු වූ දෙයක් ගැන පැවසීමට මා කැමතිය. මීට වසර දහහතරකට කලින් ඔහුව ‘තුන්වෙනි’ ස්වර්ගයට ඔසවනු ලැබීය.+ ඔහු තම ශරීරය පිටින්ම එහි ගියාද නැත්නම් දර්ශනයකින් එහි ගියාද කියා මම නොදනිමි. ඒ දේ දන්නේ දෙවි පමණි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න