ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 29:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එවිට ඔවුන්ට ලැබෙන පිළිතුර මෙයයි. ‘යෙහෝවා දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් නිදහස් කළ පසු+ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්තා. නමුත් ඒ ගිවිසුමට ඔවුන් ද්‍රෝහි වුණා.+ ඒ නිසයි මෙවැනි දෙයක් සිදු වුණේ.

  • 1 ලේකම් 28:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “මගේ පුත් සලමොන්, මගේ දෙවිව හොඳින් දැන හඳුනා ගෙන+ ඔහුට ළං වන්න. ඔබේ මුළු හදවතින්ම,+ ප්‍රීතියෙන්+ ඔහුට සේවය කරන්න.+ යෙහෝවා දෙවි සියලුදෙනාගේම සිත් සෝදිසි කර බලනවා.+ සෑම සිතුවිල්ලක්ම ඔහු හොඳින් තේරුම්ගන්නවා.+ ඔබ නිතරම ඔහුගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරන බව නිසැකයි.+ නමුත් යම් ආකාරයකින් ඔබ ඔහුව අත්හැරියොත්+ ඔහු ඔබවත් සදහටම අත්හරියි.+

  • 2 ලේකම් 15:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු ආසා රජු වෙතට ගොස් මෙසේ පැවසුවේය. “රජ්ජුරුවනි, යූදා හා බෙන්ජමින් වැසියෙනි, මට සවන් දෙන්න. ඔබ යෙහෝවා දෙවිට ළංව සිටින තාක් කල් ඔහුත් ඔබට ළංව සිටිනවා.+ ඔබ ඔහුගේ මඟ පෙන්වීම් පැතුවොත්+ ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරයි. නමුත් ඔබ ඔහුව අත්හැරියොත් ඔහුද ඔබව අත්හරියි.+

  • යෙරෙමියා 2:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔබ කළ නපුරු ක්‍රියාවලින් ඔබ පාඩමක් ඉගෙනගත යුතුයි.+ ඔබ කළ ද්‍රෝහිකම්වලට ඔබ තරවටු ලැබිය යුතුයි.+ ඔබේ දෙවි යෙහෝවා වන මාව අත්හැර යෑම ඔබ කළ දුෂ්ට ක්‍රියාවක් බව දැනගන්න.+ මා කෙරෙහි කිසි ගරුබියක් ඔබ තුළ නැත.+ මේ දේවල් පවසන මා විශ්වයේ පාලකයාද+ ස්වර්ගයේ සේනාවල අධිපතිද වන යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න