යෙරෙමියා 29:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මමද ඔබ කරන නමස්කාරය පිළිගන්නෙමි’+ කියා යෙහෝවා දෙවි පැවසුවේය. ‘වහල්භාවයේ සිටින ඔබ සියලුදෙනාවම මම එකට එකතු කරගන්නෙමි. මම ඔබව විසුරුවාහැරිය සියලු ජාතීන් අතරින්ද සියලු දේශවලින්ද ඔබව එකතු කරගන්නෙමි.+ ඔබ වහල්භාවයට යෑමට පෙර ජීවත් වූ දේශයටම මම නැවත ඔබව රැගෙන එන්නෙමි’+ කියා යෙහෝවා දෙවි තවදුරටත් පැවසුවේය. යෙරෙමියා 46:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “‘නමුත් මාගේ සේවක යාකොබ්, භය නොවන්න. ඊශ්‍රායෙල්, අධෛර්යයට පත් නොවන්න.+ මන්ද ඈත දේශයක සිටින ඔබව මම බේරාගන්නෙමි. වහල්භාවයේ සිටින ඔබේ දරුවන්ව මම ගලවාගන්නෙමි.+ යාකොබ් නැවත පැමිණ කිසිවෙකුගෙන් කරදරයක් නැතුව සුරක්ෂිතව ජීවත් වනු ඇත.’+ හොෂෙයා 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එහෙත් යූදා වැසියෙනි, සරුසාර අස්වැන්නක් මෙන් මම ඔබව එකතු කරන්නෙමි. විසිරී සිටින මගේ සෙනඟ නැවත රැගෙන ඒමට මම තීරණය කළෙමි.’”+ යෝවෙල් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “‘ඒ දවස්වලදී,+ යූදා හා යෙරුසලමෙන් වහලුන් ලෙස ගෙන යනු ලැබූ අයව මම නිදහස් කර නැවත ගෙන්වාගන්නෙමි.+
14 මමද ඔබ කරන නමස්කාරය පිළිගන්නෙමි’+ කියා යෙහෝවා දෙවි පැවසුවේය. ‘වහල්භාවයේ සිටින ඔබ සියලුදෙනාවම මම එකට එකතු කරගන්නෙමි. මම ඔබව විසුරුවාහැරිය සියලු ජාතීන් අතරින්ද සියලු දේශවලින්ද ඔබව එකතු කරගන්නෙමි.+ ඔබ වහල්භාවයට යෑමට පෙර ජීවත් වූ දේශයටම මම නැවත ඔබව රැගෙන එන්නෙමි’+ කියා යෙහෝවා දෙවි තවදුරටත් පැවසුවේය.
27 “‘නමුත් මාගේ සේවක යාකොබ්, භය නොවන්න. ඊශ්‍රායෙල්, අධෛර්යයට පත් නොවන්න.+ මන්ද ඈත දේශයක සිටින ඔබව මම බේරාගන්නෙමි. වහල්භාවයේ සිටින ඔබේ දරුවන්ව මම ගලවාගන්නෙමි.+ යාකොබ් නැවත පැමිණ කිසිවෙකුගෙන් කරදරයක් නැතුව සුරක්ෂිතව ජීවත් වනු ඇත.’+
11 එහෙත් යූදා වැසියෙනි, සරුසාර අස්වැන්නක් මෙන් මම ඔබව එකතු කරන්නෙමි. විසිරී සිටින මගේ සෙනඟ නැවත රැගෙන ඒමට මම තීරණය කළෙමි.’”+