ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 11:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ කාලයේදී යෙහෝවා දෙවි දෙවන වරටත්+ අත දී ඉතුරු වී සිටින තම සෙනඟව බේරාගන්නේය. ඇසිරියාව,+ ඊජිප්තුව,+ පත්‍රොස්,+ කූෂ්,+ ඒලාම්+ සහ ෂීනාර්+ යන දේශවලද හමාත් නගරයේද දූපත්වලද සිටින සියලුදෙනාවම ඔහු එක් රැස් කරගන්නේය.+

  • යෙරෙමියා 23:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “ඉතුරු වී සිටින මාගේ බැටළුවන්ව එනම්, විවිධ දේශවලට මා විසුරුවාහැරිය අයව මම එකතු කරගන්නෙමි.+ ඔවුන්ව ඒ දේශවලින් පිටතට ගෙනැවිත් නැවත ඔවුන්ගේම තණබිමට රැගෙන එන්නෙමි.+ ඔවුහු ගණනින් වැඩි වී සමෘද්ධිමත් ජාතියක් බවට පත් වන්නෝය.+

  • යෙරෙමියා 32:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 ‘මා මහත් උදහසින් යුක්තව මාගේ සෙනඟව විසුරුවාහරින දේශවලින් මම ඔවුන්ව නැවත එකට එකතු කරගන්නෙමි.+ මම ඔවුන්ව නැවත මේ දේශයට ගෙනැවිත් මෙහි සුරක්ෂිතව ජීවත් වීමට සලස්වන්නෙමි.+

  • එසකියෙල් 39:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔවුන් විසිර සිටි ජාතීන් අතරින්ද ඔවුන්ගේ සතුරන්ගේ දේශවලින්ද මම ඔවුන්ව නැවතත් එකතු කරන්නෙමි.+ සියලු ජාතීන් ඉදිරියෙත් මාගේ සෙනඟ ඉදිරියෙත් මා ශුද්ධ දෙවි කෙනෙකු බව මම ඔප්පු කර පෙන්වන්නෙමි.’+

  • ආමොස් 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුහු පාළු වී ගිය නගර නැවත ගොඩනඟා එහි වාසය කරන්නෝය.+ මිදිවතු වවා එයින් සාදාගත් වයින් පානය කරන්නෝය. පලතුරු උයන් වවා එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්නෝය.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න