ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 30:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එහෙයින් යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මාගේ සේවකයා වන යාකොබ්, භය වෙන්න එපා. ඊශ්‍රායෙල් සෙනඟෙනි, බියෙන් වෙවුලන්න එපා.+ මන්ද දුර ඈත දේශයක සිටින ඔබව මම බේරාගන්නෙමි. වහලුන් ලෙස සේවය කරන දේශයෙන් ඔබේ දරුවන්ව මම ගලවාගන්නෙමි.+ යාකොබ් නැවත හැරී ඇවිත් සතුරු උවදුරුවලින් තොර නිදහස් ජීවිතයක් ගත කරනු ඇත. කිසිවෙක් ඔහුව බියගන්වන්නේ නැත.”+

  • යෙරෙමියා 46:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 “‘නමුත් මාගේ සේවක යාකොබ්, භය නොවන්න. ඊශ්‍රායෙල්, අධෛර්යයට පත් නොවන්න.+ මන්ද ඈත දේශයක සිටින ඔබව මම බේරාගන්නෙමි. වහල්භාවයේ සිටින ඔබේ දරුවන්ව මම ගලවාගන්නෙමි.+ යාකොබ් නැවත පැමිණ කිසිවෙකුගෙන් කරදරයක් නැතුව සුරක්ෂිතව ජීවත් වනු ඇත.’+

  • එසකියෙල් 28:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ජාතීන් අතරේ සීසීකඩ විසිර සිටින ඊශ්‍රායෙල් සෙනඟව මම නැවතත් එකතු කරන්නෙමි.+ මාගේ සේවක යාකොබ්ට දුන් දේශයේ+ මම ඔවුන්ව නැවත පදිංචි කරවමි.+ එවිට මා ශුද්ධ දෙවි කෙනෙකු බව සියලු ජාතීන් පැහැදිලිව දකිනු ඇත.+

  • ආමොස් 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුහු පාළු වී ගිය නගර නැවත ගොඩනඟා එහි වාසය කරන්නෝය.+ මිදිවතු වවා එයින් සාදාගත් වයින් පානය කරන්නෝය. පලතුරු උයන් වවා එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්නෝය.’+

  • ශෙපනියා 3:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඒ කාලයේදී මම ඔබේ සෙනඟ එක් රැස් කරගෙන නැවත ඔවුන්ගේ මව්බිමට රැගෙන එන්නෙමි. ඔබේ ඇස් පනාපිටම මම ඔවුන්ව නිදහස් කර නැවත රැගෙන එන්නෙමි. එවිට පොළොවේ සියලු වැසියන්ගේ ගෞරවය ඔබට ලැබෙනු ඇත. ඔවුන් අතරේ ඔබට හොඳ නාමයක්ද ලැබෙනු ඇත.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න