යෙරෙමියා 33:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ යෙරුසලමේ වැසියෝද සුරක්ෂිතව වාසය කරනු ඇත.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් යෙරුසලම හඳුන්වනු ඇත.’” යෙරෙමියා 46:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “‘නමුත් මාගේ සේවක යාකොබ්, භය නොවන්න. ඊශ්‍රායෙල්, අධෛර්යයට පත් නොවන්න.+ මන්ද ඈත දේශයක සිටින ඔබව මම බේරාගන්නෙමි. වහල්භාවයේ සිටින ඔබේ දරුවන්ව මම ගලවාගන්නෙමි.+ යාකොබ් නැවත පැමිණ කිසිවෙකුගෙන් කරදරයක් නැතුව සුරක්ෂිතව ජීවත් වනු ඇත.’+ එසකියෙල් 34:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “‘“මම ඔවුන් සමඟ සමාදානයේ ගිවිසුමක් ඇති කරගන්නෙමි.+ දේශයේ සැරිසරන දරුණු වනමෘගයන්ව පන්නා දමන්නෙමි.+ එවිට මාගේ බැටළුවන්ට වනයේ සුරක්ෂිතව සැරිසරන්නත් කැලෑවල සුව සේ සැතපෙන්නත් හැකි වනු ඇත.+ හොෂෙයා 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ දවසේදී මම මාගේ සෙනඟ වෙනුවෙන් වනමෘගයන්ද+ ආකාශයේ පක්ෂීන්ද බඩ ගා යන සතුන්ද සමඟ ගිවිසුමක් ඇති කරගන්නෙමි. ඒ දේශයෙන් දුන්නද කඩුවද යුද්ධයද පහ කර,+ ඔවුන්ට සුරක්ෂිතව ජීවත් වීමට සලස්වන්නෙමි.+ මීකා 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත.+ කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.+ මේ සෑම දෙයක්ම පොරොන්දු වී ඇත්තේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.+
16 ඒ කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ යෙරුසලමේ වැසියෝද සුරක්ෂිතව වාසය කරනු ඇත.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් යෙරුසලම හඳුන්වනු ඇත.’”
27 “‘නමුත් මාගේ සේවක යාකොබ්, භය නොවන්න. ඊශ්‍රායෙල්, අධෛර්යයට පත් නොවන්න.+ මන්ද ඈත දේශයක සිටින ඔබව මම බේරාගන්නෙමි. වහල්භාවයේ සිටින ඔබේ දරුවන්ව මම ගලවාගන්නෙමි.+ යාකොබ් නැවත පැමිණ කිසිවෙකුගෙන් කරදරයක් නැතුව සුරක්ෂිතව ජීවත් වනු ඇත.’+
25 “‘“මම ඔවුන් සමඟ සමාදානයේ ගිවිසුමක් ඇති කරගන්නෙමි.+ දේශයේ සැරිසරන දරුණු වනමෘගයන්ව පන්නා දමන්නෙමි.+ එවිට මාගේ බැටළුවන්ට වනයේ සුරක්ෂිතව සැරිසරන්නත් කැලෑවල සුව සේ සැතපෙන්නත් හැකි වනු ඇත.+
18 ඒ දවසේදී මම මාගේ සෙනඟ වෙනුවෙන් වනමෘගයන්ද+ ආකාශයේ පක්ෂීන්ද බඩ ගා යන සතුන්ද සමඟ ගිවිසුමක් ඇති කරගන්නෙමි. ඒ දේශයෙන් දුන්නද කඩුවද යුද්ධයද පහ කර,+ ඔවුන්ට සුරක්ෂිතව ජීවත් වීමට සලස්වන්නෙමි.+
4 ඔවුහු එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත.+ කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.+ මේ සෑම දෙයක්ම පොරොන්දු වී ඇත්තේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.+