ලෙවී කතාව 26:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මම ඔබේ දේශය පුරා සමාදානය ඇති කරන්නෙමි.+ ඔබ කිසිවෙකුට බිය නොවී සැනසීමෙන් නිදාගන්නහුය.+ මම නපුරු වනමෘගයන්ව ඔබේ දේශයෙන් පන්නා දමන්නෙමි.+ ඔබේ දේශයේ යුද්ධ ඇති නොවන්නේය.+ යෙසායා 11:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ කාලයේදී බැටළුවා වෘකයා සමඟත්+ එළු පැටවා දිවියා සමඟත් බියක් නොමැතිව ජීවත් වන්නේය. වසු පැටවාද තරුණ කේශර සිංහයාද+ තර වස්සාද එකට ලගින්නෝය.+ කුඩා දරුවෙක් උන් සියල්ලන්ව බලාගන්නේය. යෙසායා 35:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එහි සිංහයන්වද දරුණු වනසතුන්වද හමු වන්නේ නැත.+ එහි ගමන් කරන්නේ මුදවාගනු ලැබූ අය පමණි.+ යෙසායා 65:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “වෘකයා+ බැටළු පැටවා සමඟ එකට තණ කන්නේය.+ සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය.+ සර්පයා ආහාරයට ගන්නේ දූවිලිය.+ මාගේ ශුද්ධ කන්දේදී+ උන්, කිසිවෙකුටවත් අනතුරක් සිදු කරන්නේ නැත.”+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය. හොෂෙයා 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ දවසේදී මම මාගේ සෙනඟ වෙනුවෙන් වනමෘගයන්ද+ ආකාශයේ පක්ෂීන්ද බඩ ගා යන සතුන්ද සමඟ ගිවිසුමක් ඇති කරගන්නෙමි. ඒ දේශයෙන් දුන්නද කඩුවද යුද්ධයද පහ කර,+ ඔවුන්ට සුරක්ෂිතව ජීවත් වීමට සලස්වන්නෙමි.+
6 මම ඔබේ දේශය පුරා සමාදානය ඇති කරන්නෙමි.+ ඔබ කිසිවෙකුට බිය නොවී සැනසීමෙන් නිදාගන්නහුය.+ මම නපුරු වනමෘගයන්ව ඔබේ දේශයෙන් පන්නා දමන්නෙමි.+ ඔබේ දේශයේ යුද්ධ ඇති නොවන්නේය.+
6 ඒ කාලයේදී බැටළුවා වෘකයා සමඟත්+ එළු පැටවා දිවියා සමඟත් බියක් නොමැතිව ජීවත් වන්නේය. වසු පැටවාද තරුණ කේශර සිංහයාද+ තර වස්සාද එකට ලගින්නෝය.+ කුඩා දරුවෙක් උන් සියල්ලන්ව බලාගන්නේය.
25 “වෘකයා+ බැටළු පැටවා සමඟ එකට තණ කන්නේය.+ සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය.+ සර්පයා ආහාරයට ගන්නේ දූවිලිය.+ මාගේ ශුද්ධ කන්දේදී+ උන්, කිසිවෙකුටවත් අනතුරක් සිදු කරන්නේ නැත.”+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.
18 ඒ දවසේදී මම මාගේ සෙනඟ වෙනුවෙන් වනමෘගයන්ද+ ආකාශයේ පක්ෂීන්ද බඩ ගා යන සතුන්ද සමඟ ගිවිසුමක් ඇති කරගන්නෙමි. ඒ දේශයෙන් දුන්නද කඩුවද යුද්ධයද පහ කර,+ ඔවුන්ට සුරක්ෂිතව ජීවත් වීමට සලස්වන්නෙමි.+