ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 9:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 යෙෂ්‍රෙයෙල් නගරයේ+ මුරපළ ඇතුළේ+ සිටි මුරකරුවා+ යේහුගේ විශාල සේනාව පැමිණෙනවා දැක, “විශාල සේනාවක් මේ පැත්තට එනවා” කියා කෑගැසුවේය. එවිට යෙහෝරම් රජ මෙසේ කීවේය. “අසරුවෙක්ව ඔවුන් වෙතට යවා, ‘ඔබ මෙහි එන්නේ මොන අරමුණින්ද’ කියා ඔවුන්ගෙන් අසන්න.”+

  • යෙසායා 62:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ‘යෙරුසලම, මම ඔබේ පවුරු පිට මුරකරුවන් තැබුවෙමි.+ ඔවුන් දිවා රෑ දෙකෙහිම ක්‍රියාශීලීව සිටිය යුතුයි.’+

      “යෙහෝවා දෙවි ගැන කතා කරන සියල්ලෙනි,+ නිහඬ නොවන්න.+

  • යෙරෙමියා 51:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 බැබිලෝනියේ පවුරු දෙසට මං සලකුණක් තබන්න.+ තව තවත් මුරකරුවන් යොදවා මුරකාවල් වැඩි කරන්න.+ මඟ රැක පහර දීමට සැරසී සිටින්න.+ බැබිලෝනියට විරුද්ධව ක්‍රියා කිරීම යෙහෝවා දෙවිගේ අරමුණ නිසා ඔහු එහි වැසියන්ට විරුද්ධව ප්‍රකාශ කළ දේ අනිවාර්යයෙන්ම ඉටු කරන්නේය.”+

  • එසකියෙල් 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “මනුෂ්‍ය පුත්‍රය, මම ඔබව ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් මුරකරුවෙකු ලෙස පත් කරන්නෙමි.+ ඔබ මා පවසන දෙයට සවන් දී මා දෙන අනතුරු ඇඟවීම ඔවුන්ට දැනුම් දිය යුතුයි.+

  • එසකියෙල් 33:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 දේශයට කඩු ප්‍රහාරය එල්ල වන බවට ලකුණු දැක ජනතාවට ඒ ගැන අනතුරු ඇඟවීමට ඔහු හොරණෑවක් පිඹියි.+

  • හබක්කුක් 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 දෙවි මට කුමක් කියාවිද?+ ඔහුගෙන් ලැබෙන හික්මවීම්වලට මා කෙසේ ප්‍රතිචාරය දක්වයිද?+ ඔහු මට කතා කරන තුරු මගේ මුරපොළට වී මම බලා සිටින්නෙමි.+ බලකොටුව උඩට වී සිටින්නෙමි.+

  • මතෙව් 24:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 “ස්වාමියා විසින් තම මෙහෙකරුවන්ට නියම වේලාවට+ ආහාර දීම සඳහා ඔවුන් කෙරෙහි පත් කළ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා+ කවුද?

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න