ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මෙතැන් සිට මම ඔබව ජාතීන් හා රාජ්‍යයන් කඩා බිඳ දමන්නත් උදුරා දමන්නත් විනාශ කර දමන්නත්+ ගොඩනඟන්නත් සිටුවන්නත්+ පත් කරන්නෙමි.”+

  • යෙරෙමියා 12:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්ට මා උරුම කර දුන් දේශයට අත තැබූ+ මාගේ නපුරු අසල්වාසීන්ව+ ඔවුන්ගේ දේශවලින් මම උදුරා දමන්නෙමි.+ මම යූදා සෙනඟවත් දේශයෙන් උදුරා දමන්නෙමි.+

  • යෙරෙමියා 25:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මම මාගේ සේවකයාද බැබිලෝනියේ රජුද වන නෙබුකද්රෙෂර්ටත්+ උතුරෙහි වෙසෙන සියලු ගෝත්‍රයන්ටත් පණිවිඩයක් යවා ඔවුන්ව ගෙන්වාගන්නෙමි.+ මා එසේ කරන්නේ මේ දේශයටත්+ එහි වැසියන්ටත් දේශය අවට සිටින සියලු ජාතීන්ටත්+ විරුද්ධව ඔවුන් ක්‍රියා කරන පිණිසය. මෙසේ පවසන මා යෙහෝවා දෙවිය. මම මේ සෙනඟව සහමුලින්ම විනාශ කර දමන්නෙමි. ඔවුන්ට සිදු වන දේ දැක සියලුදෙනා පුදුමයට පත් වනු ඇත. ඔවුන්ව සියල්ලන්ගේ නින්දා අපහාසවලට ලක් වීමට මම සලස්වන්නෙමි.+ මේ දේශය සදහටම පාළුවට යෑමට ඉඩහරින්නෙමි.+

  • යෙරෙමියා 45:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “එබැවින් මේ දේ බාරුක්ට කියන ලෙස දෙවි මට පැවසුවා. ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මා දේශයේ ගොඩනැඟූ දේවල් මම කඩා බිඳ දමන්නෙමි. මා සිටෙවූ දේවල් උදුරා දමන්නෙමි.+

  • ආමොස් 9:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “පව්කාර ජනයෙනි, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඔබ දෙස බලා සිටියි.+ ඔහු ඔබේ රාජ්‍යය සම්පූර්ණයෙන්ම පොළොවෙන් තුරන් කරන බව+ නිසැකය. ‘එහෙත් මම යාකොබ්ගේ පෙළපත මුළුමනින්ම නැති කර නොදමන්නෙමි.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

  • යෝනා 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යෝනා නුවරට ඇතුල් වී මුළු දවසම පයින් ගමන් කළේය. “තව දවස් හතළිහකින් නිනිවය විනාශ වෙනවා”+ කියා ඔහු එහි වැසියන්ට ප්‍රකාශ කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න