ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 21:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස මම යෙරුසලම තෝරාගත්තෙමි”+ කියා යෙහෝවා දෙවි තම ගෘහය ගැන කලින් පවසා තිබිණ. නමුත් මනස්සේ රජ යෙහෝවා දෙවිගේ ගෘහය තුළම බොරු නමස්කාරය සඳහා පූජාසන ගොඩනැඟුවේය.+

  • 2 ලේකම් 33:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා මම සදහටම යෙරුසලම තෝරාගත්තෙමි”+ කියා යෙහෝවා දෙවි තම ගෘහය ගැන පවසා තිබුණත් ඔහු යෙහෝවා දෙවිගේ ගෘහය තුළම බොරු නමස්කාරය සඳහා පූජාසන ඉදි කළේය.+

  • යෙරෙමියා 7:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘යූදා සෙනඟ මට විරුද්ධව දුෂ්ටකම් කර තිබේ. ඔවුහු මාගේ නාමය දරන මේ ගෘහය තුළ පිළිකුල්සහගත රූප තබා එය අපවිත්‍ර කර ඇත.+

  • යෙරෙමියා 23:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “අනාගතවක්තෘවරු හා පූජකයෝ දූෂිත දේවල් කරති.+ මාගේ ගෘහයේ සිටම ඔවුන් කරන නපුරුකම් මා දැක තිබේ.+

  • එසකියෙල් 5:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මා ජීවමාන දෙවිය. එබැවින් මා පවසන මේ දේ අනිවාර්යයෙන්ම සිදු වන්නේය. ඔබේ සියලු පිළිකුල්සහගත, නින්දිත ක්‍රියාවලින්+ ඔබ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කළ නිසා+ මම ඔබව විනාශ කර දමන්නෙමි.+ මට ඔබ ගැන කිසි අනුකම්පාවක්වත්+ දුකක්වත් ඇති වන්නේ නැත.+

  • එසකියෙල් 8:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඉන්පසුව ඔහු මට මෙසේ පැවසුවේය. “මනුෂ්‍ය පුත්‍රය, උතුර දෙස බලන්න.” මමද ඒ දෙස බැලුවෙමි. එවිට පූජාසනයට පිවිසෙන ඒ දොරටුවට උතුරින් ඇතුල් වන ස්ථානයෙහිම දෙවිව උදහසට පත් කරවන ඒ රූපය+ මම දුටුවෙමි.

  • එසකියෙල් 23:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 ඔවුහු මට විරුද්ධව තවත් දේවල්ද කර ඇත. ඔවුහු මාගේ ශුද්ධස්ථානය+ කෙලෙසා+ මා නියම කළ සබත් දවස් සුළු කළෝය.+

  • හොෂෙයා 9:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “‘ඊශ්‍රායෙල් මට මුලදී සම්බ වූ විට ඔහු පාළුකරයෙන් කඩාගත් මිදිපොකුරක් මෙන් විය.+ ඔබේ මුතුන්මිත්තන්ව මුලින්ම දුටුදා මා ඔවුන්ව සැලකුවේ අත්තික්කා ගසේ මුල් පලදාව ලෙසය.+ නමුත් ඔවුහු පෙයෝර් කන්දේ බාල් දෙවියා පසුපස ගියෝය.+ ඔවුහු පිළිකුල් දේට ඇලුම් කර ඒ වෙනුවෙන් තම ජීවිත කැප කළහ.+ ඒ නිසා, ඔවුන් ඇලුම් කළ ඒ පිළිකුල් දේ මෙන් ඔවුහුද මට මහත් පිළිකුලක් වූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න