ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 25:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මම ඊජිප්තුවේ රජු වන පාරාවෝටද ඔහුගේ සේවකයන්ටද අධිපතීන්ටද සෙනඟටද එයින් බොන්න දුන්නෙමි.+

  • යෙරෙමියා 46:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මුලින්ම ලැබුණේ ඊජිප්තුවේ යුධ හමුදාව ගැන පණිවිඩයයි.+ ඒ කාලයේදී කර්කෙමිෂ්හි+ යුප්‍රටීස් ගඟ අසලදී බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර් විසින් ඊජිප්තුවේ රජු වූ නෙකෝ නමින් හැඳින්වූ පාරාවෝගේ+ යුධ හමුදාව පරාජයට පත් කරන ලදි. ඔහු එසේ කළේ යොෂියාගේ පුත්‍රයා වූ යූදාහි රජු වූ යෙහෝයාකිම් පාලනය කළ හතරවන අවුරුද්දේදීය.+ යෙරෙමියාට දෙවිගෙන් ලැබුණු පණිවිඩය මෙයයි.

  • යෙරෙමියා 46:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඊජිප්තු දේශයට පහර දීමට පැමිණෙන බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර් ගැන අනාගතවක්තෘ යෙරෙමියාට යෙහෝවා දෙවි පැවසූ දේ මෙයයි.+

  • එසකියෙල් 29:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මම බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ට ඊජිප්තු දේශය ලබා දෙන්නෙමි.+ ඔහු ඔවුන් සතු සියලු ධනය කොල්ල කා රැගෙන යනු ඇත. ඔහු කිසිවක් ඉතුරු නොකර ඒ සියල්ල පැහැරගන්නේය.+ ඒ කොල්ල කා ගත් සියල්ල ඔහුගේ හමුදා බළඇණියට කුලී වශයෙන් මම ලබා දෙමි.’

  • එසකියෙල් 30:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඒ කාලයේදී ඊජිප්තුව අනිවාර්යයෙන්ම කඩුවකින් පහර කනු ඇත.+ ඊජිප්තුවේ ජනයා මැරුම් කන විටද එහි ඇති ධනය කොල්ල කන විටද එහි අත්තිවාරම් කඩා දමන විටද ඉතියෝපියාව භීතියට පත් වන්නේය.+

  • එසකියෙල් 30:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඊජිප්තුව අනුන් පිට තැබූ වියගහ මම බිඳ දමන්නෙමි.+ එවිට තාහ්පනේස් නුවරේ+ දවාල අඳුරු වන්නේය. ඇගේ ආඩම්බරයට හේතු වූ ඇගේ බලය බිඳී යන්නේය.+ ඇය ගන වලාවකින් වැසී යන්නීය.+ ඇය අවට පිහිටි කුඩා නුවරවල වැසියන්වද වහලුන් ලෙස ගෙන යනු ලබනවා ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න