ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 18:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එබැවින් ඔවුන්ගේ දේශයද අපවිත්‍ර වී ඇත. ඔවුන්ගේ අයුතුකම් නිසා මා දේශය පිටට විනාශය පමුණුවන්නෙමි. ඔවුන්ව දේශයෙන් පන්නා දමනු ඇත.+

  • ලෙවී කතාව 26:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරින්නෙමි.+ මම කඩුවක් පිටතට ගෙන එය ඔබ පසුපස ලුහුබැඳ යෑමට සලස්වන්නෙමි.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් කර ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+

  • ද්විතීය කතාව 28:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් කෙදිනකවත් නොදුටු ජාතියක් ඔබව වහලුන් ලෙස රැගෙන යයි. යෙහෝවා දෙවි ඔබවත්+ ඔබ පත් කරගත් ඔබේ රජුවත්+ ඔවුන්ගේ අතට පත් කළ පසු ඔබට සිදු වෙන්නේ ලී සහ ගල්වලින් සෑදූ බොරු දෙවිවරුන්ට සේවය කරන්නයි.+

  • යෙසායා 24:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 සතුරු හමුදා ඇවිත් දේශය හිස් වන තුරුම සෑම දෙයක්ම කොල්ල කන්නෝය.+ ස්ථිර වශයෙන්ම ඒ දේ සිදු වන්නේය. මන්ද ඒ දේ තීන්දු කර ඇත්තේ යෙහෝවා දෙවිය.+

  • යෙරෙමියා 25:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මම මාගේ සේවකයාද බැබිලෝනියේ රජුද වන නෙබුකද්රෙෂර්ටත්+ උතුරෙහි වෙසෙන සියලු ගෝත්‍රයන්ටත් පණිවිඩයක් යවා ඔවුන්ව ගෙන්වාගන්නෙමි.+ මා එසේ කරන්නේ මේ දේශයටත්+ එහි වැසියන්ටත් දේශය අවට සිටින සියලු ජාතීන්ටත්+ විරුද්ධව ඔවුන් ක්‍රියා කරන පිණිසය. මෙසේ පවසන මා යෙහෝවා දෙවිය. මම මේ සෙනඟව සහමුලින්ම විනාශ කර දමන්නෙමි. ඔවුන්ට සිදු වන දේ දැක සියලුදෙනා පුදුමයට පත් වනු ඇත. ඔවුන්ව සියල්ලන්ගේ නින්දා අපහාසවලට ලක් වීමට මම සලස්වන්නෙමි.+ මේ දේශය සදහටම පාළුවට යෑමට ඉඩහරින්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න