ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 1:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එවිට ඔබ දිවා රෑ දෙකෙහිම මට හඬගසන නමුත් මම පිළිතුරු නොදෙන්නෙමි.+ ඔබ සෑම තැනකම මාව සෙව්වද සම්බ නොවන්නේය.+

  • යෙසායා 1:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔබ අත් දෙක ඔසවා+ මට කන්නලව් කළත් මම අහක බලාගන්නෙමි.+ ඔබ මොන තරම් යාච්ඤා කළත්+ මම සවන් නොදෙන්නෙමි.+ මන්ද ඔබේ දෑත්වලින් ඔබ බොහෝ ලේ වගුරුවා ඇත.+

  • යෙසායා 58:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “‘අප නිරාහාරව සිටියත් ඔබ අප දෙස නොබැලුවේ මන්ද?+ අප අපේ පව් ගැන දුක් වුණත්*+ ඔබ එය අගය නොකළේ මන්ද’+ කියා ඔබ අසන්නහුය.

      “එහෙත් ඔබ නිරාහාරව සිටියදීත් ක්‍රියා කරන්නේ ඔබේම කැමැත්තට අනුවයි. ඔබ බලහත්කාරයෙන් ඔබේ සේවකයන්ගෙන් වැඩ ගන්නහුය.+

  • යෙරෙමියා 11:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එබැවින් මම ඔවුන් පිටට විපත්ති ගෙනෙන්නෙමි.+ ඉන් ගැලවී යෑමට ඔවුන්ට කිසිසේත් නොහැකි වන්නේය.+ එදාට ඔවුහු මාගෙන් පිහිට පතන්නෝය. නමුත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙමි.+ එසේ පවසන්නේ යෙහෝවා දෙවි වන මමය.

  • එසකියෙල් 8:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ නිසා මම මහත් කෝපයකින් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්නෙමි.+ මට ඔවුන් ගැන කිසි දුකක්වත් අනුකම්පාවක්වත් ඇති වන්නේ නැත.+ ඔවුන් මහත් හඬින් මට මොරගැසුවද මම ඔවුන්ට සවන් නොදෙන්නෙමි.”+

  • සෙකරියා 7:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “‘මා ඔවුන්ට කතා කළ විට ඔවුහු මට ඇහුම්කන් නොදුන්නෝය.+ එබැවින් ඔවුන් මට හඬගසන විට මමද ඔවුන්ට සවන් නොදුන්නෙමි.’+ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න