ලෙවී කතාව 26:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරින්නෙමි.+ මම කඩුවක් පිටතට ගෙන එය ඔබ පසුපස ලුහුබැඳ යෑමට සලස්වන්නෙමි.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් කර ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+ ද්විතීය කතාව 28:64 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 64 “යෙහෝවා දෙවි පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වාසය කරන ජාතීන් අතරට ඔබව විසුරුවාහරියි.+ එහිදී ඔබට සිදු වෙන්නේ ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් කෙදිනකවත් නොදැන සිටි ලීවලින් හා ගල්වලින් සෑදූ බොරු දෙවිවරුන්ට සේවය කරන්නයි.+ ගීතාවලිය 106:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔවුන්ගෙන් පැවතෙන්නන් වෙනත් ජාතීන් අතින් මැරුම් කන බවටත්+ඔවුන්ව වෙනත් දේශයන්වලට විසුරුවාහරින බවටත්+ ඔහු දිවුරා පොරොන්දු වුණේය. යෙරෙමියා 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යූදාහි රජු වූ හෙසකියාගේ පුත් මනස්සේ යෙරුසලමේදී කළ දේවල් නිසා+ මම මේ සෙනඟ පිටට විපත්ති ගෙනෙන්නෙමි. ඔවුන්ට සිදු වන දේ දැක පොළොවේ සියලු රාජ්‍යයන් බියෙන් වෙවුලනු ඇත.+
33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරින්නෙමි.+ මම කඩුවක් පිටතට ගෙන එය ඔබ පසුපස ලුහුබැඳ යෑමට සලස්වන්නෙමි.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් කර ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+
64 “යෙහෝවා දෙවි පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වාසය කරන ජාතීන් අතරට ඔබව විසුරුවාහරියි.+ එහිදී ඔබට සිදු වෙන්නේ ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් කෙදිනකවත් නොදැන සිටි ලීවලින් හා ගල්වලින් සෑදූ බොරු දෙවිවරුන්ට සේවය කරන්නයි.+
27 ඔවුන්ගෙන් පැවතෙන්නන් වෙනත් ජාතීන් අතින් මැරුම් කන බවටත්+ඔවුන්ව වෙනත් දේශයන්වලට විසුරුවාහරින බවටත්+ ඔහු දිවුරා පොරොන්දු වුණේය.
4 යූදාහි රජු වූ හෙසකියාගේ පුත් මනස්සේ යෙරුසලමේදී කළ දේවල් නිසා+ මම මේ සෙනඟ පිටට විපත්ති ගෙනෙන්නෙමි. ඔවුන්ට සිදු වන දේ දැක පොළොවේ සියලු රාජ්‍යයන් බියෙන් වෙවුලනු ඇත.+