ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 9:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මම ඊශ්‍රායෙල් ජාතියට දුන් දේශයෙන් ඔවුන්ව පන්නා දමන්නෙමි.+ මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා ගොඩනැඟූ මේ ගෘහයද මම අත්හරින්නෙමි.+ එවිට ඊශ්‍රායෙල් ජනයා අනිවාර්යයෙන්ම වෙනත් ජාතීන්ගේ නින්දා*+ අපහාසවලට ලක් වනු ඇත.

  • 1 රාජාවලිය 9:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මේ ගෘහයද නටබුන් ගොඩක් වන්නේය.+ එය පසු කර යන සියල්ලෝ පුදුමයෙන් ඒ දෙස බලා+ උසුළුවිසුළු කරමින්, ‘මේ දේශයටත් මේ ගෘහයටත් යෙහෝවා දෙවි මෙවැනි දෙයක් කළේ ඇයි’+ කියා විමසනු ඇත.

  • යෙරෙමියා 7:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මම ෂීලෝ නුවරට කළ දේම මාගේ නාමය දරන මේ ගෘහයටත් කරන්නෙමි.+ මේ ගෘහය ඔබට ආරක්ෂාවක් වෙයි කියා ඔබ සිතුවද+ ෂීලෝ නුවරට සිදු වූ දේ අනිවාර්යයෙන්ම මෙයටත් සිදු වන්නේය.+ ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් මා දුන් ඒ ස්ථානය විනාශ වී යන්නේය.

  • මීකා 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ කරන මේ දේවල් නිසා කෙතක් හාන්නාක් මෙන් සියොන් නුවර නාස්ති කරනු ලබන්නේය. යෙරුසලම නටබුන් ගොඩක් බවට පත් වන්නේය.+ දේවමාලිගාව පිහිටා තිබෙන කන්ද පාළු කැලෑවක් මෙන් වන්නේය.

  • මතෙව් 24:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබට මේ සියල්ල පේනවා නේද? ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මෙහි සෑම ගලක්ම බිමට හෙළනු ලබන බවයි.”+

  • මාක් 13:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එවිට යේසුස්, “ඔබ දකින මේ මහත් ගොඩනැඟිලි+ සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. මෙහි තිබෙන සෑම ගලක්ම+ බිමට හෙළනු ලබනවා”+ කියා පැවසුවේය.

  • ලූක් 19:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 ඔවුන් ඔබවත් ඔබේ දරුවන්වත් පොළොවේ ගසා මරා දමයි.+ ඔවුන් ඔබේ නුවර සහමුලින්ම විනාශ කරයි. එහි සෑම ගලක්ම බිමට හෙළනු ලබනවා.+ ඒ සියල්ල ඔබට සිදු වන්නේ ඔබව සෝදිසියට ලක් කළ කාලයේදී ඔබ මුරණ්ඩු ලෙස ක්‍රියා කළ නිසයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න